ඔබට ක්‍රෙඩිට් කාඩ්පතක අවශ්‍යතාවය ඇත. එසේනම් ඔබ මුලින්ම කළ යුතු වන්නේ ශ්‍රී ලංකාවේ ඇති බලපත්‍රලාභී වාණිජ බැංකු 24 න්, ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරන බැංකුවල නිල වෙබ් අඩවිවලට පිවිසෙමින් ඒ එක් එක් බැංකුවල ඇති ඔබට ගැලපෙන ක්‍රෙඩිට් කාඩ්පත්වල ලැයිස්තුවක් පිළිවෙලට සකස් කර ගැනීමයි.
ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිතා කිරීමේදී ඔබ එම ක්‍රෙඩිට් කාඩ්පත වෙළෙදසැල් වලට ඉදිරිපත් කර ලබා ගන්නා භාණ්ඩවලට අමතරව, ඔබ එම ක්‍රෙඩිට් කාඩ්පත බැංකු ATM යන්ත්‍රවලට ඇතුළු කර ලබාගන්නා මුදල්වලට අමතරව, වෙනත් ගාස්තුද ඔබට එම ක්‍රෙඩිට් කාඩ්පත නිකුත් කරන ලද බැංකුව වෙත ගෙවිය යුතු වේ. පොලී මුදලක්ද ගෙවිය යුතු වේ. බදු ද ගෙවිය යුතු වේ.
මේ නිසා ඔබ ක්‍රෙඩිට් කාඩ්පතක් ලබා ගැනීමට පෙර, එම ක්‍රෙඩිට් කාඩ්පත ලබා ගැනීමෙන් අනතුරුව ඔබට දැරීමට සිදුවන ගාස්තු පිලිබඳ මනා වැටහීමක් ලබා ගැනීම අත්‍යවශ්‍යය. වැටහීමකින් තොරව මොන වැඩේට අත ගැහුවත් ඉතිං ඒ වැඩේ කොට උඩ යන එකනං ඒකාන්තයි.
ඉහත ඔබ විසින් සකස් කර ගත යුතු යැයි අප විසින් යෝජනා කරන ලද ලැයිස්තුවේ පහත ගාස්තු සහ කරුණු පිළිබඳව ඔබගේ මූලික අවධානය යොමු විය යුතුය.
Annual Fee - ඔබ ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කළත් නැතත්, ඔබට ක්‍රෙඩිට් කාඩ්පත නිකුත් කළ බැංකුව වෙත මෙම ගාස්තුව සෑම වසරක් පාසා වසර ආරම්භයේදීම ඔබ විසින් ගෙවිය යුතු වේ. ඔබ භාවිතා කරන මූලික ක්‍රෙඩිට් කාඩ්පතට අමතරව, එයට සම්බන්ධ වෙනත් අතිරේක ක්‍රෙඩිට් කාඩ්පතක් (supplementary card) ඔබේ පවුලේ වෙනත් අයෙකු වෙත ඔබ විසින් ලබා දී ඇත්නම් එම අතිරේක කාඩ්පත වෙනුවෙන්ද මෙම ගාස්තුව වෙනම අය කරනු ලැබේ. එහෙත් සාමාන්‍යයෙන් මූලික ක්‍රෙඩිට් කාඩ්පතට වඩා අතිරේක කාඩ්පතට අය කරන ගාස්තු පහළ අගයක් ගනී.
Joining Fee - මෙම ගාස්තුව අය වන්නේ ඔබ නව ක්‍රෙඩිට් කාඩ්පතක් ප්‍රථම වතාවට ලබා ගන්නා විට පමණි. ඉන්පසු එම කාඩ්පත භාවිතා කරන මුළු කාලය පුරාවට මෙම ගාස්තුව අය නොවේ.
Late Payment Fee - ඔබ විසින් ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කිරීමේදී එහි භාවිතා කළ ණය ශේෂය (Outstanding Balance) ක්‍රමයෙන් ඉහළ යනු ඇත. භාවිත කළ ණය ශේෂයෙන් යම් ප්‍රතිශතයක් අවම මුදල (minimum payment) ලෙස ඔබට ක්‍රෙඩිට් කාඩ්පත නිකුත් කරන ලද බැංකුව වෙත යළි මාසිකව පියවීම් කළ යුතුය. මෙම අවම මුදල බැංකුව වෙත පියවිය යුතු අවසාන දිනයක් (due date) ඇත. මෙම අවසාන දිනයට පෙර හෝ එම දිනය තුළදී ඔබගේ අවම මුදල බැංකුව වෙත පියවීමට ඔබ අපොහොසත් වුවහොත් ඉහත සඳහන් ප්‍රමාද ගාස්තු ඔබට ගෙවීමට සිදු වනු ඇත. එය එක්තරා ආකාරයේ දඩ මුදලකි (penalty fee).
පසුගිය දිනයකදී ඇමරිකාවේ පාරිභෝගික අධිකාරිය විසින් මෙම ප්‍රමාද ගාස්තු පහල දමන ලෙස ඇමරිකාවේ බැංකු වලට නියෝග කරන ලදී. දෙවරක් නොසිතා ඇමරිකානු බැංකු නඩු මඟට එළඹියහ. ඔවුන්ගේ තර් කය වුණේ ප්‍රමාද ගාස්තු පහළ දැමීම මඟින් කලට වෙලාවට ණය පියවීම් කරන කාඩ්පත්හිමියන්ට අසාධාරණයක් සිදු වන බවයි. ප්‍රමාද ගාස්තු පහළ දැමීම හේතුවෙන් කලට වෙලාවට ණය පියවීම් කරන කාඩ්පත්හිමියන් ද කලට වෙලාවට ණය පියවීම් නොකරන තත්වයක් ඇතිවිය හැකි බව ඔවුන් උසාවිය හමුවේ ප්‍රකාශ කර සිටියහ. කරුණු සැළකිල්ලට ගත් ඇමරිකානු උසාවිය පාරිභෝගික අධිකාරියේ නියෝගය නිෂ්ප්‍රභා කළේය.
Surcharges - ඔබ ලබා ගන්නා සුවිශේෂී භාණ්ඩ සහ සේවා මත පමණක් මෙවන් ගාස්තු අය කරනු අප දැක ඇත. උදාහරණ ලෙස ක්‍රෙඩිට් කාඩ්පත ඉදිරිපත් කර, ඉහළ අගයකින් යුතු මද්‍යසාර ලබා ගැනීමේදී, ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමේදී, වාහනයට ඉන්ධන ලබා ගැනීමේදී මෙම ගාස්තු අය විය හැක. ඇතැම් බැංකු මෙම ගාස්තු වලින් යම් ප්‍රතිශතයක් විශේෂ කොන්දේසි මත යළි කාඩ්පත් හිමියාටම නැවත ලබා දෙන ක්‍රම වේදයක් ද ඇත. හොඳින් විස්තර සොයා බලා ඔබ විසින් ක්‍රෙඩිට් කාඩ්පත අයදුම් කළ යුතු බව යළිත් සඳහන් කර සිටිමු.
Cash Advance Fees - ක්‍රෙඩිට් කාඩ්පත ATM යන්ත්‍රයකට ඇතුළු කර මුදල් ලබා ගැනීමකදී, ATM යන්ත්‍රය අක්‍රියව පවතින්නේ නම් බැංකු ශාඛාවක කවුන්ටරයට ක්‍රෙඩිට් කාඩ්පත ඉදිරිපත් කර මුදල් ලබා ගැනීමකදී, මුදල් අත්තිකාරම් ගාස්තුව අය කෙරෙනු ඇත. සාමාන්‍යයෙන් මෙම මුදල් අත්තිකාරම් ගාස්තුව එක්තරා නිශ්චිත මුදල් අත්තිකාරම් අගයක් දක්වා එකම අගයකි. එම නිශ්චිත මුදල් අත්තිකාරම් අගය ඉක්ම වූ පසු මෙම මුදල් අත්තිකාරම් ගාස්තුව ප්‍රතිශතයක් ලෙස අය වනු ඇත.
උදාහරණයක් ලෙස රු. 50,000 ක් දක්වා මුදල් අත්තිකාරම් ගාස්තුව රු. 1,000 ක් විය හැකිය. ඒ අනුව ඔබගේ මුදල් අත්තිකාරම රු. 1,000 ක් නම් ගාස්තුවත් රු. 1,000 කි. පිස්සුවක් නේද. රු. 1,000 ක් අතට ගනිද්දී credit card outstanding balance එක රු. 2,000 ක් බවට පත් වනු ඇත.
රු. 50,000 ඉක්මවා මුදල් අත්තිකාරම් ලබා ගනිද්දී මුදල් අත්තිකාරම් ගාස්තුව ඉන් 2% ක් වශයෙන් යම්කිසි ප්‍රතිශතයක් විය හැකිය. හොඳින් විස්තර සොයා බලා ඔබ විසින් ක්‍රෙඩිට් කාඩ්පත අයදුම් කළ යුතු බව යළිත් සඳහන් කර සිටිමු.
ATM Withdrawal Fee - ක්‍රෙඩිට් කාඩ්පත ATM යන්ත්‍රයකට ඇතුළු කර මුදල් ලබා ගැනීමකදී පමණක් මෙම මුදල අය වනු ඇත. ඔබ විසින් ATM යන්ත්‍රය භාවිතා කිරීම වෙනුවෙන් ATM යන්ත්‍රය නඩත්තු කිරීමේ වියදම් දරන බැංකුව විසින් ඔබගෙන් අය කෙරෙන ගාස්තුවකි. Cash Advance Fees හා සැසඳීමේදී මෙය ඉතාමත්ම සුළු අගයක් විය හැකිය.