සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම තොරතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත.

ගණුදෙණු කිරීම


ක්‍රෙඩිට් කාඩ්පතකින් ගණුදෙණු කිරීම විවිධ ස්වරූප වලින් සිදු විය හැක. අන්තරජාලය හරහා සිදුවන ගණුදෙණු (internet transactions), වෙළෙඳ ස්ථානවල පවතින POS යන්ත්‍ර හරහා සිදුවන ගණුදෙණු (POS transactions), ATM යන්ත්‍ර හරහා සිදුවන ගණුදෙනු (ATM transactions), යනු ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් සිදුවන ප්‍රධාන ගණුදෙනු වර්ග කිහිපයකි. 

තේරුම් ගැනීමේ පහසුව පිණිස මේ එකිනෙකක් වෙන වෙනම සලකා බලමු.



ATM යන්ත්‍ර හරහා සිදුවන ගණුදෙනු (Automatic Teller Machine transactions)

ඔබගේ බැංකුව විසින් ඔබට නිකුත් කර ඇති ක්‍රෙඩිට් කාඩ්පතට යම් ණය සීමාවක් (රුපියල් 10,000 ක්) ලබා දී ඇතැයි සිතමු. මෙම රුපියල් 10,000 ක ණය ප්‍රමාණය ඔබ භාවිතා කරන්නේ ඉලෙක්ට්‍රොනික ස්වරූපයෙනි. එනම් මෙමඟින් ඔබට භාණ්ඩ හා සේවා සඳහා ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් ගෙවීම් කළ හැක.

ඇතැම් බැංකු ඔබගේ මෙම ණය ප්‍රමාණයෙන් යම් කොටසක් ATM යන්ත්‍ර හරහා මුදල් නෝට්ටු ලෙස ලබා ගැනීමේ හැකියාව ඔබට සලසා දෙනු ඇත.  ඔබ භාවිතා කරන ක්‍රෙඩිට් කාඩ්පත නිකුත් කල බැංකුවටම අයත් ATM යන්ත්‍රයකින් හෝ වෙනත් බැංකුවකට අයත් ATM යන්ත්‍රයකින් ඔබට මෙසේ මුදල් අත්තිකාරම්
(cash advances) නෝට්ටු ලෙස ලබා ගත හැක.

එහෙත් එය යම් යම් සීමා කිරීම් සහිතය. ඉහත රුපියල් 10,000ක ණය සීමාව සහිත ක්‍රෙඩිට් කාඩ්පත සැළකුවහොත් ඔබ එම මුළු ණය ප්‍රමාණයම මුදල් අත්තිකාරම් (cash advances) ලෙස ලබා ගැනීම බොහෝ බැංකු විසින් අවහිර කෙරෙනු ඇත. ඔබට ලබා ගැනීමට ඉඩ සැලසෙනු ඇත්තේ ඉන් යම් ප්‍රමාණයක් පමණි. උදාහරණ ලෙස ණය සීමාවෙන් 40%ක් එනම් රු 4000ක් පමණි. 

එපමණක් නොවේ. ඔබ මෙසේ ලබා ගත් රුපියල් 4000ක අත්තිකාරම් මුදල පසු දිනම ඔබ නැවත ඔබගේ බැංකුවටම ගෙවීම් කළේ යැයි සිතමු. එහෙත් ඇතැම් බැංකු වලින් ඔබට යලිත් එම රුපියල් 4000ක මුදල් අත්තිකාරම ලබා ගත නොහැක. එනම් නැවත එය ලබා ගත හැකි වන්නේ යම් කාල සීමාවකට පසුය. එය මාස 2 ක් විය හැක. දින 45 ක් විය හැක. හෝ බැංකුව තීරණය කරන කාලයක් විය හැකිය.

තවත් බරපතල කරුණක් ඇත. එනම් අනෙකුත් ගනුදෙනු මෙන් නොව මුදල් අත්තිකාරම් සඳහා එය ලබා ගත් දිනයේ සිටම පොලී අය වීම ආරම්භ වීමයි. 

ඉහත රුපියල් 4000ක මුදල ඔබ ලබා ගත්තේ ඔක්තෝබර් මස 10 වෙනි දා යැයි සිතමු. ඔබ 15 වෙනිදා ඉන් රුපියල් 2000ක් නැවත ඔබගේ බැංකුවට ගෙවයි. 23 වෙනිදා ඉතිරි රුපියල් 2000 පියවයි. මුදල් අත්තිකාරම සඳහා බැංකුවේ මාසික පොලී අනුපාතය 3%ක් නම් ඔබට පොලී අයවන්නේ කෙසේද?

ඔක්තොබර් 10වෙනිදා සිට 15 වෙනිදා දක්වා ඔබගේ ණය ශේෂය = රු 4000


රුපියල් 4000 ක ණය මුදල ඔබ භුක්තිවිඳි කාලය (ඔක්තොබර් 10වෙනිදා සිට 15 වෙනිදා දක්වා) = දවස් 5 යි

මාසික පොලී අනුපාතය = 3%

දිනක පොලී අනුපාතය = 3% / 30

රුපියල් 4000 සඳහා දිනකට පොලිය = 4000 x (3% / 30)

ඒ අනුව දින 5 කට පොළිය = 5 x 4000 x (3% / 30)

= රුපියල් 20


වැඩේ ඉවර නැත. දින 5 කට පසුව ඔබ ගෙවීම් කරන්නේ ලබා ගත් මුළු මුදල් අත්තිකාරමින් රුපියල් 2000ක් පමණි. තවත් රුපියල් 2000ක ණය ශේෂයක් ඔක්තෝබර් 15 සිට 23 දක්වා ඉදිරියට ඇදී යයි. ඒ සඳහා ද පොලී ගණනය වේ. 


ඔක්තොබර් 15වෙනිදා සිට 23 වෙනිදා දක්වා ඔබගේ ණය ශේෂය = රු2000

රුපියල් 2000 ක ණය මුදල ඔබ භුක්තිවිඳි කාලය (ඔක්තොබර් 15වෙනිදා සිට 23 වෙනිදා දක්වා) = දවස් 8 යි

මාසික පොලී අනුපාතය = 3%

දිනක පොලී අනුපාතය = 3% / 30

රුපියල් 2000 සඳහා දිනකට පොලිය = 2000 x (3% / 30)

ඒ අනුව දින 8 කට පොළිය = 8 x 2000 x (3% / 30)

= රුපියල් 16


ඒ අනුව රුපියල් 4000 සඳහා ඔබ ගෙවිය යුතු මුලු ණය පොලිය = 20+16 = රුපියල් 46 යි

මෙය එතරම් විශාල  පොලී මුදලක් ලෙස ඔබ නොදකිනු ඇත. එහෙත් තත්වය බැරෑරුම් වන්නේ වෙන වැඩ දහසක් අස්සේ ලබා ගත් මුදල් අත්තිකාරම නැවත ගෙවීම් කරන්නට අමතක වූ විටය. රුපියල් 100,000ක මුදල් අත්තිකාරකමක් ලබාගෙන මාස 3 ක් පොලී ගෙවා ගන්නට බැරි වුනොත්..? පොලිය රුපියල් 9000 ක් වනු ඇත.


ATM ගනුදෙනු සඳහා වෙනම මුදල් අත්තිකාරම් ගාස්තු (cash advance fees) අය වීම ද සිදු වේ. මෙය බැංකුව විසින් තීරණය කරන නියමිත ගාස්තුවක් හෝ මුදල් අත්තිකාරමින් යම් ප්‍රතිශතයක් විය හැක. 

නිදසුනක් ලෙස ඇතැම් බැංකු ඔබ ලබාගන්නා මුදලට යම් සීමාවක් දක්වා අය කරන්නේ ස්ථාවර ගාස්තුවකි (flat amount). එම සීමාව ඉක්මවූ  පසු අය වන්නේ ප්‍රතිශයකි.

හෙවත් රු 7000ක් දක්වා ස්ථාවර ගාස්තුව රුපියල් 300 කි. 7200ක් වුව හොත් ගස්තුව මුදල් අත්තිකාරමින් 6%ක් වනු ඇත. එවිට ගාස්තුව රු. 432 කි.


ATM ගණුදෙනු ක්‍රෙඩිට් කාඩ්පතක් මඟින් සිදු කෙරෙන සරලම (simplest) ගණුදෙනු වර්ගයකි. කොතරම් සරල වුවත් එම ගණුදෙනු සඳහාද ඔබ විසින් පිළිපැදිය යුතු ආරක්ෂක පිළිවෙත් (security procedure) සහ ආචාර ධර්මතාවයන් (ethics) පවතී. ඒවායින් කිහිපයක් පහත සඳහන් කරමු. 

ඔබට පෙර පැමිණි ගණුදෙනුකරුට ප්‍රමුඛ ස්ථානය (priority) ලබා දීම.

ඔහු/ඇය ගණුදෙනුව සම්පුර්ණ කරන තෙක් ATM යන්ත්‍රය වෙත නොයෑම. 

ඔහු/ඇය ගණුදෙනුව සම්පුර්ණ කර  පිටව ගිය පසු ඔහු/ඇය විසින් අදාළ කාඩ්පත අමතක කර දමා ගොස් ඇත්නම් වහාම ඒ පිළිබඳව ඔහු/ඇය ගේ අවධානය  යොමු කර වීම. එසේ කිරීමට නොහැකි නම් ළඟම ඇති බැංකු ශාඛාවට එම කාඩ්පත භාරදීම (surrender). 

අමතක කර දමා ගොස් ඇති කාඩ්පතකින් කිසි විටෙකත් ගණුදෙනු කිරීමට උත්සාහ  නොකිරීම.

ඔහු/ඇය ගණුදෙනුව සම්පුර්ණ කර  පිටව ගිය පසු ඔහු/ඇය විසින් ගනුදෙනුවට අදාල රිසිට්පත යන්ත්‍රයේ නිකුතු විවරයේ (slot) දමා ගොස් ඇත්නම් ඒ පිළිබඳව ඔහු/ඇය ගේ අවධානය
යොමු කර වීම. රිසිට්පතේ සඳහන් බැංකු ශේෂය (account balance) නිරීක්ෂණය කිරීමෙන් වැළකීම.

හැකිතාක් ඉක්මණින් (as quickly as possible) ඔබගේ ගනුදෙනුව සිදු කිරීම.

කාඩ්පත යන්ත්‍රයේ සිර වූ අවස්ථාවකදී වගකිව යුතු බැංකු නිලධාරියෙකුගෙන් හැර වෙනත් නාඳුනන පුද්ගලයින්ගේ සහය නොපැතීම. (සමහර විට කාඩ්පත සිර වන ආකාරයට ATM යන්ත්‍රයේ යාන්ත්‍රණය mechanism වෙනස් කොට ඔබට සහය පළ කරමින් ඔබ වෙත පැමිණෙන්නේ දරුණු අපරාධකරුවන් ය).

කිසිම ආකාරයකින් ඔබගේ මුහුණ වසන් වන ආකාරයෙන් ගනුදෙනු සිදු නොකිරීම.




POS යන්ත්‍ර හරහා සිදුවන ගණුදෙණු (POS transactions)



සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම තොරතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත.

No comments:

Post a Comment

මෙම බ්ලොග් අඩවිය ඔබට යම් ආකාරයක අත්වැලක් වී නම් ඉහත දැක්වෙන ඕනෑම social network එකක් හරහා ඔබගේ මිතුරන් අතර share කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබට සේම ඔවුන්ටද මෙම බ්ලොග් අඩවිය ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි.

ඔබ අපේක්ෂා කල තොරතුරු මෙහි අඩංගු නොවේ නම් කරුණාකර අපට දන්වන්න. හැකි සෑම අයුරකින්ම අපි ඔබ දැනුවත් කිරීමට සහය වෙමු.

ඔබට මෙම බ්ලොග් අඩවියේ යාවත්කාලින කිරීම් updates පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් වීම (RSS feeds) අවශ්‍ය නම් ඉහත Posts (Atom) භාවිතා කිරීම වඩා සුදුසුය.



අමතර වදනක්...
ඔබගේ බැංකුව සමඟ ඔබ සවිමත් සම්බන්ධතාවයක් ගොඩ නඟා ගැනීම ඔබට බෙහෙවින් වාසිදායකය.
ඔබ විසින් බැංකුව වෙත ඉදිරිපත් කරන ලිඛිත ඉල්ලීම් මේ සඳහා ඔබට උපකාරී වන එක් වැදගත් සාධකයකි.

එහි වැදගත්මක අවබෝධකරගත් අප විසින් ඒ වෙනුවෙන්ම වෙනම විශේෂ බ්ලොග් පිටුවක් ආදරණිය ඔබ වෙනුවෙන් සකස් කර ඇත්තෙමු. නොමිලේ ඔබ වෙත සැපයෙන මෙම PDF ලිපි බාගත කරගෙන එයින් මුද්‍රිත පිටපත් ලබාගෙන ඔබගේ බැංකු කටයතු වඩාත් පහසුවෙන් හා ආකර්ශණියව ඉටු කරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

අපගේ දැක්ම

ශ්‍රී ලංකාව තුළ හා ඉන් බැහැරව ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකික ක්‍රෙඩිට් කාඩ්පත් හිමිකරුවන්ගේ හදවතට වඩාත් සමීප වෘත්තිමය බ්ලොග් අඩවිය බවට පත් වීම.


අපගේ මෙහෙවර

ක්‍රෙඩිට් කාඩ්පත් සහ ඒ ආශ්‍රිත ඕනෑම ක්ෂේත්‍රයක් පිළිබඳව උනන්දුවක් දක්වන, අන්තර්ජාලයේ ඔබමොබ සැරිසරන, නීතිගරුක, විභව ගනුදෙනුකරුවන් හා සේවාදායකයන් හැකිතාක් අප වෙත ආකර්ෂණය කර ගනිමින්, උපදේශනය, දැනුවත් කිරීම, ව්‍යාපාරික හා රාජකාරි කටයුතු සඳහා ලිපි ලේඛණ සකස් කිරීම ආදී සේවා රැසක් ඔවුන් වෙත කඩිනමින් හා නිරවද්‍යව ලබා දෙමින්, ශ්‍රී ලාංකික ක්‍රෙඩිට් කාඩ්පත් ක්ෂේත්‍රය මුළුමනින්ම නැවුම් යුගයක් කරා වහ වහා රැගෙන යන්නෙමු.