ආරක්ෂක උපක්‍රම


බොහෝ ක්‍රෙඩිට් කාඩ්පත් හිමිකරුවන් දුර දිග නොබලා තම පහසුව පිණිස ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් වෙනත් තෙවන පාර් ශවයකට (third party) - තම බිරිඳට, දුවට, පුතාට, ඥාතිවරුන් ට හෝ මිතුරන්ට - ලබා දීමට පුරුදුව සිටිති. මෙය අතිශයින්ම අවදානම්කාරී ක්‍රියාවකි. ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත තාවකාලිකව හෝ වේවා වෙනත් තෙවන පාර් ශවයක් විසින්  භාවිතා කිරීම නෛතික ගැටළු ඇති කරයි. 

එවන් අවශ්‍යතාවයක් පවතී නම් ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතට සම්බන්ධ කරන ලද වෙනත් අතිරේක කාඩ්පතක් (supplementary card) අදාළ තෙවන පාර් ශවය වෙත ලබා දීම යෝග්‍ය ය.

ක්‍රෙඩිට් කාඩ්පත පිටුපස තවමත් ඔබගේ අත්සන signature යොදා නැත්නම් වහාම එහි අත්සන යොදන්න. අත්සන් කර නොමැති ක්‍රෙඩිට් කාඩ්පතක් ඕනෑම අයෙකුට එය තමාගේ ලෙස අත්සන් යොදා වංචාසහගතව  භාවිතා කල හැක.

ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතේ දත්ත ඉල්ලා සිටින ඊමේල් phishing පණිවුඩවලට කිසිවිටෙකත් පිළිතුරු නොදෙන්න.

ඔබගේ බැංකුවෙන් යැයි පවසමින් දුරකතනයෙන් යමෙකු ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත් විස්තර ඉල්ලා සිටින විට කල්පනාකාරීවන්න. ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත් විස්තර ඔබගේ බැංකුව සතුව තිබෙන නිසා ඔවුන්ට එම විස්තර ඔබගෙන් ලබා ගැනීමට අවශ්‍ය නොවනු ඇත.

ගනුදෙනුවක් සඳහා ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත වෙළෙඳ ස්ථානයක කවුන්ටරයට ඉදිරිපත් කල විට එය ඔබගේ දර්ශන පථයෙන් (vicinity) ඔබ්බට ගෙන යන්නේනම් විමසිලිමත් වන්න. ඇතැම්විට ඔබගේ  ක්‍රෙඩිට් කාඩ්පතේ දත්ත සොරා ගැනීමක් සිදු විය හැක.

ඔබගේ පදිංචි ලිපිනය, තැපැල් ලිපිනය, ඊමේල් ලිපිනය, දුරකථන අංක, ඇතුළු අනෙකුත් සියලු පණිවුඩ ක්‍රම ඔබගේ යම් යම් අවශ්‍යතා මත කුමන හෝ ආකාරයකින් වෙනස් විය හැක. වෙනස් වූ සැනින් ඔබගේ බැංකුව වෙත නව තොරතුරු දැනුම් දෙන්න.

ක්‍රෙඩිට් කාඩ්පත සම්බන්ධ සියලු තොරතුරු ආරක්ෂා සහිතව තබා ගන්න. කාඩ්පත අස්ථානගත වූ විගස ඒ බව ඔබගේ බැංකුවට දැනුම් දෙන්න. 

ක්‍රෙඩිට් කාඩ්පතේ PIN අංකය කිසිවිටෙකත් ලිඛිතව තබා නොගන්න. එය දුරකථනය හරහා පැවසීමෙන් වලකින්න. ඊමේල් පණිවුඩ වල සඳහන් නොකරන්න.

ඔබ සිදු කරන ගනුදෙනු සඳහා ඔබ වෙත නිකුත් කෙරෙන රිසිට්පත් සුරැකිව තබා ගන්න. මාසික ප්‍රකාශනය monthly statement ලද විට රිසිට්පත් සමඟ එය සසඳා බලන්න. 

ක්‍රෙඩිට් කාඩ්පතේ මාසික ප්‍රකාශන ආරක්ෂා සහිත ස්ථානයක තබා ගන්න. මාස 6 කට පසු ඒවා විනාශ කර දමන්න (destroy).

ඔබට ලැබෙන මාසික ප්‍රකාශනය ඉතා ප්‍රවේශමෙන් කියවා බලන්න. සැකසහිත තොරතුරු පවතී නම් වහාම ඒ බව වහාම  ඔබගේ බැංකුවට දැනුම් දෙන්න.

පොදුවේ භාවිතා කරන පරිගණක හරහා ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනු සිදු කිරීමෙන් වැළකෙන්න.

වෙබ් අඩවි හරහා ගනුදෙනු කිරීමේදී https:// යන්න සඳහන්ව ඇත්ද යන්න පරික්ෂා කරන්න. http:// සඳහන්ව ඇත්නම් ගනුදෙනුව සිදු කිරීමෙන් වැළකෙන්න. 

ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනු සිදු කිරීම සඳහා ඔබ භාවිතා කරන පරිගණකයේ ප්‍රති-වෛරස මෘදුකාංග anti virus software නිසි පරිදි ස්ථාපිත කොට යාවත්කාලින කර ඇත්ද යන්න පිළිබඳව නිරන්තරව අවදියෙන් සිටින්න.Better Business Bureau, VeriSign, TRUSTe මුද්‍රා ඔබ වෙබ් අඩවි හරහා සිදු කරන ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනු ආරක්ෂිත බවට යම් විශ්වාසයක් තැබිය හැකිබවට ඉඟියක් පමණි. එම මුද්‍රා ඕනෑම අයෙකුට ව්‍යාජ ලෙස සැකසිය හැක.

යමෙකුට සිතා ගැනීමට අපහසු මුර වචන pass word භාවිතා කරන්න. 

සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම තොරතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත.