ඔයා පොඩියට රෙස්ටුරන්ට් එකක් කරගෙන යනවනම් මෙන්න ඔයා බලාගෙනම හිටපු නිව්ස් එකක්. ප්‍රයෝජනයක් ගන්න නම් සල්ලි ටිකක් ඕන වෙයි. සල්ලි අතේ නැත්නම් ඔලුවේ තියාගන්න. කවදහරි මේ දැනුම ඔයාට වැදගත් වේවි.
ඇප්ලොව කියන්නේ සොෆ්ට්වෙයා කම්පැනි එකක්. විශේෂත්වය තමයි මේගොල්ල සොෆ්ට්වෙයා හදන්නේ රෙස්ටුරන්ට් බිස්නස් වලට. වෙබ්සයිට් එකේ බැලුවම ලිපිනය තියෙන්නේ ඇමරිකාවේ නිව් ජසි, කැලිෆෝනියා සහ ටෙක්සාස් වුනාට, ඒ අයගේ ජොබ් වේකන්සි වගයක් ඔෆර් කරලා තියෙනවා අපේ රටේ ඉන්න අයට. ඒ කියන්නේ මේ අය බොහෝ දුරට ලංකාවේ රෙස්ටුරන්ට් බිස්නස් වැඩි දියුණු කරන්න සම්බන්ධ වෙනවා ඇති. නිකමට ඊමේල් එකක් දාල බලන්න. සමහරවිට උත්තරයක් එයි.
ඇප්ලොව ගැන ඇත්තටම අපි නම් දැනගත්තේ restauranttechnologynews.com වෙබ් අඩවිය 2024 මැයි 19 රිලීස් කරපු වෙබ් පිටුවකින්. ඒකේ තිවුණේ රෙස්ටුරන්ට් බිස්නස් වලට ඒ කට්ටිය අළුතෙන් හඳුන්වා දීපු ඇප්ලොව ඔන් - ද - ගෝ කියල සොෆ්ට්වෙයා එකක් ගැන. එකේ ලොකුම ප්‍රයෝජනය විදිහට අපිට තේරුනේනම් රෙස්ටුරන්ට් එකකට අපි ගිහින් කෑම කෑවයින් පස්සේ ලොකු රස්තියාදුවක් නැතුව පේමන්ට් කරන්න පුළුවන් වෙන එක තමයි.
වේටර් මහත්තය අපි ගත්ත කෑම ලිස්ට් එක කවුන්ටරයට කියල බිල අරගෙන අපි ලඟට එනවනෙ. ඊටපස්සේ අපි සල්ලි හරි ක්‍රෙඩිට් කාඩ් එක හරි එයාට දුන්නම එයා ආයෙත් කවුන්ටරයට ගිහින් අපේ බිල ගෙවල අපේ ඉතිරි මුදල් ගෙනත් දෙනව. නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එක ගෙනත් දෙනව. ඇප්ලොව ඔන් - ද - ගෝ භාවිතා කරනවානම් අන්න ඒ වේටර් මහත්තය එහෙට මෙහෙට ඇවිදින පරක්කුව වෙන්නේ නැහැ. අපේ පේමන්ට් එක ගන්නේ එයාමයි. සල්ලිත් එක්කනම් මේක කරන්න බැහැ. ක්‍රෙඩිට් කාඩ් එකක් හරි ඩෙබිට් එකක් හරි තමයි ඕන.
ඇප්ලොව ඔන් - ද - ගෝ සොෆ්ට්වෙයා එක දුවන්නේ ඉලෝ පේ ස්මාට් ඩිවයිස් එකක. මේකට PCI-PTS 6.x (PCI Approval Number: 4-30470), EMV L1 & L2, Visa PayWave, Mastercard PayPass, Amex ExpressPay, Discover D-PAS, UnionPay QuickPass, JCB J/Speedy, EFTPOS, COMMON.SECC, Interac Flash, Mastercard TQM, Apple Pay™, Google Pay™, Samsung Pay™ කියන Certifications තියෙනවා. ඉතින් මේ හැම විධියකටම පේමන්ට් කරන්න පුළුවන් ඇති. පොඩ්ඩක් අහල බලන්න වෙයි.
ඇප්ලොව වෙබ්සයිට් එකට අනුව ඒ අය මේ සිස්ටම් එක ලබා දෙන්නේ රෙස්ටුරන්ට් වර් ග කිහිපයකට. ඒවා Cafés, Bubble Tea Shops, Chinese Restaurant, Casual Dining Restaurants, Pizzerias, Food Trucks විදිහට තමයි වර් ග කරල තියෙන්නේ. වෙබ්සයිට් එකේ මේ එක එක රෙස්ටුරන්ට් වර් ග වලට වෙබ්පිටු හදල තියෙන්නේ. ඔයාට ගැලපෙන එකට ගිහින් බලන්න. ඊමේල් එකකුත් දාන්න. ලොකු වියදමක් යනවා වගේ නම් අත ඇරලා දාන්න. තේරුමක් නැහැනෙ.
ලිස්ට් එකම දානව ඔන්න. ගිහිල්ලම බලන්නකො.
ඇප්ලොව වෙබ්සයිට් එකේ අපිට නම් වැඩියෙන්ම හිත ගියේ ඒ අයගේ ඇනලිටික්ස් වලට. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සිස්ටම් එක ඔයා ඔයාගේ රෙස්ටුරන්ට් එකට දාගත්තම ඔයාට ඔයාගේ කස්ටමර් ස් ල ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් කාලයක් යන කොට. ඔයාගේ මෙනු එකේ මොනවද ඔයාගේ කස්ටමර් ස් ල වැඩියෙන්ම ඉල්ලන්නේ, ඒ මොන කාලෙටද, මොන වෙලාවටද, ඒ මොන වගේ කස්ටමර් ස් ල ද, ආදී වශයෙන්.
ඇප්ලොව ඇනලිටික්ස් වලින් ගොඩක් හොඳට රෙස්ටුරන්ට්බිස්නස් එක ප්ලෑන් කරන්න පුළුවන්. ලොකුවට සේල්ස් වැඩි කර ගන්න පුළුවන්. ප්‍රයිසින් එහෙම කස්ටමර් ස් ලට අනවශ්‍ය බරක් නොදී ලස්සනට මැනේජ් කරලා හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්.
ඇනලිටික්ස් වගේ ආයතන ගැන ඇත්තටම අපි කතා කරනවා හරිම අඩුයි. රෙස්ටුරන්ට් බිසන්ස් එක කියන්නේ ලංකාවේ කෝටි ප්‍රකෝටි ගානක් සල්ලි කැරකෙන හොඳ ෆීල්ඩ් එකක්. ඉතිං මේ වගේ අලුත් අලුත් දේවල් අපේ කට්ටියට හඳුන්වා දෙන්න වැඩ පිළිවෙලක් තියෙන්න ඕන. අපේ කට්ටිය ෆුල් බිසී නෙ. මේව ගැන හොයන්න කියවන්න ඒ ගොල්ලන්ට වෙලාවක් නැහැ. පස්සෙන් ගිහින් දැනුවත් කරන්න පුළුවන් නම් ඉතාම හොඳයි. කෝ ඉතිං එහෙම කරන්න කෙනෙක් නැහැනේ. අපිටත් කරන්න පුළුවන් උපරිම දේ මෙහෙම පෝස්ට් එකක් දාන එක තමයි ඉතිං. මේක කියවල හැදෙන කෙනෙක් හැදෙයි.
රෙස්ටුරන්ට් විතරක් නෙමෙයි. ලංකාවේ මොනතරම් ක්ෂේත්‍ර තියෙනවද හොඳට මොඩනයිස් කරල සුපිරියටම සල්ලි හොයන්න පුළුවන්. ඒවාට ලොකුවට සල්ලි ඕන නැහැ. දැනුම දුන්න නම් ඇති. අපේ අය හොඳ දක්ෂයො. පාර පෙන්නුවනම් ඇති. මැටියෙන් හරි පූසා හදල මීයෝ ටික අල්ල ගනීවි. වැඩේ හිටල තියෙන්නේ මැටිවත් නැති හින්ද තමයි.
පොස් මැෂින් එක තව දියුණු වෙයිද නැත්නම් අභාවයට යයිද මිට අවුරුදු දහයකට කලින් අපේ ක්‍රෙඩිට් කාඩ් එක කඩේකට දෙන කොට දැකපු පොස් මැෂින් එකයි අද තියෙන එකයි අහසට පොළොව වගේ. දැන් පොස් එක හරි පොෂ්. ඒ දවස්වල නම් ඉතින් කරන්ට් එකෙන් වැඩ කරන්නේ නැති මැනුවල් මැෂිනුත් තිවුණා. ඒවත් එක්ක බලද්දී පොස් මැෂින් එක අද ගොඩක් දුර ඇවිත්. තව ඉදිරියට යයි...