සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම තොරතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත.

ක්‍රෙඩිට් කාඩ්පතක ස්වරූපයෙන් යුතු ජංගම දුරකථනය Light


ක්‍රෙඩිට් කාඩ්පතක ප්‍රමාණයේ Light ජංගම දුරකථනය පිළිබඳව කාගෙත් අවධානය යොමු වෙමින් පවතී. එහි විශේෂත්වය වන්නේ එය ඔබගේ මුදල් පසුම්බියේ වුවද ගෙන යා හැකි ප්‍රමාණයේ තුනී බවකින් හා සැහැල්ලු Thin and Light බවකින් යුක්ත වීමයි.

ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනයේ App එකක් හරහා සම්බන්ධ වන Light 'කාඩ්පත්' දුරකථනය එයටම වෙන් වූ සිම් කාඩ් පතකින් යුක්ත වෙයි. මේ නිසා ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය ඇතුව හෝ නැතුව Light මඟින් ඔබට දුරකථන ඇමතුම් ලබා ගත හැක.

එහෙත් ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනයේ email, sms, FB, වැනි අනෙකුත් යාවත්කාලින කිරීම් Updates ඔබට Light හරහා ලබා ගත නොහැක. එය දුරකථන ඇමතුම් සඳහාම කැප වූ දුරකථනයකි. මේ නිසා එහි බැටරි ආයු කාලය දින 20කට වඩා වැඩි විය හැකි බව එහි නිෂ්පාදකවරු පවසති. Light දුරකථනය ඉතා සරලය. සැහල්ලුය. ඔබගේ ජීවිතයද සරල හා සැහැල්ලු කිරීම එහි අරමුණ ලෙස ඔවුන් හඳුන්වති.

Light දුරකථනය 2016 මැද භාගයේ ලෝක වෙළෙඳපොළට නිකුත් වීමට නියමිතය. ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත ඔබගේ ජංගම දුරකථනයෙන් වෙන් කොට හඳුනා ගැනීම අසීරු වන  කාලය වැඩි ඈතක නොවන බව අපගේ හැඟීමයි.

C-Net ඇසුරෙනි.

No comments:

Post a Comment

මෙම බ්ලොග් අඩවිය ඔබට යම් ආකාරයක අත්වැලක් වී නම් ඉහත දැක්වෙන ඕනෑම social network එකක් හරහා ඔබගේ මිතුරන් අතර share කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබට සේම ඔවුන්ටද මෙම බ්ලොග් අඩවිය ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි.

ඔබ අපේක්ෂා කල තොරතුරු මෙහි අඩංගු නොවේ නම් කරුණාකර අපට දන්වන්න. හැකි සෑම අයුරකින්ම අපි ඔබ දැනුවත් කිරීමට සහය වෙමු.

ඔබට මෙම බ්ලොග් අඩවියේ යාවත්කාලින කිරීම් updates පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් වීම (RSS feeds) අවශ්‍ය නම් ඉහත Posts (Atom) භාවිතා කිරීම වඩා සුදුසුය.



අමතර වදනක්...
ඔබගේ බැංකුව සමඟ ඔබ සවිමත් සම්බන්ධතාවයක් ගොඩ නඟා ගැනීම ඔබට බෙහෙවින් වාසිදායකය.
ඔබ විසින් බැංකුව වෙත ඉදිරිපත් කරන ලිඛිත ඉල්ලීම් මේ සඳහා ඔබට උපකාරී වන එක් වැදගත් සාධකයකි.

එහි වැදගත්මක අවබෝධකරගත් අප විසින් ඒ වෙනුවෙන්ම වෙනම විශේෂ බ්ලොග් පිටුවක් ආදරණිය ඔබ වෙනුවෙන් සකස් කර ඇත්තෙමු. නොමිලේ ඔබ වෙත සැපයෙන මෙම PDF ලිපි බාගත කරගෙන එයින් මුද්‍රිත පිටපත් ලබාගෙන ඔබගේ බැංකු කටයතු වඩාත් පහසුවෙන් හා ආකර්ශණියව ඉටු කරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

අපගේ දැක්ම

ශ්‍රී ලංකාව තුළ හා ඉන් බැහැරව ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකික ක්‍රෙඩිට් කාඩ්පත් හිමිකරුවන්ගේ හදවතට වඩාත් සමීප වෘත්තිමය බ්ලොග් අඩවිය බවට පත් වීම.


අපගේ මෙහෙවර

ක්‍රෙඩිට් කාඩ්පත් සහ ඒ ආශ්‍රිත ඕනෑම ක්ෂේත්‍රයක් පිළිබඳව උනන්දුවක් දක්වන, අන්තර්ජාලයේ ඔබමොබ සැරිසරන, නීතිගරුක, විභව ගනුදෙනුකරුවන් හා සේවාදායකයන් හැකිතාක් අප වෙත ආකර්ෂණය කර ගනිමින්, උපදේශනය, දැනුවත් කිරීම, ව්‍යාපාරික හා රාජකාරි කටයුතු සඳහා ලිපි ලේඛණ සකස් කිරීම ආදී සේවා රැසක් ඔවුන් වෙත කඩිනමින් හා නිරවද්‍යව ලබා දෙමින්, ශ්‍රී ලාංකික ක්‍රෙඩිට් කාඩ්පත් ක්ෂේත්‍රය මුළුමනින්ම නැවුම් යුගයක් කරා වහ වහා රැගෙන යන්නෙමු.