Commercial Card පතක් ක්‍රෙඩිට් කාඩ්පතක් විය හැකිය. ඩෙබිට් කාඩ්පතක් විය හැකිය. එහෙමත් නැත්නම් ඒ දෙවිදියටම විය හැකිය. මොන විදියට වුනත් Commercial Card පතක් ක්‍රෙඩිට් කාඩ්පතකින් වෙනස් වන ප්‍රධානම කරුණ වන්නේ ඒවා ප්‍රධාන වශයෙන් ව්‍යාපාරික ගනුදෙනු සඳහා භාවිතා කිරීමයි.
ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කොට Daraz හෝ Alibaba හරහා අත් ඔරලෝසුවක් ගෙන්වා ගැනීමට හැකි වුවත් විදේශීය චීන සමාගමකින් අත් ඔරලෝසු කන්ටේනරයක් ලංකාවට ආනයනය කරවා ගැනීමට ක්‍රෙඩිට් කාඩ්පතකින් ගෙවීම් සිදු කළ නොහැකිය. ඒ සඳහා ඔබට අවශ්‍ය වන්නේ Commercial Card පතකි.
ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතින් ඔබ විදේශ රටකදී සංචාරය කරන විට එම විදේශ රටේ භාවිතා කරන මුදලින් කරන ගෙවීම්, පසුව ඔබගේ මාසික බිල්පතට රුපියල්වලට හරවා එකතු (convert) කරනු ලැබේ. එහිදී බැංකු විසින් එම විදේශ මුදල් වල සහ රුපියල් වල විණිමය අනුපාත සැළකිල්ලට ගන්නවා ඇත.
විශාල වෙළෙඳ ගනුදෙනුවලට මෙම ක්‍රමය සුදුසු නැත. ඩොලර් ලක්ෂයක් නම් ලක්ෂයයි. ඒක එවෙලම ඒ විධියට වෙන්න ඕන. ආයේ පස්සේ රුපියල්වලට හරවනකොට කාට හරි අලාභයක් වෙන්න පුළුවන්. ඒ නිසා commercial cards හඳුන්වා දීල තියෙන්නේ විදේශ මුදල් ඒකක කිහිපයකින්ම (multi-currency) ගෙවීම් කරන්න පුළුවන් විදියටයි.
PhotonPay සහ Discover Global Network එකතු වෙලා මේ නිකුත් කරලා තියෙන්නෙත් ඒ වගේ commercial card එකක්. ඒක ක්‍රෙඩිට් කාඩ් එකක්ද ඩෙබිට් කාඩ් එකක්ද නැත්නම් ඒ දෙකේ මික්ස් එකක්ද කියල හොයාගන්න අපට බැරි වුනත් මේ සමාගම් දෙකේ වැදගත්කම ගැන පොඩ්ඩක් විස්තර කරන්න හිතුනා.
ක්‍රෙඩිට් කාඩ් එකක් නම් ණය සීමාවක් තියෙන්න ඕන. ඉතුරු කිරීමේ ගිණුමක් අවශ්‍ය නැහැ. ඩෙබිට් කාඩ් එකක් නම් ඉතුරු කිරීමේ ගිණුමක් තියෙන්න ඕන. ඩෙබිට් කාඩ්පතින් භාවිතා කරන්නේ ඒ ඉතුරු කිරීමේ ගිණුම තියෙන මුදල්. ක්‍රෙඩිට් ඩෙබිට් දෙක මික්ස් එකක් නම් ඉතුරු කිරීමේ ගිණුමේ මුදල් භාවිතා කරන්න පුළුවන් විතරක් නෙවෙයි. ගිණුමේ සල්ලි ඉවර වුණහම අනුමත ණය සීමාවක් භාවිතා කරන්නත් පුළුවන්
PhotonPay අයිතිය සතු Photon Dance (Hong Kong) Co., Ltd. ආරම්භ වන්නේ 2015 වසරේදී. බැංකු සහ අනෙකුත් මූලය ආයතන සඳහා ගෙවීම් පද්ධති (Payment System) මෘදුකාංග වැඩි දියුණු කර දීම ඒ කාලයේ ඔවුන්ගේ මූලික කාර් යයි. අද ඔවුන් චීනයේ ප්‍රමුඛතම මෘදුකාංග නිෂ්පාදන සමාගමකි.
2019 දී ඔවුන් ඇමරිකානු එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ හොංකොං රාජධානිය තුල ව්‍යාප්ත වූ අතර ආනයන අපනයන වෙළෙඳ කටයුතු සඳහා ඔවුන් හඳුන්වා දුන් Payment Collections ක්‍රම වේදය බොහෝ සාර් ථක විය.
2020 දී Photon Dance Group Singapore Corporation, Shenzhen Photon Dance Technology Co., Ltd ෂැන්හයි ශාඛාව විවෘත කරන ලද අතර, ඔවුන් විසින් Global Payouts, Foreign Exchange, Issuing, Payments ක්‍රමවේද හඳුන්වා දෙනු ලැබිණි. වැඩි විස්තර මෙතනින්.
එතකොට Discover Global Network කියන්නේ කවුද?
Discover Global Network අයිතිය තියෙන්නේ ඇමරිකානු මූල්‍ය සමාගමක් වන Discover Financial Services වලටයි. Capital One නමැති ඇමරිකානු බැංකුව විසින් පසුගිය පෙබරවාරි මාසයේ දී Discover Financial Services ඩොලර් බිලියන 35 කට මිළදී ගනු ලැබිණි.
Discover Bank, Discover Global Network, Discover Pulse Network විතරක් නොවෙයි මිලියන පණහක් කාඩ්පත් හිමියන් පිරිසක් භාවිතා කරන ඇමරිකාවේ තෙවැනියට ජනප්‍රියතම Discover Card එකත් දැන් ඒගොල්ලන්ගේ.
මේ ඉතිං දියුණු රටවල සාමාන්‍ය සිද්ධියක්. ලොකු කම්පැනි පොඩි කම්පැනි ගිලිනවා. මූදේ ලොකු මාළු පොඩි මාළු ගිලිනවා වගේ තමයි.
සමහර වෙලාවට ඔයා අහල ඇති Diners Club International ගැන. ඒ තමයි දැනට අපි භාවිතා කරන ක්‍රෙඩිට් කාඩ් එකේ මූලික සංකල්පය එළි දක්වපු ඇමරිකානු කාඩ්පත් සමාගම. Frank X. McNamara, Ralph Schneider, Matty Simmons සහ Alfred S. Bloomingdale ගේ සහයෝගයෙන් තමයි Diners Club International බිහිවෙන්නේ.
දවසක් McNamara, රෙස්ටුරන්ට් එකකින් කෑම කාලා බිල ගෙවන්න බලද්දී පර් ස් එක අමතක වෙලා ලු. බිරිඳ හිනා වේවි මුදල් ගෙව්වලු. 1949 මේ සිද්ධිය වෙලා තියෙන්නෙ. අවරුද්දක් තිස්සේ සැළසුම් කරලා මුදල් නැතුව කාඩ්බෝඩ් කාඩ්පතකින් බිල පියවන්න පුළුවන් ක්‍රමයක් විධියට Diners Club International හදපු McNamara කලින් එයාට පර් ස් එක අමතක වුනු රෙස්ටුරන්ට් එකටම බිරිඳ එක්ක ඇවිදින් ඉතිහාසයේ පළවෙනි වතාවට මුදල් නැතිව බිල ගෙව්වලු. ඒ 1950 අවුරුද්දෙ.
ඊට කලිනුත් Western Union වගේ සමාගම්වල ඔහොම ගෙවීම් ක්‍රම තිවිල තියෙනව. එත් අද අප භාවිතා කරන ක්‍රෙඩිට් කාඩ් එකට ගොඩක්ම සමාන කාඩ් එකක් මුල්ම වතාවට හඳුන්වා දෙන්නේ Diners Club International සහ-නිර් මාතෘ Frank X. McNamara තමයි.
Argentina, Australia, Brazil, China, Hong Kong, India, Japan, Kazakhstan, South Korea, Russia, Slovenia, Malaysia, Singapore, Philippines, Swiss, Austria, German, Turkey, United Arab Emirates, United Kingdom, Ireland, Vietnam වැනි රටවල Diners Club International ව්‍යාප්ත වුනත් කාලයත් එක්ක ඒවායේ අයිතිය ඇමරිකාවේ මව් සමාගමෙන් ගිලිහුනා. ඒවා දැන් පාලනය වෙන්නේ ඒ ඒ එක් එක් රටවල බැංකු, මූල්‍ය සමාගම් හෝ පුද්ගලික අයිතිකරුවන් විසින්.
ඇමරිකාවේ Diners Club International අයිතිය 1981 ඉඳන් 2008 වෙනකන් තිබුනේ Citigroup අතේ. හැබැයි 2008 දී මේක Citigroup වලින් මිලදී ගන්නේ කලින් අපි කතා වුනු Discover Financial Services තමයි.
සමාවෙන්න කතාව පොඩ්ඩක් දිග්ගැස්සුනාට. Diners Club International වගේ මාතෘකාවක් සම්බන්ධ වුනහම ඉතිං මඟ අරින්න බැහැනේ.
Diners Club International අයිතිය තියෙන Discover Financial Services වලට අනුබද්ධිත Discover Global Network එකයි, 2015 ඉඳන් හොඳක් නමක් හදාගත්තු චීනයේ ප්‍රසිද්ධ PhotonPay අයිතිය සතු Photon Dance (Hong Kong) Co., Ltd. එකයි එක්කාසු වෙලා මේ අලුතෙන් හඳුන්වල දුන්නු Commercial Card එක ගැන විස්තර කතා කරන්න හිතුනේ ඒ Commercial Card එක ගැන මෙන්න මෙහෙම වාක්‍යයක් දැකපු නිසයි. ආනයන අපනනය වෙළෙඳාමට සම්බන්ධ ඕනෑම ව්‍යාපාරයකට PhotonPay හරහා මෙම Commercial Card පත ඉල්ලුම් කළ හැකිය.
රටක් විධියට අපි වැටිල ඉන්න වෙලාවේ අපේ රටේ ආනයන අපනයන වෙළෙඳාම ඉහළට ගේන්න පුළුවන් මේ වගේ දේවල් ගැන පොඩ්ඩක් දැනුවත් වුනොත් නේද හොඳ. ඇයි අපි LC වලම එල්ලිලා ඉන්නෙ.
BogusBazaar ව්‍යාජ e-commerce ජාලය හඳුනාගැනීමට SRLabs සමත් වෙයි දැන් දැන් වාර් තා වෙන තොරතුරු අනුව සෙල්ලම පටන් අරන් ඇත්තේ 2015 වසරටත් පෙරාතුව දීය. වසර ගණනාවක් තිස්සේ ගනුදෙනුකරුවන්ගේ දත්ත සොරා ගැනීමට සමත් වූ 75,000 කට අධික ව්‍යාජ වෙළෙඳ වෙබ් අඩවි (fake e-commerce sites) ප්‍රමාණයෙන් 22,500 ක් පමණ තවමත් කොහෙ කොහේ හෝ සක්‍රියව ඇති බව පර් යේෂක යින්ගේ මතයයි...