පටුන




ක්‍රෙඩිට් කාඩ් පතක් භාවිතා කිරීමේදී ඔබ විසින් සිදු නොකළ යුතු වැරදි 10 ක් එක පෙළට ක්‍රෙඩිට් කාඩ් එකකින් සැරින් සැරේ වියදම් කරන එකයි සැරින් සැරේ ඒකෙ ණය පියවගන්න එකයි හරියට බැලුවොත් නිකං ෆෝන් එකකට රිලෝඩ් ද දා කතා කරනව වගේ වැඩක්. චක්‍රයක් වගේ. මේ චක්‍රය ඇතුලේ අපි අතින් සිද්ද වෙන්න පුළුවන් වැරදි මොනවද කියල අද හඳුනා ගනිමු. වැරදි හදාගන්න ඕන විදියත් ඒ ගමන්ම බලාගෙන යමු.


ෆෝන්පේ දැන් ලංකාවේ ෆොන්පේ ලොකුවටම මෙහෙ භාවිතා කරන්න ඉඩ තියෙන්නේ ඉන්දියානු සංචාරකයෝ කියල තමයි පැවසෙන්නේ. ඒ ගොල්ලන්ට පුළුවන් ෆෝන්පේ ඇප් එක ඒ අයගේ ෆෝන් එකට දාගත්තම ලංකාවට ආපු වෙලාවට ඉන්දියානු රුපියල් වලින්ම මෙහෙ ෂොප් වලට ගෙවීම් කරන්න.


රෙස්ටුරන්ට් බිස්නස් එකකට ඇප්ලොව සිස්ටම් එකක් හොඳයිද? ඔයා පොඩියට රෙස්ටුරන්ට් එකක් කරගෙන යනවනම් මෙන්න ඔයා බලාගෙනම හිටපු නිව්ස් එකක්. ප්‍රයෝජනයක් ගන්න නම් සල්ලි ටිකක් ඕන වෙයි. සල්ලි අතේ නැත්නම් ඔලුවේ තියාගන්න. කවදහරි මේ දැනුම ඔයාට වැදගත් වේවි.


පොස් මැෂින් එක තව දියුණු වෙයිද නැත්නම් අභාවයට යයිද? මිට අවුරුදු දහයකට කලින් අපේ ක්‍රෙඩිට් කාඩ් එක කඩේකට දෙන කොට දැකපු පොස් මැෂින් එකයි අද තියෙන එකයි අහසට පොළොව වගේ. දැන් පොස් එක හරි පොෂ්...

සෙල්ෆ් චෙකවුට් වෙනුවට කාට් චෙකවුට් ගේන්නකෝ - කවුරුහරි කමක් නැහැ සෙල්ෆ් චෙකවුට් (Self-Checkout) දැන් දැන් අපේ රටෙත් සමහර සාප්පු සංකීර් ණ වල අත්හදා බලන්න වගේ දාලා තියෙනවා ඔයත් දැකල ඇති. තාම ඒවා වැඩිය ජනප්‍රිය නැහැ. තියෙන්නෙත් ගොඩක්ම කොළඹ පැත්තට වෙන්න තමයි. වැඩිපුර ටුවරිස්ට්ල එන නගරවලනම් ටිකක් එහෙන් මෙහෙන් ඇති... 

ක්‍රෙඩිට් කාඩ් ණය බරින් නිදහස් වෙන්න නම් මොනවද ඇත්තටම කරන්න ඕන  පසුගිය මාස කිහිපයේම මාධ්‍ය තුළ නිතර දැකපු මාතෘකාවක් තමයි ලෝකයේ බොහෝ පිරිසක් ක්‍රෙඩිට් කාඩ්පත් ණය බරින් පීඩා විඳිනවා කියන එක. ඉතින් කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියන එක ගැන ගොඩක් අය විවිධ අදහස් පළ කරල තිවුණා...

කාබන් ක්‍රෙඩිට්, ලොව ප්‍රථම වතාවට ඩිජිටල් වත්කම් බවට පත් කිරීමට මාස්ටර් කාඩ් ජාලය සූදානම් ලංකාවේ කවුරුවත් මේක ලොකුවට කතා කළේ නැති නිසයි, ජාත්‍යන්තර මූල්‍ය කටයුතු වේගයෙන් වෙනස් කර ගෙන යන බ්ලොක් චේන් ක්‍රිප්ටෝ කරන්සි තාක්ෂණයත් එක්ක මේ නිව්ස් එකත් ගෑවිලා ගිය නිසයි පොඩ්ඩක් ඇදල ගන්නට හිතුවා...

සියළු බැංකුවලින් ලබාගත හැකි සියළු ක්‍රෙඩිට් කාඩ්පත්, අයදුම් කිරීමට පෙර සංසන්දනය කළ හැකි මෘදුකාංගයක් ඕස්ට්‍රේලියාවෙන්  ක්‍රෙඩිට් කාඩ් එකක් පළවෙනි වතාවට ඇප්ලයි කරන්න යන හැමෝටම මූන දෙන්න වෙන ප්‍රශ්නයකට විසඳුමක් තමයි මේ හොයාගෙන තියෙන්නේ...

ඉලෙක්ට්‍රොනික ගෙවීම් කාඩ්පත් වල අවසානය අත ළඟ? Visa Flexible Credential වැනි නූතන තාක්ෂණික හඳුන්වාදීම් සමඟ අප අද භාවිතා කරන ඉලෙක්ට්‍රොනික ගෙවීම් කාඩ්පත් වේගයෙන් අභාවයට යමින් පවතින බව පැහැදිලිය. ඔබ ඔබගේ ස්මාට් ජංගම දුරකථනයේ අඟුළු විවෘත කරන්නේ යම් සේද, ඒ හා සමානව ඔබගේ ගෙවීම් සහ පියවීම් ඔබ විසින් සිදු කරන දිනය වැඩි ඈතක නොවේ...

මාසික ක්‍රෙඩිට් කාඩ් බිල්පතේ ඇතුළත් වන තොරතුරු සරලව තේරුම් ගනිමු ක්‍රෙඩිට් කාඩ් පතක් ඉදිරිපත් කර ඔබ යම්කිසි වෙළෙඳසැලකින් භාණ්ඩ ලබා ගැනීමේදී ඔබ ඒ සඳහා මුදල් ගෙවීමක් සිදු නොකරයි. සිදුවන්නේ ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතේ පවතින ණය ශේෂයට එම ලබාගත් භාණ්ඩ වල වටිනාකම එකතු වීමෙන් ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතේ පවතින ණය ශේෂය ඉහළ යාම පමණකි... 

Kima සහ Mastercard ගිවිසුම්ගත ප්‍රථම විමධ්‍යගත මූල්‍ය ක්‍රෙඩිට් කාඩ්පත සැළසුම් කිරීම මේ වසර අගදී මාතෘකාවට එන්න කලින් මධ්‍යගත මූල්‍ය (Centralized Finance - CeFi) සහ විමධ්‍යගත මූල්‍ය (Decentralized Fianance - DeFi) කියන දෙකේ වෙනස හඳුනා ගනිමු...

ක්‍රෙඩිට් කාඩ් පතක් ලබා ගැනීම සඳහා අයදුම්පත්‍රයක් ඉදිරිපත් කළ පසු බැංකුව වෙනුවෙන් ඔබගේ කාර් යභාරය කුමක්ද? ක්‍රෙඩිට් කාඩ් පතක් ලබා ගැනීම සඳහා ඔබ විසින් බැංකුව වෙත ක්‍රෙඩිට් කාඩ් අයදුම්පත්‍රයක් සහ ඊට අවශ්‍ය අනෙකුත් ලියකියවිලි ඉදිරිපත් කළ පසු, බැංකුව විසින් එම අයදුම්පත්‍රය සහ අනෙකුත් ලියකියවිලි සමාලෝචනය කිරීමේදී පහත ගැටළුවලට පාත්‍ර වනු දැකිය හැකිය...

ක්‍රෙඩිට් කාඩ් පතක් අයදුම් කිරීමට පෙර ක්‍රෙඩිට් කාඩ් පත් ගාස්තු ගැන දැනුවත් වෙමු ඔබට ක්‍රෙඩිට් කාඩ්පතක අවශ්‍යතාවය ඇත. එසේනම් ඔබ මුලින්ම කළ යුතු වන්නේ ශ්‍රී ලංකාවේ ඇති බලපත්‍රලාභී වාණිජ බැංකු 24 න්, ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරන බැංකුවල නිල වෙබ් අඩවිවලට පිවිසෙමින් ඒ එක් එක් බැංකුවල ඇති ඔබට ගැලපෙන ක්‍රෙඩිට් කාඩ්පත්වල ලැයිස්තුවක් පිළිවෙලට සකස් කර ගැනීමයි...

PhotonPay සහ Discover Global Network නව PhotonPay Commercial කාඩ්පත හඳුන්වා දෙයි Commercial Card පතක් ක්‍රෙඩිට් කාඩ්පතක් විය හැකිය. ඩෙබිට් කාඩ්පතක් විය හැකිය. එහෙමත් නැත්නම් ඒ දෙවිදියටම විය හැකිය. මොන විදියට වුනත් Commercial Card පතක් ක්‍රෙඩිට් කාඩ්පතකින් වෙනස් වන ප්‍රධානම කරුණ වන්නේ ඒවා ප්‍රධාන වශයෙන් ව්‍යාපාරික ගනුදෙනු සඳහා භාවිතා කිරීමයි...

BogusBazaar ව්‍යාජ e-commerce ජාලය හඳුනාගැනීමට SRLabs සමත් වෙයි දැන් දැන් වාර් තා වෙන තොරතුරු අනුව සෙල්ලම පටන් අරන් ඇත්තේ 2015 වසරටත් පෙරාතුව දීය. වසර ගණනාවක් තිස්සේ ගනුදෙනුකරුවන්ගේ දත්ත සොරා  ගැනීමට සමත් වූ 75,000 කට අධික ව්‍යාජ වෙළෙඳ වෙබ් අඩවි (fake e-commerce sites) ප්‍රමාණයෙන් 22,500 ක් පමණ තවමත් කොහෙ කොහේ හෝ සක්‍රියව ඇති බව පර් යේෂක යින්ගේ මතයයි...

ඇමරිකානු පාරිභෝගික ආරක්ෂණ කාර් යංශය එරට බැංකු සහ ගුවන් සමාගම් සමඟ හැප්පෙයි විදෙස් මාධ්‍ය පවසන අන්දමට වලිය ආරම්භ වී ඇත්තේ ඇමරිකානු බැංකු විසින් ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ගෙන් අය කරන ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාද ගාස්තු (late fees) පහළ දමන ලෙස එරට පාරිභෝගික මූල්‍ය ආරක්ෂණ කාර් යංශය (Consumer Financial Protection Bureau - CFPB) විසින් නිකුත් කරන ලද නියෝගයත් සමඟය...

Visa සහ Mastercard සේවා ගාස්තු නැවත ඇමරිකානු වෙළෙඳ සංගම් වෙත ගෙවීම් කිරීම 2024 මැයි 31 වෙනිදායින් අවසන් අදට වසර විස්සකට ආසන්න කාලයකට ඉහතදී, එනම් 2005 වසරේදී, Visa, Mastercard සේවා ජාල සහ තවත් ප්‍රමුඛ පෙළේ ඇමරිකානු බැංකු කිහිපයකට (JPMorgan Chase & Co., Citigroup Inc. and Bank of America Corp) එරෙහිව ඇමරිකානු වෙළෙඳ සංගම් 4 ක් (National Association of Convenience Stores, the National Association of Chain Drug Stores, the National Community Pharmacists Association, National Cooperative Grocers Association) විසින් එක්තරා නඩුවක් ගොණු කළහ. ඔවුන්ගේ චෝදනාව වූයේ Visa, Mastercard සේවා ජාල සහ ඔවුන්ගේ සහයක බැංකු, සේවා ඒකාධිකාරයක් (monopoly) පවත්වා ගනිමින්, තම වෙළෙඳ ස්ථානවලින් අසාධරණ ලෙස සේවා ගාස්තු අය කරන බවයි... 

Metal Cards ද Plastic Card ද වඩා හොඳ? 2024 අප්‍රේල් මස මැද භාගයේදී මාධ්‍ය තුළ කතාබහට ලක් වූ "ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වතාවට ලෝහ (Metal) ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතාව ඇරඹෙයි" යන මාතෘකාව හා සම්බන්ධ වූ පළ කිරීම් කිහිපයක් මෙම බ්ලොග් පිටුව එළිදැක්වීමට හේතු විය. 

2014 වසරේ ජනවාරි 5 ප්‍රථම වතාවට වෙබ් අවකාශයට පිවිසීමෙන් අනතුරුව අප 2017 වසරේ ජුලි 21 දින තාවකාලික නිහැඬියාවකට පත් වීමු. ඉන් අනතුරුව නැවත අප ඔබ හමුවට එන්නේ 2024 මැයි 7 දිනදීය. නොදැනුවත්ම දශකයක් ගත ව ඇත. නැරඹුම් වාර ගණන අනුව නම් ඔබ තවමත් අප සමඟ බව හැඟෙයි. ඉතින් බොහොමත්ම ස්තුතියි.   


සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම තොරතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත.