සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම තොරතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත.

PayPal ඇන ගනී



PayPal සමාගම ඔවුන්ගේ ගනුදෙනුකරුවන් නිසි පරිදි දැනුවත් කිරීමකින් තොරව එම ගනුදෙනුකරුවන් PayPal Card නම් Credit Card ව්‍යපෘතියකට බඳවා ගෙන ඇතැයි ඇමරිකානු එක්සත් ජනපදයේ පාරිභෝගික මූල්‍ය ආරක්ෂණ කාර්යාංශය US Consumer Financial Protection Bureau (USCFPB) චෝදනා  කරයි. 

සාමාන්‍ය PayPal ගිණුමකට ලියාපදිංචි වීමේ අදහසින් PayPal වෙබ් අඩවියට ප්‍රවේශ වන ගනුදෙනුකරුවන් එහි ඇති නොමඟ යවන සුළු තොරතුරු අනුව ක්‍රියා කරමින් නොදැනුවත්වම එම Credit Card ව්‍යාපෘතියට ලියාපදිංචි වී ඇති බව USCFPB ප්‍රධාන අධ්‍යක්ෂක Richard Cordray පවසයි.

මීට දශකයකට පෙර eBay විසින් එහි ගෙවුම් පද්ධතිය ලෙස තෝරා ගෙන මිළ දී ගැනුනු PayPal සමාගමට විරුද්ධව දැනට චෝදනා රාශියක් එල්ල වී ඇත. දෝශ සහිත ලෙස ගනුදෙනු සටහන් කිරීම, ගෙවුම් චෙක්පත් අස්ථානගත වන පරිදි ක්‍රියා කිරීම, නොසැලකිලිමත්භාවය, බිල්පත් ආරවුල් නිසි ලෙස කළමනාකරණය නොකිරීම, Credit Card ව්‍යාපෘතියට බැඳෙන ගනුදෙනුකරුවන් සඳහා ලියාපදිංචියේදී ලබා දෙන බවට පොරොන්දු වූ ඇ.ඩො. 10 ක ණය මුදල ලබා දීම පැහැර හැරීම ඒ අතර ප්‍රධාන වේ. 

අවුල ලිහා ගැනීම සඳහා අගතියට පත් පාර්ශවයන්ට PayPal සමාගම විසින් ඇ.ඩො. මිලියන 15 ක වන්දි ගෙවීමේ අරමුදලක් සූදානම් කිරීමට නියමිත බවත්, සිදු වූ අතපසු වීම් සම්බන්ධයෙන් USCFPB වෙත  ඇ.ඩො. මිලියන 10 ක දඩ මුදලක් ගෙවීමට සිදු වී ඇති බවත් සැළවී ඇත.

PayPal ඇමරිකානු රජයට දඩ ගෙවන දෙවන අවස්ථාව මෙයයි. ඉරානයට, කියුබාවට හා සූඩාන රාජ්‍යයන්ට ඇ.එ.ජ. විසින් පනවා තිබූ සම්බාධක නොතකා එම රටවලට PayPal සේවාව විවෘත කිරීම ඔවුන් සිදු කළ මුල්ම වරද ලෙස සැලකේ.

මේ සම්බන්ධයෙන් PayPal භාවිතා කරන ශ්‍රී ලාංකිකයින් ලෙස අප එතරම් බිය විය යුතු නැත. ඇත්තේ සිහිබුද්ධියෙන් යුතුව අපගේ PayPal ගිණුම පරිහරණය කිරීමයි. PayPal වෙතින් ලැබෙන Offers විමසිලිත්ව කියවා බැලීමෙන් අනතුරුව පමණක් ඒවා සඳහා කැමැත්ත පළ කිරීමයි. නැතිව ගිණුම සම්පූර්ණයෙන් වසා දැමීම නොවේ.

සුභ දවසක් වේවා!




Newswire  ඇසුරෙනි

No comments:

Post a Comment

මෙම බ්ලොග් අඩවිය ඔබට යම් ආකාරයක අත්වැලක් වී නම් ඉහත දැක්වෙන ඕනෑම social network එකක් හරහා ඔබගේ මිතුරන් අතර share කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබට සේම ඔවුන්ටද මෙම බ්ලොග් අඩවිය ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි.

ඔබ අපේක්ෂා කල තොරතුරු මෙහි අඩංගු නොවේ නම් කරුණාකර අපට දන්වන්න. හැකි සෑම අයුරකින්ම අපි ඔබ දැනුවත් කිරීමට සහය වෙමු.

ඔබට මෙම බ්ලොග් අඩවියේ යාවත්කාලින කිරීම් updates පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් වීම (RSS feeds) අවශ්‍ය නම් ඉහත Posts (Atom) භාවිතා කිරීම වඩා සුදුසුය.



අමතර වදනක්...
ඔබගේ බැංකුව සමඟ ඔබ සවිමත් සම්බන්ධතාවයක් ගොඩ නඟා ගැනීම ඔබට බෙහෙවින් වාසිදායකය.
ඔබ විසින් බැංකුව වෙත ඉදිරිපත් කරන ලිඛිත ඉල්ලීම් මේ සඳහා ඔබට උපකාරී වන එක් වැදගත් සාධකයකි.

එහි වැදගත්මක අවබෝධකරගත් අප විසින් ඒ වෙනුවෙන්ම වෙනම විශේෂ බ්ලොග් පිටුවක් ආදරණිය ඔබ වෙනුවෙන් සකස් කර ඇත්තෙමු. නොමිලේ ඔබ වෙත සැපයෙන මෙම PDF ලිපි බාගත කරගෙන එයින් මුද්‍රිත පිටපත් ලබාගෙන ඔබගේ බැංකු කටයතු වඩාත් පහසුවෙන් හා ආකර්ශණියව ඉටු කරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

අපගේ දැක්ම

ශ්‍රී ලංකාව තුළ හා ඉන් බැහැරව ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකික ක්‍රෙඩිට් කාඩ්පත් හිමිකරුවන්ගේ හදවතට වඩාත් සමීප වෘත්තිමය බ්ලොග් අඩවිය බවට පත් වීම.


අපගේ මෙහෙවර

ක්‍රෙඩිට් කාඩ්පත් සහ ඒ ආශ්‍රිත ඕනෑම ක්ෂේත්‍රයක් පිළිබඳව උනන්දුවක් දක්වන, අන්තර්ජාලයේ ඔබමොබ සැරිසරන, නීතිගරුක, විභව ගනුදෙනුකරුවන් හා සේවාදායකයන් හැකිතාක් අප වෙත ආකර්ෂණය කර ගනිමින්, උපදේශනය, දැනුවත් කිරීම, ව්‍යාපාරික හා රාජකාරි කටයුතු සඳහා ලිපි ලේඛණ සකස් කිරීම ආදී සේවා රැසක් ඔවුන් වෙත කඩිනමින් හා නිරවද්‍යව ලබා දෙමින්, ශ්‍රී ලාංකික ක්‍රෙඩිට් කාඩ්පත් ක්ෂේත්‍රය මුළුමනින්ම නැවුම් යුගයක් කරා වහ වහා රැගෙන යන්නෙමු.