නිව්ස් එක නම් දවස් දෙක තුනක් පරණයි. හැබැයි ලංකාවේ කවුරුවත් මේක ලොකුවට කතා කළේ නැති නිසයි, ජාත්‍යන්තර මූල්‍ය කටයුතු වේගයෙන් වෙනස් කර ගෙන යන බ්ලොක් චේන් ක්‍රිප්ටෝ කරන්සි තාක්ෂණයත් එක්ක මේ නිව්ස් එකත් ගෑවිලා ගිය නිසයි පොඩ්ඩක් ආයෙත් ඇදල ගන්නට හිතුවා.
මුලින්ම, මොනවද මේ කාබන් ක්‍රෙඩිට් කියන්නේ. ඒක අවුරුදු හැටක් විතර පිටි පස්සට යන කථාවක්. ගූගල් කරලා බලන්න ඒ ගැන ලොකුවට විස්තර දැන ගන්න ඕනෙ නම්. කාබන් ක්‍රෙඩිට් ගැන දැනට තේරුම් ගන්න පොඩි හැඳින්වීමක් කරන්නම්.
කාර් මික විප්ලවයත් එක්ක හරි හරියට පටන් ගත්ත ෆොසිල ඉන්ධන දහනය අදටත් ලෝකෙටම ප්‍රශ්නයක්. ෆොසිල ඉන්ධන දහනය නිසා වායුගෝලයට මුදා හැරෙන කාබන් ඩයොක් සයිඩ් හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම වැනි අයහපත් කාලගුණික විපර් යාස නිසා ලෝකය මිනිස් වාසයට නුසුදුසු තැනක් බවට පත් වුනා කියන එක ඔයා දැනටමත් අත්දැකීමෙන් දන්නව.
ඉතින් පරිසරයට කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කරන එක පාලනය කරන විධි ගැන ලෝක බලවතුන් ගොඩක් සාකච්ජා පැවැත්තුවා. ෆොසිල ඉන්ධන දහනය නැවත්තුවොත් කාර් මික කටයුතු අඩාලයි. කාර් මික කටයුතු අඩාල වුනු හැටියේ ආර් ථිකය අඩාලයි.
ඉතින් එකපාරටම කාර් මික කටයුතු නවත්තන්න බැරි නිසා හැමෝගෙම එකඟතාවය වුනේ එක්තරා දුරකට හරි කමක් නැහැ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය යම් විධියකින් පාලනය කරන්න පුළුවන් ක්‍රම වේදයක් හඳුන්වා දෙන්න ඕන කියන එක.
කාබන් ඩයොක්සයිඩ් විමෝචනය එක පාරට නවත්තන්න බැහැ; නමුත් පාලනය කරන්න ඕන කියන මතය තුළ තමයි මේ කාබන් ක්‍රෙඩිට් සංකල්පය ඉස්මතු වෙන්නේ. සිදුවෙන්නේ මෙහෙම දෙයක්. ෆොසිල ඉන්ධන දහනය සිදු කරමින් කාර් මික කටයුතු වල දැනටමත් නියැලී සිටින රාජ්‍ය ආයතන සහ පුද්ගලික සමාගම් වලට ලබල දෙනවා අයිතියක් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය එක්තරා සීමාවක් දක්වා සිදු කරන්න. මේ සීමාව මනින්නේ කාබන් ක්‍රෙඩිට් වලින්.
කාබන් ක්‍රෙඩිට් එකක් කියන්නේ කාබන් ඩයොක්සයිඩ් ටොන් එකක් වායුගෝලයට මුදා හැරීමට ඇති අයිතිය. දළ වශයෙන් හිතුවොත් මෝටර් රථයක් කිලෝ මීටර් 2,500 ක් විතර ධාවනය කළොත් පිට කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වායුගෝලයට මුදා හැරීමට ඇති අයිතිය කියල සරලව හිතන්නකෝ. ඒ කියන්නේ ඔයාට කාබන් ක්‍රෙඩිට් එකක් තිබුණොත් ඔයාට ඔයාගේ කාර් එක ලංකාව වටේ වට දෙකක් ගියහැකි. හැබැයි ඊට පස්සේ කාර් එකේ යන්න ආයේ කාබන් ක්‍රෙඩිට් එකක් මිළදී ගන්න ඕන.
මේ කාබන් ක්‍රෙඩිට් අයිතිය මත කටයතු කරමින් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ඉතාමත්ම හොඳින් පාලනය කර ගත්ත රටවල් බොහොමයි. රාජ්‍ය ආයතන සහ පුද්ගලික සමාගම් කාබන් ක්‍රෙඩිට් ඉතුරුත් කර ගත්තා. ඒ කියන්නේ ඒ ගොල්ලන්නට අවුරුද්දකට ඉඩ දීල තිවුනේ කාබන් ඩයොක්සයිඩ් ටොන් 10 ක් පමණක් වායුගෝලයට මුදා හරින්නට නම් (ඔවුන්ට ලැබිල තිවුනේ කාබන් ක්‍රෙඩිට් 10 ක අයිතියක්) ඔවුන් අවුරුද්ද ඉවර වෙන කොට වායුගෝලයට මුදා හැරලා තිවුනේ කාබන් ඩයොක්සයිඩ් ටොන් 8 ක් පමණයි. ඉතුරු වුනු කාබන් ක්‍රෙඩිට් 2 ඒ ගොල්ලෝ කාබන් ක්‍රෙඩිට් මදි වුනු අයට විකුණුවා.
කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කලමනාකරණය කරගන්න බැරි වුනු සමහර අයට කාබන් ක්‍රෙඩිට් මදි වුනා. ඒ ගොල්ලන්නට අවුරුද්දකට ඉඩ දීල තිවුනේ කාබන් ඩයොක්සයිඩ් ටොන් 10 ක් පමණක් වායුගෝලයට මුදා හරින්නට වුනත් (ඔවුන්ට ලැබිල තිවුනේ කාබන් ක්‍රෙඩිට් 10 ක අයිතියක්) ඔවුන් අවුරුද්ද ඉවර වෙන්න කලින්ම ඔවුන්ට හිමි කාබන් ක්‍රෙඩිට් ප්‍රමාණය ඉවර කර ගත්තා. අවුරුද්දේ ඉතිරි වැඩ ටික කර ගෙන යන්න ඒ ගොල්ලන්නට කාබන් ක්‍රෙඩිට් සල්ලි වලට ගන්න සිද්ද වුනා.
කාබන් ක්‍රෙඩිට්, මුදල් වගේ හුවමාරු ඒකකයක් බවට පත් වුනේ ඔන්න ඔහොමයි.
මාස්ටර් කාඩ් සේවා ජාලය මේ කාබන් ක්‍රෙඩිට් ඩිජිටල් වත්කම් බවට පත් කරන්නේ කොහොමද කියල දැන් පොඩ්ඩක් බලමු ද. කාබන් ක්‍රෙඩිට් පැත්තකින් තියමු. කොහොමද ඔයාට අයිති ඉඩම, වාහනය, මෝටර් සයිකලය එහෙම නැත්නම් අතේ කරේ තියෙන රත්‍රන් ආභරණ ඩිජිටල් වත්කමක් බවට පත් කරන්නේ?
මේක සිද්ධ වෙන්නේ බ්ලොක් චේන් තාක්ෂණය මත දුවන කියන smart contracts පරිඝනක වැඩසටහන් හරහා යි. වත්කම මොකක්ද කියල හරියටම වර් ගීකරණය කරල, ඒක අන්තර් ජාලය තුල නියෝජනය වෙන විදිහේ token එකක් තීරණය කරල, අනුකුලතා නීති රීති හදල, වත්කම නියෝජනය වන token එකේ සැපයුම සහ වටිනාකම ගණන් බලල, ... ඔව් ඉතින් ලොකු වැඩක්.
හැබැයි smart contracts පරිඝනක වැඩසටහන් නිසා ඒ හැටි කජ්ජකුත් නෙමෙයි මේක. දැනටමත් ලොව පුරා විවිධ වර් ගයේ වත්කම් විශාල ප්‍රමාණයක් ඩිජිටල් වත්කම් බවට පත් වෙලා ඉවරයි කියලයි ආරංචිය. ඒවායේ ඔක්කොම වටිනාකම ඩොලර් බිලියන 25 කට වඩා වැඩියි කියලයි පැවසෙන්නේ. බොහෝ වෙලාවට මීට වඩා ගොඩක් වැඩි ඇති. යන trend එක දිහා බැලුවොත් මේ ගාණ සිය ගුණයකින් විතර වැඩි වෙන්න එච්චර කාලයක් යන එකකුත් නැහැ.
ලංකාවේ අපි මේවා කල්පනා කර කර හිටියට මාස්ටර් කාඩ් දැනටමත් වැඩේට බැහැල තියෙන්නේ. හැබැයි ඒගොල්ලො ඔයාගේ දේපළ ගැන නම් එච්චර උනන්දුවක් නැහැ. ඒගොල්ලෝ උනන්දු ඔයාට තියෙන කාබන් ක්‍රෙඩිට් ප්‍රමාණය ගැනයි. ඒක නම් කීයද කියන්න අපිනම් හරියටම දන්නේ නැහැ නේද. ඔයාට වැඩිපුර කාබන් ක්‍රෙඩිට් තියෙනවනම් මාස්ටර් කාඩ් වලට පුළුවන් ඔයාට ඒ කාබන් ක්‍රෙඩිට් ඩිජිටල් වත්කම් බවට පත් කරල දෙන්න.
මොකද කියන්නේ. ලංකාවේ අපේ ඉඩ කඩම්, අපේ දේපල, යාන වාහන ඔක්කොම ඩිජිටල් වත්කම් කරන වැඩ පිළිවෙලක් ගැන අද ඉඳලම සාකච්ජාව පටන් ගනිමුද. අනිත් රටවල් හැමදාම අපිව පහු කරගෙන ගියා. ආයෙත් අපිව පහු කරගෙන යන්න නොදී පොඩ්ඩක් මේක ස්ටඩි කරන්න පටන් ගනිමුද.
සියළු බැංකුවලින් ලබාගත හැකි සියළු ක්‍රෙඩිට් කාඩ්පත්, අයදුම් කිරීමට පෙර සංසන්දනය කළ හැකි මෘදුකාංගයක් ඕස්ට්‍රේලියාවෙන් ක්‍රෙඩිට් කාඩ් එකක් පළවෙනි වතාවට ඇප්ලයි කරන්න යන හැමෝටම මූන දෙන්න වෙන ප්‍රශ්නයකට විසඳුමක් තමයි මේ හොයාගෙන තියෙන්නේ...