2024/05/27

ෆෝන්පේ දැන් ලංකාවේ


භාරත්පේ සහ ෆෝන්පේ සමාගම් දෙකම කාලයක් තිස්සේ පැටලිලා හිටපු නඩුවක් අද ඔන්න ඒ දෙගොල්ල සාමකාමීව ලිහා ගත්ත කියන නිව්ස් එකත් එක්ක තමයි මේ ගැන කතිකාවතක් ඇති වෙන්නේ. ඔය සමාගම් දෙකේම නම අගට තියෙනවනේ "පේ" කියල කෑල්ලක්. ඒක ගැන තමයි නඩුවක් ඇදගෙන ඇවිත් ඔය ඉවරවෙලා තියෙන්නේ. 

නඩුවේ විස්තරනම් අපට ඒ හැටි වැඩක් නැහැ. හැබැයි ෆොන්පේ ලංකාවටත් එනව කියන නිව්ස් එක ගැන නම් ටිකක් හොයල බලන්න හිතුනා - ඔයාටයි මටයි ඒකෙන් මොකක් හරි වාසියක් තියෙයිද බලන්න. නිව්ස් අයිටම් කිහිපයක්ම බැලුවා. සාරාංශයක් අරං එන්නම්. වැඩිදුර විස්තර ඔයාට කියවන්න ඕන වුණොත් කියල ලින්ක්ස් ටිකකුත් තියල තියන්නම්.

ෆොන්පේ ලොකුවටම මෙහෙ භාවිතා කරන්න ඉඩ තියෙන්නේ ඉන්දියානු සංචාරකයෝ කියල තමයි පැවසෙන්නේ. ඒ ගොල්ලන්ට පුළුවන් ෆෝන්පේ ඇප් එක ඒ අයගේ ෆෝන් එකට දාගත්තම ලංකාවට ආපු වෙලාවට ඉන්දියානු රුපියල් වලින්ම මෙහෙ ෂොප් වලට ගෙවීම් කරන්න. ඉන්දියාවෙන් පිටත් වෙන්න කලින් ඒ අයට දැන් ඉන්දියානු රුපියල් ඩොලර්වලට හරවගෙන මෙහෙ ඇවිත් ආයෙත් ඒ ඩොලර් ලංකාවේ රුපියල් වලට හරවගන්න වගේ කරදර වැඩ ඉදිරියට නැති වෙයි. ෆෝන්පේ වලින් කෙලින්ම ඉන්දියානු රුපියල් වලින්ම ගෙවන්න පුළුවන් නේ.

ෆෝන්පේවල තව වාසියක් තමයි ඉන්දියානුවෙකුට එයාගේ බැංකු කිහිපයක තියෙන බැංකු ගිණුම් ඔක්කොම එකම ඇප් එකක් හරහා භාවිතා කරන්න හැකි වීම. ෆෝන්පේ තියෙනවනම් තමන්ගේ නමට තියෙන ඔක්කොම බැංකු ගිණුම් එක විට පාවිච්චි කරන්න පුළුවන්. එක බැංකුවකට එක ඇප් එකක්, තව බැංකුවකට තව ඇප් එකක් - එහෙම ඕන නැහැ. මේ ක්‍රමේට කියන්නේ යූපීඅයි කියලයි.හරියටම කිව්වොත් යුනිෆයිඩ් පේමන්ට්ස් ඉන්ටෆේස්. එකම ඇප් එක. හැබැයි බැංකු ගොඩක්. 

ලංකාවේ අපිට එහෙම ඇප් එකක් තියෙනවද හැබෑටම. කියල හොයන්න වටිනව. ඔන්න අපේ ඩිවලොපස්ලට හිතන්න පැත්තක්. හැදෙනවනම් හැදෙන්න. බැලු බැල්මට ඔයාටයි මටයි මේ නිව්ස් එකෙන් මොකුත් ලොකුවට වාසියක් නැහැ වගේ නේද. දැනටනම් අපිට පේන විදියට ඩිවලොපස්ලට විතරයි. 

ඉන්දියන් රුපියල් ඉස්සරහට ලංකාවේ ටිකක් ජනප්‍රිය වෙන්න ඉඩ කඩක් තියෙන නිසා මොකද කියන්නේ. ඉන්දියන් රුපියල් ටිකක් සල්ලිවලට අරගෙන තියා ගමුද? හැබැයි ඉතිං දන්න කියන කෙනෙක් ගෙන් උපදෙස් ගත්තොත් තමයි හොඳ ලොකුවට ඕවට අතගහන්න කලින්.

රෙස්ටුරන්ට් බිස්නස් එකකට ඇප්ලොව සිස්ටම් එකක් හොඳයිද? ඔයා පොඩියට රෙස්ටුරන්ට් එකක් කරගෙන යනවනම් මෙන්න ඔයා බලාගෙනම හිටපු නිව්ස් එකක්. ප්‍රයෝජනයක් ගන්න නම් සල්ලි ටිකක් ඕන වෙයි. සල්ලි අතේ නැත්නම් ඔලුවේ තියාගන්න. කවදහරි මේ දැනුම ඔයාට වැදගත් වේවි.