01. නිසි ලෙස සම්පුර්ණ කොට අත්සන් යෙදු ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම්පත්‍රය (duly completed and properly signed credit card application).
02. අයදුම්කරුගේ අනන්‍යතාවය තහවුරු කර ගත හැකි ලියකියවිලි
(නිදසුන්: පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පතේ National Identity Card සත්‍ය පිටපතක් True Copy ලෙස සහතික කල පිටපතක්).
03. අයදුම්කරුගේ ස්ථිර ලිපිනය permanent address තහවුරු කර ගත හැකි ලියකියවිලි
(නිදසුන්: අයදුම්කරුගේ නමින් ලැබෙන විදුලි බිල්පත්).
04. අයදුම්කරුගේ මාසික අදායම monthly income තහවුරු කර ගත හැකි ලියකියවිලි
(නිදසුන්: අදායම් බදු වාර්තා income tax reports, පිළිගත් විගණන ආයතනයකින් සහතික කරන ලද විගණන වාර්තා certified audit reports, යම් කිසි නිශ්චිත කාල වකවානුවක් සඳහා අයදුම්කරුගේ ජංගම ගිණුම් වාර්තා statements / reports on current accounts ).
05. අයදුම්කරුගේ ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකය business registration certificate
06. ඔබගේ බැංකුව විසින් ඉල්ලා සිටින වෙනත් අතිරේක ලියවිලි supportive documents
සමාගම්, හවුල් ව්‍යාපාර, සමුපකාර සමිති, සංගම්, සංස්ථා, මණ්ඩල වැනි පුද්ගලයින් කිහිප දෙනෙකු හෝ රාශියක් නියෝජනය වන අවස්ථාවකදී ක්‍රෙඩිට් කාඩ්පතක් සාමාන්‍යයෙන් නිකුත් නොකෙරේ. පුද්ගලයින් කිහිප දෙනෙකුට හෝ රාශියකට එක් ක්‍රෙඩිට් කාඩ්පතක් නිකුත් කිරීම ප්‍රයෝගික නොවේ. එවැනි ක්‍රෙඩිට් කාඩ්පතකින් භාවිතා කළ මුදල් අයකර ගැනීමේදී බැංකු සංකීර්ණ ගැටළු වලට මැදි වනු ඇත.
(ඉතා වැදගත්: ව්‍යාජ ලිපි ලේඛණ සකස් කිරීම හෝ සත්‍ය තොරතුරු වසන් කිරීම මඟින් ඔබගේ බැංකුව නොමඟ යැවීමට උත්සාහ කිරීම, එසේ නොමඟ යැවීම, හෝ වෙනත් වංචාසහගත ක්‍රියාකාරකම් සිදු කිරීම හෝ ඒවාට අනුබල දීම ඔබට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට හේතුවන බරපතළ වරදකි)
සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම තොරතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත.
No comments:
Post a Comment