සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම තොරතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත.

වෙනිසියුලාවේ ආර්ථික පසුබෑම තුළ MasterCard සාර්ථකත්වය


වෙනිසියුලාවේ ආර්ථික පසුබෑමත් Economic depression සමඟ එරට ව්‍යාපාර වේගයෙන් බුන්වත් භාවයට පත් වෙමින්, භාණ්ඩ අලෙවිසැල් හිස් වෙමින්, ජනතාවගේ භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව ශූන්‍ය වෙමින් පවතී.

හියුගෝ චාවේස්ට පසුව වෙනිසියුලාවේ ජනාධිපති බවට පත් වූ නිකලස් මදුරෝ හඳුන්වා දුන් නව විනිමය වෙළෙඳපොලද එතරම් සාර්ථක වූ බවක් පෙනෙන්නට නොමැත. වෙනිසියුලානු දේශිය මුදල් ඒකකය වන බොලිවර් මුදල් ඒකකය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 74% කින් පහත වැටී ඇති බව නිරීක්ෂණය වී ඇත.

එරට විදේශ ආයෝජන සම්බන්ධයෙන් නම් ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටි Air Canada, Ford Motors වැනි ලෝ පතල සමාගම් බොහොමයක් දැනටමත් වෙනිසියුලාව සමඟ ගනුදෙනු සිදු කිරීම සීමා කර ඇත. අන්තර්ජාතික මූල්‍ය අරමුදල IMF අනාවැකි පළ කරන ආකාරයට 2014 දී 4%ක් වූ වෙනිසියුලානු ආර්ථික පසු බැස්ම 2015 අවසානය වන විට 7% ක් දක්වා පහළ යා හැකිය.

එහෙත් මේ සිදුවීම් සියල්ල අතර තුර MasterCard ජාලය නම් මේ අවස්ථාවෙන් උපරිම ඵල නෙලන සෙයකි.

භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිළ මට්ටම අඛණ්ඩ ලෙස ඉහළ යාමත් Inflation, ඒ හා සමගාමීව දිනෙන් දින ඉහළ යන අපරාධ රැල්ලත් හේතුවෙන් වෙනිසියුලානු ජනතාව තම අතැති මුදල් Cash in Hand, නෝට්ටු හා කාසි වශයෙන් තබා ගැනීම සම්පූර්ණයෙන්ම වාගේ අත්හිටුවීම මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. ඔවුන් ඔවුන්ගේ සියළු මුදල් ගනුදෙනු MasterCard ජාලය හරහා ක්‍රියාත්මක වන ණය කඩ්පත් credit cards මඟින් සිදු කිරීමට පියවර ගෙන ඇත.

වෙනිසියුලානු වැසියන් කුමාර ලීලාවෙන් අත දිග හැර තම ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනු සිදු කිරීමත් සමඟ MasterCard ජාලයේ ආදායම බෙහෙවින් ඉහළ ගොස් තිබේ.

"කවුරු කොහොම කිවුවත් වෙනිසියුලානු  ආර්ථිකය අපට නම් යහපත්" යැයි පවසන්නේ ලතින් ඇමරිකානු MasterCard ප්‍රධානි Gilberto Caldart ය. වෙනිසියුලානු බැංකු හරහා MasterCard වෙත අයවිය යුතු ගාස්තු ඇමරිකානු ඩොලර් ලෙස අයකරගනිමින්, බොලිවර් ලෙස උපයන ආදායම එරට ස්ථාවර දේපල වත්කම් Fixed Assets බවට පත්කර ගනිමින් MasterCard වෙනිසියුලාව තුළ දිගු ගමනක් ඇරඹීමට බලාපොරොත්තු වන බව අපගේ අදහසයි.


Bloomberg ඇසුරෙනි 

No comments:

Post a Comment

මෙම බ්ලොග් අඩවිය ඔබට යම් ආකාරයක අත්වැලක් වී නම් ඉහත දැක්වෙන ඕනෑම social network එකක් හරහා ඔබගේ මිතුරන් අතර share කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබට සේම ඔවුන්ටද මෙම බ්ලොග් අඩවිය ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි.

ඔබ අපේක්ෂා කල තොරතුරු මෙහි අඩංගු නොවේ නම් කරුණාකර අපට දන්වන්න. හැකි සෑම අයුරකින්ම අපි ඔබ දැනුවත් කිරීමට සහය වෙමු.

ඔබට මෙම බ්ලොග් අඩවියේ යාවත්කාලින කිරීම් updates පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් වීම (RSS feeds) අවශ්‍ය නම් ඉහත Posts (Atom) භාවිතා කිරීම වඩා සුදුසුය.



අමතර වදනක්...
ඔබගේ බැංකුව සමඟ ඔබ සවිමත් සම්බන්ධතාවයක් ගොඩ නඟා ගැනීම ඔබට බෙහෙවින් වාසිදායකය.
ඔබ විසින් බැංකුව වෙත ඉදිරිපත් කරන ලිඛිත ඉල්ලීම් මේ සඳහා ඔබට උපකාරී වන එක් වැදගත් සාධකයකි.

එහි වැදගත්මක අවබෝධකරගත් අප විසින් ඒ වෙනුවෙන්ම වෙනම විශේෂ බ්ලොග් පිටුවක් ආදරණිය ඔබ වෙනුවෙන් සකස් කර ඇත්තෙමු. නොමිලේ ඔබ වෙත සැපයෙන මෙම PDF ලිපි බාගත කරගෙන එයින් මුද්‍රිත පිටපත් ලබාගෙන ඔබගේ බැංකු කටයතු වඩාත් පහසුවෙන් හා ආකර්ශණියව ඉටු කරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

අපගේ දැක්ම

ශ්‍රී ලංකාව තුළ හා ඉන් බැහැරව ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකික ක්‍රෙඩිට් කාඩ්පත් හිමිකරුවන්ගේ හදවතට වඩාත් සමීප වෘත්තිමය බ්ලොග් අඩවිය බවට පත් වීම.


අපගේ මෙහෙවර

ක්‍රෙඩිට් කාඩ්පත් සහ ඒ ආශ්‍රිත ඕනෑම ක්ෂේත්‍රයක් පිළිබඳව උනන්දුවක් දක්වන, අන්තර්ජාලයේ ඔබමොබ සැරිසරන, නීතිගරුක, විභව ගනුදෙනුකරුවන් හා සේවාදායකයන් හැකිතාක් අප වෙත ආකර්ෂණය කර ගනිමින්, උපදේශනය, දැනුවත් කිරීම, ව්‍යාපාරික හා රාජකාරි කටයුතු සඳහා ලිපි ලේඛණ සකස් කිරීම ආදී සේවා රැසක් ඔවුන් වෙත කඩිනමින් හා නිරවද්‍යව ලබා දෙමින්, ශ්‍රී ලාංකික ක්‍රෙඩිට් කාඩ්පත් ක්ෂේත්‍රය මුළුමනින්ම නැවුම් යුගයක් කරා වහ වහා රැගෙන යන්නෙමු.