ඔබ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියෙකු බවට පත් වූ පසු ඔබට නිරන්තරයෙන් ඔබගේ බැංකුව සමඟ පණිවිඩ හුවමාරු (communicate) කර ගැනීමට සිදු වේ. මෙය වාචිකව හෝ ලිඛිතව සිදු විය හැක.
බොහෝවිට ඔබගේ බැංකුව ඔබගේ නියෝග ක්‍රියාත්මක කරන්නේ ලිඛිත පණිවිඩ මතයි. මන්ද යත් යම් හෙයකින් බැංකුව ක්‍රියාත්මක කළ ඔබගේ නියෝග ඔබගේ උපදෙස් මත සිදු වූ බවට තහවුරු කළ හැකි සාක්ෂි බැංකුව සතුව පැවතිය යුතු හෙයිනි.
ලිඛිත පණිවිඩ සාමාන්‍ය තැපෑල හෝ ලියාපදිංචි තැපෑල ඔස්සේ
සිදු විය හැක. නැත්නම් ඊමේල් (email) මඟින් හෝ කෙටි පණිවිඩ (sms) මඟින් විය
හැක. කුමන ආකාරයකින් හෝ වේවා ඔබ බැංකුවට ඉදිරිපත් කරන ඉල්ලීම (request)
පැහැදිලි විය යුතුය. සරල විය යුතුය. වෘත්තිමය විය යුතුය. සියලු කරුණු
අනාවරණය විය යුතුය.
ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතාවේදී ඔබට වැදගත් විය හැකි ලිපි සාම්පල (samples) කිහිපයක් සඳහා links කිහිපයක් පහතින් සඳහන් කරමු. එම සාම්පල බාගත (download) කරගෙන මුද්‍රිත පිටපත් ලබා ගෙන ඔබගේ බැංකු වැඩකටයුතු වඩා සාර් ථකව ඉටු කර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම ලියකියවිලි භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත.

- පදිංචි ලිපිනය වෙනස් කිරීම (address change) සඳහා සාම්පල ලිපිය
- දුරකථන අංකය වෙනස් කිරීම (phone number change) සඳහා සාම්පල ලිපිය
- දුරකථන අංකය හා විද්‍යුත් ලිපිනය (phone number and email number change) වෙනස් කිරීම සඳහා සාම්පල ලිපිය
- ක්‍රෙඩිට් කාඩ්පත තාවකාලිකව විසන්ධි කිරීම (temporary block) සඳහා සාම්පල ලිපිය
- ක්‍රෙඩිට් කාඩ්පත ස්ථිරවම අවලංගු කිරීම (close card) සඳහා සාම්පල ලිපිය
- නව ක්‍රෙඩිට් කාඩ්පතක් සඳහා අයදුම් කිරීමට පෙර කාඩ්පතේ ගාස්තු සහ අනෙකුත් විස්තර ලබා ගැනීම (info request) සඳහා සාම්පල ලිපිය
- ක්‍රෙඩිට් කාඩ්පතේ ණය සිමාව වැඩි කිරීම (limit increase) සඳහා සාම්පල ලිපිය
- ක්‍රෙඩිට් කාඩ්පතේ සඳහන් ක්‍රෙඩිට් කාඩ්පත් හිමිකරුගේ නම වෙනස් කිරීම (name change) සඳහා සාම්පල ලිපිය
- ක්‍රෙඩිට් කාඩ්පත සඳහා නව රහස් අංකයක් (new PIN) ලබා ගැනීම සඳහා සාම්පල ලිපිය
- ක්‍රෙඩිට් කාඩ්පත නැවත නිකුත් කිරීම (re-issue) සඳහා සාම්පල ලිපිය
- ස්ථාවර දුරකථන සම්බන්ධතාවයකට අසල්වැසි සහය ලබා ගැනීම සඳහා සාම්පල ලිපිය
සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම ලියකියවිලි භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත.