2024/05/16

මාසික ක්‍රෙඩිට් කාඩ් බිල්පතේ ඇතුළත් වන තොරතුරු සරලව තේරුම් ගනිමු


ක්‍රෙඩිට් කාඩ් පතක් ඉදිරිපත් කර ඔබ යම්කිසි වෙළෙඳසැලකින් භාණ්ඩ ලබා ගැනීමේදී ඔබ ඒ සඳහා මුදල් ගෙවීමක් සිදු නොකරයි. සිදුවන්නේ ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතේ පවතින ණය ශේෂයට එම ලබාගත් භාණ්ඩ වල වටිනාකම එකතු වීමෙන් ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතේ පවතින ණය ශේෂය ඉහළ යාම පමණකි. 

එම වෙළෙඳ සැලට ගෙවීම් භාර ගැනීමේ පහසුකම ලබා දී ඇති බැංකුව හරහා හෝ ඔබගේ බැංකුව විසින් සෘජුවම හෝ ඔබ ලබාගත් භාණ්ඩ සඳහා අදාළ වෙළෙඳ ආයතනයට මුදල් ගෙවීම, අදාළ ගනුදෙනුව සිදු වූ දින හෝ ඊට පසු දින සිදුවනු ඇත.


මෙසේ ඔබ ක්‍රෙඩිට් කාඩ් පතක් ඉදිරිපත් කර භාණ්ඩ ලබා ගන්නා වාරයක් වාරයක් පාසා ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතේ පවතින ණය ශේෂය ඉහළ යාම සිදුවන අතර ඊට අනුරූපව ඔබගේ බැංකු විසින් අදාළ වෙළෙඳ සැල් වෙත මුදල් ගෙවනු ලැබේ.


බැංකු විසින් ඔබ වෙනුවෙන් ගෙවීම් කරන ලද මුදල්, එනම් ඔබ විසින් භාවිතා කළ ණය ශේෂය සහ ඉන් ඔබ පියවිය යුතු අවම මුදල සඳහන් කරමින් ඔබ වෙත මාසික ක්‍රෙඩිට් කාඩ් බිල්පතක් ඔබගේ බැංකුව විසින් දින 30 කට වරක් ඔබ වෙත එවනු ඇත. 


මෙම මාසික ක්‍රෙඩිට් කාඩ් බිල්පතේ ඇතුළත් වන තොරතුරු පහත පරිදි එකින් එක හඳුනා ගමු.


ඔබගේ විස්තර 

  1. ඔබගේ නම සහ ලිපිනය 
  2. ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත් අංකය / ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුම් අංකය


කාල වකවානු විස්තර 

  1. මාසික ප්‍රකාශනය මුද්‍රණය වන දිනය 
  2. ගෙවීම් කළ යුතු අවසාන දිනය 


ණය ශේෂය පිලිබඳ විස්තර 

  1. ඉකුත් මාසයේ සිට ඉදිරියට ගෙන ආ ශේෂය 
  2. ඉකුත් මාසයේ මාසික ප්‍රකාශනය මුද්‍රණය වන දිනය සිට මේ මාසයේ මාසික ප්‍රකාශනය මුද්‍රණය වන දිනය දක්වා සිදුකරන ලද ගනුදෙනු 
  3. එක් එක් ගනුදෙනුව සිදු කරන ලද දිනය 
  4. එක් එක් ගනුදෙනුව සිදු කරන ලද වෙළෙඳ ස්ථානයේ නම 
  5. එක් එක් ගනුදෙනුව සිදු කරන ලද වෙළෙඳ ස්ථානයේ ස්වභාවය  
  6. ඉකුත් මාසයේ මාසික ප්‍රකාශනය මුද්‍රණය වන දිනය සිට මේ මාසයේ මාසික ප්‍රකාශනය මුද්‍රණය වන දිනය දක්වා සිදුකරන ලද ගනුදෙනු සඳහා 
  7. අය කරන ලද පොලිය 
  8. අය කරන ලද ගාස්තු 
  9. මේ මාසයේ සිට ඉදිරියට ගෙන යන ශේෂය 

ප්‍රතිලාභ විස්තර 

  1. ඉකුත් මාසයේ සිට ඉදිරියට ගෙන ආ ප්‍රතිලාභ ශේෂය
  2. ප්‍රතිලාභ ලැබීම් 
  3. ප්‍රතිලාභ මුදල් බවට පත් කිරීම් මේ මාසයේ සිට ඉදිරියට ගෙන යන ප්‍රතිලාභ ශේෂය 

පියවීම් විස්තර 

  1. පියවීමට තිබෙන මුළු ණය ශේෂය 
  2. පියවීමට තිබෙන මුළු ණය ශේෂයෙන් පියවිය යුතු අවම මුදල 
  3. අවම මුදල පමණක් පියවන්නේ නම් පියවීමට තිබෙන මුළු ණය ශේෂය පියවීමට ගතවන කාලය 
  4. පොලිය ගණනය වන ආකාරය 


මේ අතුරෙන් කාල වකවානු විස්තර සහ ණය ශේෂය පිලිබඳ විස්තර excel sheet උදාහරණයකින් එකවර හඳුනා ගනිමු.


Kima සහ Mastercard ගිවිසුම්ගත ප්‍රථම විමධ්‍යගත මූල්‍ය ක්‍රෙඩිට් කාඩ්පත සැළසුම් කිරීම මේ වසර අගදී මාතෘකාවට එන්න කලින් මධ්‍යගත මූල්‍ය (Centralized Finance - CeFi) සහ විමධ්‍යගත මූල්‍ය (Decentralized Fianance - DeFi) කියන දෙකේ වෙනස හඳුනා ගනිමු...