සත්‍ය වශයෙන්ම ක්‍රෙඩිට් කාඩ්පතක මූලික අවශ්‍යතාවය වන්නේ වෙළෙඳසැලින් ඔබ ලබා ගන්නා භාණ්ඩ හා සේවා සඳහා "පසුව ගෙවීම් කිරීමයි". (pay later)
වෙළෙඳ
සැල්වලින් ඔබ ලබා ගන්නා භාණ්ඩ සඳහා ක්‍රෙඩිට් කාඩ්පතකින් ගෙවීම් කිරීමේදී
ඔබ අතැති මුදල් වැයවීමක් සිදු නොවේ. සිදුවන්නේ ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතේ
භාවිතා කල ණය ශේෂය ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ඔස්සේ ඉහල යෑම පමණකි. ඔබට ණයට භාණ්ඩ ලබාදුන් වෙළෙඳසැල් සඳහා මුදල් ගෙවීම් කරන්නේ ඔබගේ බැංකුවයි.
මෙසේ
ඔබ භාවිතා කල ණය ශේෂය නිශ්චිත කාල වකවානුවක් අවසානයේ (සාමාන්‍යයෙන් දින
30කට වරක්) ඔබගේ බැංකුව විසින් ඔබගෙන් අයකරගනු ලැබේ.
මෙහිදී ඔබ අද භාණ්ඩ හා සේවා වෙළෙඳ සැල්වලින් ණයට ලබා ගෙන ඉන් පසුව එළඹෙන කාලය තුල වාරික වශයෙන් (installments) හෙවත් කොටස් වශයෙන් එම භාවිතා කළ ණය මුදල ආපසු ඔබගේ බැංකුව වෙත ගෙවීම් කර ඔබගේ ණය පියවිය යුතු වේ.
බොහෝ ක්‍රෙඩිට් කාඩ්පත් හිමිකරුවන් මෙසේ ණය කොටස් වශයෙන්
ගෙවීම් කිරීමෙන් වැළකී භාවිතා කල මුළු ණය මුදල එකවර ගෙවීමට උත්සහ දරති
(full settlement). මක්නිසාද යත් භාවිතා කල මුළු ණය මුදල පිය වූ විට අමතර පොලි ගෙවීමක් එහිදී අවශ්‍ය නොවන නිසාය.
එසේ මුළු මුදල පියවීම සිදුකළ හැකි නම් එය වඩාත් හොඳය.
එහෙත් උපරිම වාසිය ලබා ගැනීමට නම් මෙම මුළු මුදල පියවීම (full settlement) හෝ අවම මුදල පියවීම (minimum payment) හෝ ණය ශේෂයේ කොටසක් ගෙවීමක් (part payment) හෝ සිදු කල යුත්තේ
ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතට බැංකුව විසින් ලබා දී ඇති සහන කාලය (grace period)
තුළදිය.
සහන කාලයක් යන්නෙන් අප අදහස් කරන්නේ පොලී සහනයක් ගැන නොවන බව ඔබ විසින් පැහැදිලිව වටහා ගත යුතුය. සහන කාලය යන්නෙන් අප අදහස් කරන්නේ ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත් මාසික බිල්පතේ ඔබ විසින් ගෙවිය යුතුය අවම මුදල හෝ ඊට වඩා වැඩි මුදලක් ඔබ විසින් ගෙවීම් කිරීමට ඔබට බැංකුව විසින් ලබා දී ඇති කාලය යි. අවබෝධයෙන් කටයුතු කළොත් මෙම කාලය දින 51 ලෙස භුක්ති විඳිය හැකිය.
උදාහරණයක් විමසමු.
ක්‍රෙඩිට්
කාඩ්පත් හිමියෙකු වන ඔබ වෙත ඔබගේ බැංකුව විසින් 2024 ජනවාරි 30 දාතමින්
යුතුව ක්‍රෙඩිට් කාඩ්පත් මාසික ප්‍රකාශණය monthly statement එවා ඇත.
(සැලකිය
යුතුයි. සාමාන්‍යයෙන් බැංකු ගිණුම් සඳහා මාසික ප්‍රකාශන මුද්‍රණය වන්නේ
සෑම මසකම අවසාන දින වුවත් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා එය මාසයේ ඕනෑම දිනයක් විය
හැක. එහෙත් එය ස්ථාවර දිනයකි. එනම් ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතට අදාළ මාසික
ප්‍රකාශනය මුද්‍රණය වන්නේ 16 දින නම් එය සෑම මසකම 16 දින එනම් දෙසැම්බර් 16,
ජනවාරි 16, පෙබරවාරි 16 ආදී වශයෙන් මුද්‍රණය කර ඔබගේ බැංකුව විසින් ඔබ වෙත
නිකුත් කල යුතුය.)
ඉහත 2024 ජනවාරි 30 දාතමින් යුතු ක්‍රෙඩිට් කාඩ්පත් මාසික ප්‍රකාශණය යලි සලකා බලමු.
එහි
සඳහන් වන්නේ 2024 ජනවාරි මාසය තුළ ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කොට ඔබ විසින්
සිදු කල විවිධ භාණ්ඩ හා සේවා ණයට ගැනීම්ය. ඒවා පහත පරිදිය.
2023 දෙසැම්බර් මාසයෙන් ඉදිරියට ගෙන ආ ණය ශේෂය Balance brought forward රු 0.00
2024/01/02 රෙදිපිලි ආයතනය රු 5,000.00
2024/01/05 බේකරිය රු 1,000.00
2024/01/14 චිත්‍රපටි ශාලාව රු 3,000.00
2024/01/22 පොත් සාප්පුව රු 1500.00
2024/01/30 මුද්දර ගාස්තු රු 15.00
2024/01/30 මාසික පොලී රු 0.00
ජනවාරි මාසය තුල මුළු වියදම් Total expenditure හෙවත් ජනවාරි මාසය තුල එකතු වූ මුළු ණය Accumulated Debit balance ශේෂය රු10,515.00
ගෙවිය යුතු අවම මුදල Minimum Payment (එනම් මුළු මුදල පියවීමේ අපහසුවක් ඇත්නම් ඉන් 5% ක්) රු 525.75
මාසික ප්‍රකාශනයේ දිනය Statement Date (මුද්‍රණය වූ දිනය) 2024/01/30
මුළු මුදල හෝ අවම මුදල ගෙවීම් කල යුතු දිනය
Due Date (මාසික ප්‍රකාශනයේ දින සිට දින 21 කට පසුව) එනම් පෙබරවාරි 21 දින
හෝ එදිනට පෙර (එදින රජයේ නිවාඩු දිනයක් නම් 22 දින හෝ එදිනට පෙර)
මේ අවස්ථාවේදී තේරුම් ගත යුතු කරුණක් ඇත. එනම් ඉහත සියළු
ගණුදෙනු සඳහා නැවත ගෙවීමේ සහන කාලය ලෙස දින 21ක් ලැබෙන නමුත් එක් එක්
ගණුදෙනු වෙන වෙනම සැලකුවහොත් ඒවාට ලැබෙන සහන කාලයන් දින 21ක් නොව දින 51ක
උපරිමයක් දක්වා වෙනස් විය හැකි බවයි. ඒ එම ගණුදෙනු සිදු කළ එක් එක් දිනය
අනුවය.
ඒ කෙසේද? තේරුම් ගැනීමේ පහසුව සඳහා ඒ එක් එක් ගණුදෙනුවක්
සඳහා ලැබෙන සහන කාලය ප්‍රවේශමෙන් සලකා බලමු. මෙය වඩාත් සාර්ථක වීමට ඔබ
පරිගණකයේ කැලැන්ඩරය විවෘත කොට පසෙකින් තබා ගන්න. බිත්තියේ එල්ලා ඇති
කැලැන්ඩරය වුවත් කම් නැත.
එහෙත් අපගේ උදාහරණය ජනවාරි මාසය නිසා වෙනත් මාසයක් දෙස බලා ගෙන මෙය තේරුම් ගැනීම තරමක් අසීරු වනු ඇත.
අප විමසන පළමු ගණුදෙනුව:
2024/01/02 රෙදිපිලි ආයතනය රු 5,000.00
මෙම
උදාහරණයට අනුව ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතට අදාළ මාසික ප්‍රකාශණය නිකුත් වන්නේ
සෑම මසකම 30 වෙනිදා ය. එනම් දෙසැම්බර් 30, ජනවාරි 30, පෙබරවාරි 28 හෝ 29, මාර් තු 30, අප්‍රේල් 30,.... ආදී වශයෙනි.
ඉහත ගනුදෙනුව ඔබ සිදු
කරන්නේ 2024 ජනවාරි 02 දා ය. ඒ වන විට දෙසැම්බර් 30 මාසික ප්‍රකාශනය බැංකුව
විසින් ඔබ වෙත නිකුත් කර අවසන්ය. ඒ අනුව මෙම 2024 ජනවාරි 02 දා ගනුදෙනුව
සටහන් වන්නේ ඉහත දැක්වෙන ජනවාරි 30 දින මුද්‍රණය වී නිකුත් වන මාසික
ප්‍රකාශනයේය.
ජනවාරි 2 සිට ජනවාරි 30 දක්වා දින 28 ක් ගත වනු ඇත.
එනම් ගනුදෙනුවක් සිදු කල විට එය ඔබට අදාල මාසික ප්‍රකාශනයේ සටහන් කොට
බැංකුව විසින් ඔබ වෙත දැනුම් දීමක් සිදු කිරීමට යම් කාලයක් ගත වේ. ඔබට
දැනුම් දීම සිදු වන දිනය ලෙස සැලකෙන්නේ ජනවාරි 30 දිනදීය.
තැපැල්
මඟින් ඔබට මාසික ප්‍රකාශනය දින දෙකක් තුල ලැබුනේ යැයි සිතමු. (තැපැල්
ප්‍රමාද වීම් සම්බන්ධව බැංකුව වග කීමට පත් නොවේ) එය විවෘත කොට කියවා බැලු
විට එහි ගෙවීම් කල යුතු දිනය සටහන් ව තිබෙනු ඔබට දැකගත හැක. ඉහත උදාහරණයේ
නම් ඒ 2024 පෙබරවාරි 21 වන දිනයි.
ඒ අනුව 2024 ජනවාරි 02 දා සිදු කල
ගනුදෙනුව මාසික ප්‍රකාශනයේ සටහන්ව ඔබ වෙත දැනුම් දීමට දින 28 කුත් මාසික
ප්‍රකාශනයේ දින සිට ගෙවීම් කලයුතු දින දක්වා අනිවාර් ය දින 21 කුත් ලෙස ඔබට
දින 49 ක් හිමි වේ.
සරලව දැක්වුවහොත් 2024 ජනවාරි 02 දා සිදු කල ගනුදෙනුව පියවීමට ඔබට දින 49 ක් හිමි වේ.
දැන් දෙවන ගනුදෙනුව විමසමු. එනම්,
2024/01/05 බේකරිය රු 1,000.00
ඉහත ගනුදෙනුව ඔබ සිදු කරන්නේ 2024 ජනවාරි 05 දා ය. එහෙත් ඒ
වන විට 2023 දෙසැම්බර් 30 මාසික ප්‍රකාශනය බැංකුව විසින් ඔබ වෙත නිකුත් කර
අවසන්ය.
එනිසා මෙම 2024 ජනවාරි 05 දා ගනුදෙනුව සටහන් වන්නේ ඉහත දැක්වෙන 2024 ජනවාරි 30 දින මාසික ප්‍රකාශනයේය. මේ සඳහා දින 25 ක් ගත වනු ඇත. එසේම
මාසික ප්‍රකාශනයේ දින සිට තවත් අනිවාර්ය දින 21ක් ද ඔබට ලැබෙනු ඇත.
ඒ අනුව 2024 ජනවාරි 05 දා දින ගනුදෙනුව යලි ගෙවා අවසන් කිරීම සඳහා සම්පූර් ණ දින (25+21) = 46 ක් ඔබට ලැබෙනු ඇත.
ඔබට
මෙය අවබෝධවිණි නම් අපි ඔබගෙන් පහසු පැනයක් අසමු. එනම් ඉහත 2024 ජනවාරි 30
මාසික ප්‍රකාශනයේ සඳහන් ඉතිරි ගනුදෙනු දෙක (2024/01/14 චිත්‍රපටි ශාලාව
රු 3,000.00 සහ 2024/01/22 පොත් සාප්පුව රු 1,500.00) යලි ගෙවා අවසන් කිරීමට
ඔබට දින කියක් වෙන වෙනම ලැබෙනවාද යන්නයි. ඔබගේ පිළිතුර ඉහත වම්පස පණිවිඩ
කොටුවේ සඳහන් කර අප වෙත යොමු කරන්න!
එසේනම්
බොහෝ බැංකු ප්‍රකාශ කරන පරිදි ඔබ භාවිතා කරන ක්‍රෙඩිට්කාඩ් පත සඳහා දින
51ක උපරිම සහන කාලයක් භුක්ති විඳීමට ඔබ ගනුදෙනු කල යුත්තේ ඉහත උදාහරණයට
අනුව දෙසැම්බර් 31 දිනයි.
එනම් අවසාන මාසික ප්‍රකාශනය මුද්‍රණය වන
දිනයට පසු දිනයි. අපගේ සියලු ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනු එසේ එක් දිනක් තුල
සැලසුම් කොට සිදු කිරීම ප්‍රයෝගිකව අපහසු වුවත් මෙම ක්‍රියාවලිය ඔබ විසින්
හඳුනා ගැනීම ඔබට බෙහෙවින් ප්‍රයෝජනවත්වනු ඇත.
එවිට
ඔබ විසින් අනාගතයේ සිදු කිරීමට නියමිත ඉහල අගයක් ගන්නා යම් වැදගත් ගනුදෙනු
සඳහා දින 51ක උපරිම සහන කාලයක් උපක්‍රමශිලිව මේ හරහා හිමි කර ගත හැකි වනු
ඇත.
සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම තොරතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත.