මාතෘකාවට එන්න කලින් මධ්‍යගත මූල්‍ය (Centralized Finance - CeFi) සහ විමධ්‍යගත මූල්‍ය (Decentralized Fianance - DeFi) කියන දෙකේ වෙනස හඳුනා ගනිමු.
CeFi සහ DeFi වචන දෙකම භාවිතාවට එන්නේ Blockchain Technology පදනම් කරනම් ගෙන ලොව පුරා Cryptocurrency ප්‍රචලිත වීමත් සමඟයි. Cryptocurrency කියන්නේ Digital Money. මේවා අපිට අපේ අතේ තියෙන මුදල් යොදවලා මිලදී ගන්න පුළුවන්. එහෙම මිලදී ගත්තහම ඒ Digital Money තියෙන්නේ අන්තර් ජාලය තුළ විවිධ වෙබ් අඩවි තුළයි. මේ Digital Money අන්තර් ජාලය තුළ විවිධ ගනුදෙනු වලට භාවිතා කළ හැකියි. අවශ්‍ය වෙලාවට ඕන නම් බැංකු ගිණුමකට withdraw කරලා මුදල් බවට හරවා ගන්නත් පුළුවන්.
උදාහරණයකට හිතන්නකෝ හැමෝම කථා කරන Bitcoin ගැන. Bitcoin කියන්නේ Cryptocurrency වර් ගයක්. Bitcoin එකක් රු. මිලියන 18 ක් එහෙම නැත්නම් ඇමරිකානු ඩොලර් 61,000 ක් විතර වෙනවා අද. අතේ සල්ලි තියෙනවා නම් රු. මිලියන 18 ක් ඔයාට Bitcoin එකකට හරවගන්න පුළුවන් අන්තර් ජාලය තුළදී.
මේ Bitcoin එකෙන් යම්කිසි ප්‍රමානයක් ඔයාට අන්තර් ජාලය තුළ විවධ ගනුදෙනු වලට භාවිතා කරන්න පුළුවන්. හෙට මේ Bitcoin එක රු. මිලියන 20 ක් වුණොත් වැඩිවුණු රු. මිලියන 2 බැංකු ගිණුමක් හරහා ඔයාට මුදල් විධියට ලබා ගන්නත් පුළුවන්. මේ ගැන ඉතිං අපේ සිංහල Youtubers හදපු Youtube Videos තියෙනව අනන්ත අප්‍රමාණ. බලල ඉගෙන ගන්නකෝ.
අපිට කොහෙන්ද ඉතිං රුපියල් මිලියන 18වල් නේද. නැද්ද රු. 100 කට වගේ ගන්න පුළුවන් Cryptocurrency එහෙම? අපොයි තියෙනවා. රුපියල් 100 කට නොවෙයි රුපියලකට ගන්න පුළුවන් Cryptocurrency ත් තියෙනවා.
ඒවාට කියන්නේ Altcoins කියලයි. මොනවහරි Cryptocurrency එකක් තියෙනවනම් Bitcoin නොවන ඒ ඕනෑම එකක් Altcoins කියලයි හඳුන්වන්නේ. Altcoins කියන්නේ සරලව Alternative Coins කියන එක.
Bitcoin සංකල්පය අනුකරණය කරමින් අන්තර් ජාලය තුළ එක එක developers ල හදපු Cryptocurrency වර් ග තමයි මේ Altcoins කියන්නේ. සමහර Altcoins හරිම ලාභයි. Bitcoins වල කුඩාම ඒකකය විදියට සැලකෙන Satoshi කියන Altcoin එක සැළකුවොත් රුපියලකට ගන්න පුළුවන් Satoshi 500 ක් විතර.
Satoshi සහ Satoshi Nakamoto වචන Google කරලා බලන්නකෝ. ලස්සන කතා ටිකක් තියෙනවා ඉගෙන ගන්නවානම්.
දැනට අන්තර් ජාලයේ පවතින තොරතුරු අනුව ඒ තුළ භාවිතා වන Altcoins වර් ග 25,000 කට වැඩියි. ඒ ඔක්කොගෙම වටිනාකම ඩොලර් බිලියනකට වැඩියි කියලත් කියනව. ඒ වුනාට මේ ගාන කිහිප ගුණයකින් මීට වැඩි ඇති. හංගල තියන්නත් පුළුවන් ක්‍රම තියෙනවලු නේ. ඉතිං එතකොට සාමාන්‍ය මට්ටමේ සංඛ්‍යා ලේඛණ වලට අහුවෙන්නේ නැහැ.
ඔන්න මේ ටික ඔළුවට ගියා නම් මධ්‍යගත මූල්‍ය (Centralized Finance - CeFi) සහ විමධ්‍යගත මූල්‍ය (Decentralized Fianance - DeFi) කියන දෙකේ වෙනස තේරුම් ගන්න පුළුවන් ලේසියෙන්ම.
මධ්‍යගත මූල්‍ය (CeFi) හා සමාන දෙයක් තමයි අපි ජීවත් වෙන මේ ඇත්ත ලෝකේ සිද්ධ වෙන්නෙත්. රටක මහ බැංකුවක් තියෙනවා. ඒ අය රටේ මුදල් සැපයුම දිහා බලාගෙන ඉන්නවා. වෙළෙඳපොළේ මුදල් සැපයුම අඩු වැඩි වෙන කොට ඒ අය මුදල් නිකුත් කරනවා - නැත්නම් මුදල් එකතු කර ගන්නවා. මේවා කරන විවිධ ක්‍රම වේද තියෙනවා. ඒවා ඔයාට ඕන හැටියේ Internet එකෙන් ඉගෙන ගන්න පුළුවන්.
කවුරුහරි කෙනෙක් හෝ ආයතනයක් මොනවහරි විධියකින් මුදල් සැපයුම පාලනය කරනවනම් එතෙන බොහෝ දුරට තියෙන්නේ CeFi ක්‍රමයක්. අන්තර් ජාලය තුළත් මෙහෙම CeFi වෙබ් අඩවි තියෙනවා. ඒ අය නිකුත් කරන Cryptocurrency අන්තර් ජාලය තුළ අඩු වැඩි වෙන්නේ ඒ අය තීරණය කරන විදියට. හරියටම කිව්වොත් CeFi system වලදී නිතරම අතරමැදියෙක් ඉන්නවා.
දැන් අපි ජීවත් වෙන්නේ CeFi system එකක් ඇතුලෙනම් එතකොට අපි කඩේකින් බඩු ගන්නකොට අතරමැදියෙක් නෑනේ. සල්ලි දුන්න. බඩු ගත්ත. කොහෙද අතරමැදියෙක්? නෑ ඉන්නව. ඔබ භාවිතා කරන මුදල් නෝට්ටු නිකුත් කරපු මහ බැංකුව තමයි ඒ අතරමැදියා. ඔයාට සල්ලි අච්චු ගහන්න බැහැ. මහ බැංකුව අච්චු ගහපු මුදල් තමයි ඔයාට භාවිතා කරන්න පුළුවන්. පැහැදිළිවම CeFi system එකක්.
DeFi වලට එමු. මේ DeFi වලට අතරමැදියෙක් නැහැ. මුදල් නිර් මානය වෙන්නේ පරිඝනක වැඩසටහන් හරහා මිසක් මුදල් පාලනය කරන්න කවුරුවත් නැහැ. කාටවත් හිතුමතේට සල්ලි අච්චු ගහන්නත් බැහැ. හිතුමතේට සල්ලි එකතු කර ගන්නත් බැහැ. ලේසියෙන් කොපි කරන්නත් බැහැ. Customer Service නැහැ. හරි වැරදි අහන්න කෙනෙක් නැහැ. කියන්න කෙනෙක් නැහැ. වැඩේ තනිකර දුවන්නේ Smart Contracts වශයෙන් හඳුන්වන පරිඝනක වැඩසටහන් උඩ.
ඊශ්‍රායලයේ පිහිටා තිබෙන Kima නැමති නව ව්‍යාපාර ආයතනය සහ Mastercard ගිවිසුම්ගත වී තිබෙන්නේ මෙන්න මේ වගේ DeFi System එකක් දුවන ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දෙන්නයි. Mastercard එක පැත්තෙන් වැඩේට සම්බන්ධ වෙන්නේ ඒ අයගේ FinSec Innovation Lab. Kima පැත්තෙන් වැඩේට මුදල් ආයෝජනය කරන්න ඉදිරිපත්වෙලා තියෙන්නේ Israel Innovation Authority. රාජ්‍ය අනුග්‍රහය ලැබිල වගෙයි පේන්නේ.
අපි ජීවත් වන ඇත්ත ලෝකයේ මුදල්, අන්තර් ජාලයේ Smart Contracts උඩ දුවන DeFi System එකක් එක්ක සෘජුවම සම්බන්ධ වෙන කොට වෙන්න පුළුවන් සිදු වීම් ගණනාවක් තියෙනවා. Kima සහ FinSec දැනට සිදු කරමින් සිටින්නේ මේ සිදුවීම් එකින් එක විශ්ලේශනය කරන එක. මේ වසර අවසානයට ලෝකයේ ප්‍රථම DeFi ක්‍රෙඩිට් කාඩ්පත සැළසුම් කිරීමේ කටයුතු ආරම්භ කරන්න තමයි ඒ අයගේ බලාපොරොත්තුව.
ක්‍රෙඩිට් කාඩ් පතක් ලබා ගැනීම සඳහා අයදුම්පත්‍රයක් ඉදිරිපත් කළ පසු බැංකුව වෙනුවෙන් ඔබගේ කාර් යභාරය කුමක්ද? ක්‍රෙඩිට් කාඩ් පතක් ලබා ගැනීම සඳහා ඔබ විසින් බැංකුව වෙත ක්‍රෙඩිට් කාඩ් අයදුම්පත්‍රයක් සහ ඊට අවශ්‍ය අනෙකුත් ලියකියවිලි ඉදිරිපත් කළ පසු, බැංකුව විසින් එම අයදුම්පත්‍රය සහ අනෙකුත් ලියකියවිලි සමාලෝචනය කිරීමේදී පහත ගැටළුවලට පාත්‍ර වනු දැකිය හැකිය...