සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම තොරතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත.

ක්‍රෙඩිට් කාඩ්පත අයදුම් කිරීමට අසල්වැසි සහය



CardsLanka පාඨක රසික රසිකාවියන් නිරතුරුවම ඔවුන්ගේ ගැටළු, යෝජනා සහ අදහස් අප වෙත යොමු කරයි. ඒ අතුරෙන් ඔවුන් අපගෙන් නැවත නැවතත් පුන පුනා විමසුම් කෙරෙන යම් යම් ගැටළුකාරී අවස්ථා අප විශේෂයෙන් නිරීක්ෂණය කරමු. ඒවාට පැහැදිලි හා තීරණාත්මක පිළිතුරු අප්‍රමාදව ලබා දීමට උත්සුක වෙමු.

අපගේ අවධානය යොමු වූ එවන් එක් ගැටළුවක් වන්නේ ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම්කරුට ඔහු / ඇය පදිංචි ලිපිනයේ ස්ථාවර දුරකථන අංකයක් නොමැති වීමයි. බොහෝ බැංකු මෙවන් ස්ථාවර දුරකථන අංකයක් පිළිබඳව ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම්කරුගෙන් විමසුම් කිරීම බැංකුවේ දෘශ්ඨි කෝණයෙන් හේතු සහිතය. සාධාරණය. ඒ ඇයි?

ඔබට ක්‍රෙඩිට් කාඩ්පතක් නිකුත් කළ පසු ඒ පිළිබඳව යම් හදිසි අවස්ථාවක දැනුවත් කිරීමට බැංකුවට ඔබ හැකි ඉක්මණින් සම්බන්ධ කර ගත හැකි විය යුතුය. ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත ඔබ නොදැනුවත්ව අස්ථාන ගත විය හැක. වෙනත් අයෙකු විසින් එම කාඩ්පත සොයාගෙන එය ළඟම ඇති බැංකු ශාඛාවකට භාර දීමට ඉඩ ඇත. අනෙක් අතට එය සොයාගත් තැනැත්තා සොර සිතැතිව ඉන් භාණ්ඩ මිළදී ගැනීමට ඉඩ ඇත. ඔබගේ කාඩ්පත සෑම වසරකටම හෝ වසර දෙකකට වරක් කල් ඉකුත් විය හැක. ඔබගේ අතින් කාඩ්පත සඳහා ගෙවීම් අතපසු විය හැක.

මෙවන් අවස්ථා රාශියක්දී ඔබගේ බැංකුවට අවශ්‍ය වන්නේ ඔබ අමතා අදාළ පණිවිඩය ඔබ අතට පත් කිරීමයි. ඔබගේ ආරක්ෂාව තහවුරු කිරීමයි. ඔබගේ තොරතුරු වෙනත් අයෙකු වෙත පත්වීම වැළක්වීමයි. ඔබ ණය ගෙවීම පැහර හරින්නෙකු ලෙස ණය තොරතුරු කාර්යාංශයේ සටහන් වීම වළක්වාලීමයි. වඩාත්ම වැදගත් - ඔබ වගකිවයුතු, ඔබ ලබාගත් ණය ආරක්ෂා කිරීමයි.

ඔබගේ ජංගම දුරකථනය මේ සියළු කටයුතු සඳහා ප්‍රමාණවත් බව ඇත්තකි. එහෙත් ඇතැම් ජංගම දුරකථන හිමකරුවන් ඒවා වගකීමකින් යුතුව භාවිතා නොකරති. නිරන්තරයෙන් සක්‍රියව තබා නොගනිති. කලට වේලාවට charge කර නිසි ලෙස නඩත්තු නොකරති. තම ජංගම දුරකථන සම්බන්ධතාවය සුළු සිදුවීමකට, සුළු ලාභයකට, විසන්ධි කර අළුත් සම්බන්ධතාවයක් ලබා ගනිති. කල්පනාකාරී නොවෙති.

සරලව කියතොත් බැංකුවකට ක්‍රෙඩිට් කාඩ්පත් අයදුමකරුගේ ජංගම දුරකථනය මත විශ්වාසය තබා කටයුතු කිරීම අසීරුය. අවදානම සහගතය. (එහෙත් ඇතැම් බැංකු මෙම අවදානම භාර ගෙන ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරන අවස්ථා ද නැත්තේ නොවේ. තීරණය බැංකුව සතුය.)

ඒ අනුව බැංකුවක් ක්‍රෙඩිට් කාඩ්පත අයදුම්කරුවෙකුගෙන් ඔහු පදිංචි ලිපිනයේ ඇති ස්ථාවර දුරකථනය පිළිබඳව විමසුම් කිරීම පුදුමයක් නොවේ.

හොඳයි. දැන් මීට විකල්ප විසඳුමක් සිතමු. ඔබ පදිංචි ලිපිනයට ස්ථවර දුරකථනයක් නැත. ඔබට ඇත්තේ ජංගම දුරකථනයක් පමණි. එහෙත්...

...ඔබගේ නිවසට යාබදව හෝ සමීපයේ සිටින අසල්වැසියෙකුට ස්ථාවර දුරකථන අංකයක් ඔහුගේම නමින් තිබිය හැක. ඔහුගේ අනුමැතිය මත ඔබට එම ස්ථාවර දුරකථන අංකය බැංකුව වෙත ලබා දිය හැකි නම්, එම අංකය භාර ගැනීමට බැංකුව එකඟ වන්නේ නම්, එය කදිම පිළියමක් වනු ඇත.

ප්‍රථමයෙන්ම මේ සඳහා ඔබ සිදු කළ යුත්තේ ඔබගේ නිවස සමීපයේ පදිංචි එම අසල්වැසි මහතා විවේක වේලාවකදී මුණ ගැසීමයි. ඔබ සුහදව ඔහු සමඟ කථා බස් කළ යුතුය. ක්‍රෙඩිට් කාඩ්පතක් අයදුම් කිරීමට ඇති ඔබගේ අවශ්‍යතාවය නොසඟවා හෙළි කළ යුතුය. එසේම ඔබ ඔහුගෙන් ඉල්ලා සිටින්නේ ඇපවීමක් ද නොවන බව පැහැදිළිව තේරුම් කර දිය යුතුය. (ක්‍රෙඩිට් කාඩ්පතක් ලබා ගැනීම සඳහා කිසි විටෙකත් ඇප ඉදිරිපත් කිරීමක් අවශ්‍ය නොවේ)

ඔහුගෙන් අවශ්‍ය වන්නේ ඔබගේ බැංකුව ඔබ අමතමින් ඔහුගේ ස්ථාවර දුරකථන අංකයට ලබාගන්නා ඇමතුම් ඔහු විසින් ලබාගෙන අදාළ පණිවිඩය හැකි ඉක්මණින් ඔබ අතට පත් කරන බවට තහවුරුවකි. ප්‍රකාශයකි.

ඔබ විසින් සම්පූර්ණ කර අත්සන් යොදා පසුව ඔහු වෙත ඉදිරිපත් කර ඔහුගේ අත්සන් ලබා ගත යුතු රාජකාරි මට්ටමේ සම්මත ලිපියක් මේ සමඟ ඔබ වෙත පිරිනමමු. 

මෙය ඔබ විසින් බාගත කරගෙන මුද්‍රිත පිටපත් ලබා ගත යුතුය. ඔබගේ සියළු කටයුතු සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරමු.

No comments:

Post a Comment

මෙම බ්ලොග් අඩවිය ඔබට යම් ආකාරයක අත්වැලක් වී නම් ඉහත දැක්වෙන ඕනෑම social network එකක් හරහා ඔබගේ මිතුරන් අතර share කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබට සේම ඔවුන්ටද මෙම බ්ලොග් අඩවිය ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි.

ඔබ අපේක්ෂා කල තොරතුරු මෙහි අඩංගු නොවේ නම් කරුණාකර අපට දන්වන්න. හැකි සෑම අයුරකින්ම අපි ඔබ දැනුවත් කිරීමට සහය වෙමු.

ඔබට මෙම බ්ලොග් අඩවියේ යාවත්කාලින කිරීම් updates පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් වීම (RSS feeds) අවශ්‍ය නම් ඉහත Posts (Atom) භාවිතා කිරීම වඩා සුදුසුය.



අමතර වදනක්...
ඔබගේ බැංකුව සමඟ ඔබ සවිමත් සම්බන්ධතාවයක් ගොඩ නඟා ගැනීම ඔබට බෙහෙවින් වාසිදායකය.
ඔබ විසින් බැංකුව වෙත ඉදිරිපත් කරන ලිඛිත ඉල්ලීම් මේ සඳහා ඔබට උපකාරී වන එක් වැදගත් සාධකයකි.

එහි වැදගත්මක අවබෝධකරගත් අප විසින් ඒ වෙනුවෙන්ම වෙනම විශේෂ බ්ලොග් පිටුවක් ආදරණිය ඔබ වෙනුවෙන් සකස් කර ඇත්තෙමු. නොමිලේ ඔබ වෙත සැපයෙන මෙම PDF ලිපි බාගත කරගෙන එයින් මුද්‍රිත පිටපත් ලබාගෙන ඔබගේ බැංකු කටයතු වඩාත් පහසුවෙන් හා ආකර්ශණියව ඉටු කරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

අපගේ දැක්ම

ශ්‍රී ලංකාව තුළ හා ඉන් බැහැරව ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකික ක්‍රෙඩිට් කාඩ්පත් හිමිකරුවන්ගේ හදවතට වඩාත් සමීප වෘත්තිමය බ්ලොග් අඩවිය බවට පත් වීම.


අපගේ මෙහෙවර

ක්‍රෙඩිට් කාඩ්පත් සහ ඒ ආශ්‍රිත ඕනෑම ක්ෂේත්‍රයක් පිළිබඳව උනන්දුවක් දක්වන, අන්තර්ජාලයේ ඔබමොබ සැරිසරන, නීතිගරුක, විභව ගනුදෙනුකරුවන් හා සේවාදායකයන් හැකිතාක් අප වෙත ආකර්ෂණය කර ගනිමින්, උපදේශනය, දැනුවත් කිරීම, ව්‍යාපාරික හා රාජකාරි කටයුතු සඳහා ලිපි ලේඛණ සකස් කිරීම ආදී සේවා රැසක් ඔවුන් වෙත කඩිනමින් හා නිරවද්‍යව ලබා දෙමින්, ශ්‍රී ලාංකික ක්‍රෙඩිට් කාඩ්පත් ක්ෂේත්‍රය මුළුමනින්ම නැවුම් යුගයක් කරා වහ වහා රැගෙන යන්නෙමු.