හැඳින්වීම


ආයුබෝවන්! අපගේ බ්ලොග් අඩවියට පිවිසි ඔබ ඉතා සාදරයෙන් පිළිගනිමු.



ඉලෙක්ට්‍රොනික ගෙවීම් උපකරණ (Electronic Payment Devices) ශ්‍රී ලංකාව තුල දැන් ඉතා සුලභය. රජය විසින් ඒ සම්බන්ධව හඳුන්වා දී ඇති අණ පණත් ද රාශියකි. 

ක්‍රෙඩිට් කාඩ්පත් (Credit Cards), ඩෙබිට් කාඩ්පත් (Debit Cards), ඉන්ධන කාඩ්පත් (Fuel Cards), සංචාරක කාඩ්පත් (Travel Cards), QR කේත (QR Code), මෘදුකාංග යෙදවුම් සහිත ස්මාට්  උපාංග  (Smart Devices with Apps) ආදී වශයෙන් මෙම ඉලෙක්ට්‍රොනික ගෙවීම් උපකරණ විවිධාකාර වේ.
 
මෙම  බ්ලොග් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ ඉහත සඳහන් ගෙවුම් උපකරණ අතුරෙන්, ක්‍රියාකාරිත්වය අතින් මඳක් වටහා ගැනීමට අපහසු වුවත්, ඉතා වැදගත් ගෙවුම් උපකරණයක් වන ක්‍රෙඩිට් කාඩ්පත් පිලිබඳ පුළුල් අවබෝධයක් සදාදරණිය ශ්‍රී ලාංකික  පාරිභෝගික ජනතාව වෙත ලබා දීමයි. 

ක්‍රෙඩිට් කාඩ්පතක මුලික හරය (core concept) අවබෝධවිණි නම් අනෙකුත් ඕනෑම ගෙවුම් උපකරණයක ක්‍රියාකාරිත්වය පහසුවෙන් තේරුම් ගැනීමට ඔබට හැකි වනු ඇති බව අපගේ විශ්වාසයයි.

ශ්‍රී ලංකා මහ බැංකු වාර් තා අනුව 2023 වසරේ අග භාගය වන විට අප රටේ වාණිජ බැංකු විසින් පුද්ගලික අංශය වෙත ක්‍රෙඩිට් කාඩ්පත් ස්වරූපයෙන් නිකුත් කර ඇති ණය ප්‍රමාණය රු. බිලියන 156 කි. 2022 වසරට සාපේක්ෂව එය 4% ක වැඩි වීමකි. 



ඔබට ස්තුතියි...

2014 වසරේ ජනවාරි 5 ප්‍රථම වතාවට වෙබ් අවකාශයට පිවිසීමෙන් අනතුරුව අප 2017 වසරේ ජුලි 21 දින තාවකාලික නිහැඬියාවකට පත් වීමු. ඉන් අනතුරුව නැවත අප ඔබ හමුවට එන්නේ 2024 මැයි 7 දිනදීය. නොදැනුවත්ම දශකයක් ගත ව ඇත. නැරඹුම් වාර ගණන අනුව නම් ඔබ තවමත් අප සමඟ බව හැඟෙයි. ඉතින් බොහොමත්ම ස්තුතියි. 

වදනක්... 

(මෙම වෙබ් අඩවියේ ඇතුළත් ඇතැම් ජායාරූප DreamStudio, Aitubo, Leonardo යන වෙබ් අඩවි වලින් හඳුන්වා දී ඇති AI තාක්ෂණය භාවිතා කර ජනනය කර ඇති බව කරුණාවෙන් සළකන්න)