සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම තොරතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත.

ණය පියවීම


ඔබ විසින් ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කර ගණුදෙණු කිරීමේදී ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතේ භාවිතා කල හැකි ණය ශේෂය (available balance) ක්‍රමයෙන් අඩු වනු ඇත. භාවිතා කළ  ණය  ශේෂය (out standing balance) වැඩි වනු ඇත.

මෙම භාවිතා කල ණය ශේෂය මසකට වරක් ඔබට මාසික බිල්පතක් (monthly statement) මඟින් සිහිපත් කෙරෙනු ඇත. එම බිල්පත මුද්‍රණය වන දිනට (statement date) අදාළව එම මුද්‍රණ දිනය දක්වා ඔබ විසින් සිදු කල ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනු වල සාරාංශයක් (summary) එහි සඳහන් වනු ඇත.

නිතරම ඔබට ලැබෙන මාසික ප්‍රකාශණය ප්‍රවේශමෙන් කියවීම වැදගත්ය. ඇතැම් විට එකම ගනුදෙනුව දෙවරක් (duplicates) සටහන් වී තිබිය හැක. ඔබගේ නමේ හෝ ලිපිනයේ දෝෂ තිබිය හැක. ගෙවීම් කල යුතු දිනය (payment due date) වැරදි සහගත විය හැක. එම නිසා සෑම බිල්පතක්ම විමසිල්ලෙන් කියවන්න. දෝෂ සහිත නම් වහාම ඔබගේ බැංකුව අමතන්න.

ක්‍රෙඩිට් කාඩ්පතක ණය පියවීමට සුදුසු ලාභදායීම ක්‍රියා පිළිවෙත කුමක්ද? ඒ සඳහා අවබෝධයක් ලබා ගැනීමට ක්‍රෙඩිට් කාඩ්පත් මාසික ප්‍රකාශණයක ඇතුලත් වන වැදගත් අංග කිහිපයක් සලකා බලමු.



  1. මාසික ප්‍රකාශනය මුද්‍රිත දිනය (statement date) 
  2. ගෙවීම් කළ යුතු දිනය (payment due date) 
  3. භාවිතා කර ඇති සම්පුර්ණ ණය ප්‍රමාණය (total outstanding)
  4. සම්පුර්ණ ණය ප්‍රමාණයෙන් ගෙවිය යුතු අවම මුදල (minimum payment due)



මෙම අංග හතරෙන් ඔබට අවබෝධ කරගත හැකි සරල සාරාංශය නම්,


සම්පුර්ණ ණය මුදල ගෙවීමේ අවශ්‍යතාවයක් නැත. 

ඉන් කොටසක් පමණක් ගෙවීම ප්‍රමාණවත් ය. 

එහෙත් එම ගෙවීම් ප්‍රමාණය, ගෙවිය යුතු අවම මුදල හෝ ඊට වඩා වැඩි අගයක් ගත යුතුය. 

එසේම මෙම ගෙවීම් කිරීම ගෙවීම් කල යුතු දිනට කලින් ගෙවිය යුතුය.


ඉහත සාරාංශය තවදුරටත් විග්‍රහ කළහොත්,

ගෙවීම් කළ යුතු දිනය ඉකුත් වී ගෙවීම් කළ විට,

අවම මුදල හෝ ඊට වඩා වැඩි මුදලක් හෝ ගෙවීම් කිරීම අතපසු වූ විට

එය ඔබට අවාසි දායකය.





සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම තොරතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත.

No comments:

Post a Comment

මෙම බ්ලොග් අඩවිය ඔබට යම් ආකාරයක අත්වැලක් වී නම් ඉහත දැක්වෙන ඕනෑම social network එකක් හරහා ඔබගේ මිතුරන් අතර share කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබට සේම ඔවුන්ටද මෙම බ්ලොග් අඩවිය ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි.

ඔබ අපේක්ෂා කල තොරතුරු මෙහි අඩංගු නොවේ නම් කරුණාකර අපට දන්වන්න. හැකි සෑම අයුරකින්ම අපි ඔබ දැනුවත් කිරීමට සහය වෙමු.

ඔබට මෙම බ්ලොග් අඩවියේ යාවත්කාලින කිරීම් updates පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් වීම (RSS feeds) අවශ්‍ය නම් ඉහත Posts (Atom) භාවිතා කිරීම වඩා සුදුසුය.



අමතර වදනක්...
ඔබගේ බැංකුව සමඟ ඔබ සවිමත් සම්බන්ධතාවයක් ගොඩ නඟා ගැනීම ඔබට බෙහෙවින් වාසිදායකය.
ඔබ විසින් බැංකුව වෙත ඉදිරිපත් කරන ලිඛිත ඉල්ලීම් මේ සඳහා ඔබට උපකාරී වන එක් වැදගත් සාධකයකි.

එහි වැදගත්මක අවබෝධකරගත් අප විසින් ඒ වෙනුවෙන්ම වෙනම විශේෂ බ්ලොග් පිටුවක් ආදරණිය ඔබ වෙනුවෙන් සකස් කර ඇත්තෙමු. නොමිලේ ඔබ වෙත සැපයෙන මෙම PDF ලිපි බාගත කරගෙන එයින් මුද්‍රිත පිටපත් ලබාගෙන ඔබගේ බැංකු කටයතු වඩාත් පහසුවෙන් හා ආකර්ශණියව ඉටු කරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

අපගේ දැක්ම

ශ්‍රී ලංකාව තුළ හා ඉන් බැහැරව ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකික ක්‍රෙඩිට් කාඩ්පත් හිමිකරුවන්ගේ හදවතට වඩාත් සමීප වෘත්තිමය බ්ලොග් අඩවිය බවට පත් වීම.


අපගේ මෙහෙවර

ක්‍රෙඩිට් කාඩ්පත් සහ ඒ ආශ්‍රිත ඕනෑම ක්ෂේත්‍රයක් පිළිබඳව උනන්දුවක් දක්වන, අන්තර්ජාලයේ ඔබමොබ සැරිසරන, නීතිගරුක, විභව ගනුදෙනුකරුවන් හා සේවාදායකයන් හැකිතාක් අප වෙත ආකර්ෂණය කර ගනිමින්, උපදේශනය, දැනුවත් කිරීම, ව්‍යාපාරික හා රාජකාරි කටයුතු සඳහා ලිපි ලේඛණ සකස් කිරීම ආදී සේවා රැසක් ඔවුන් වෙත කඩිනමින් හා නිරවද්‍යව ලබා දෙමින්, ශ්‍රී ලාංකික ක්‍රෙඩිට් කාඩ්පත් ක්ෂේත්‍රය මුළුමනින්ම නැවුම් යුගයක් කරා වහ වහා රැගෙන යන්නෙමු.