ක්‍රෙඩිට් කාඩ්පතක
ක්‍රියාකාරිත්වය තේරුම් ගැනීමට පෙර බැලු බැල්මට එහි ඇති මුලික ලක්ෂණ (basic
features) කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමු.
ක්‍රෙඩිට්
කාඩ්පතක් VISA, MASTERCARD, AMERICAN EXPRESS හෝ වෙනත් එවැනි සේවා ජාලයකට
(service network) අයත් විය හැක. තේරුම් ගැනීමේ පහසුව පිණිස VISA සේවා
ජාලයට අයත් කාඩ්පතක් නිදසුන් ලෙස ගනිමු.
මෙම ඡායාරූපය unibulmerchantservices.com අනුග්‍රහයෙනි. Courtesy: unibulmerchantservices.com
අංක
1 න් දැක්වෙන්නේ ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කළ හැකි සේවා ජාලයේ නිල ලාංචනයයි
(logo). මෙම උදාහරණයට අනුව සුදු පසුබිම මත නිල් පැහැයෙන් යුතු VISA ලාංචනය
කහ පැහැ ත්‍රිකෝණ සලකුණ සමඟ දැකිය හැක.
අංක
2න් දැක්වෙන්නේ සාමාන්‍යයෙන් ඉලක්කම් 16කින් යුතු ක්‍රෙඩිට් කාඩ්පත්
අංකයයි. MASTER සේවා ජාලය නම් අංක 5 න් ද, AMEX සේවා ජාලය නම් අංක 3 න් ද,
මෙම ඉලක්කම් 16 (16 digits) ආරම්භ වනු ඇත. අපගේ උදාහරණයට අදාළ වන්නේ VISA
සේවා ජාලයයි. එවිට ආරම්භක අංකය 4 වේ.
අංක
3න් දැක්වෙන්නේ ක්‍රෙඩිට් කාඩ්පතේ ආරක්ෂක අංගයකි (security feature).
ක්‍රෙඩිට් කාඩ්පතේ ඉලක්කම් 16ට අදාළ මුල් ඉලක්කම් හතර, වඩා කුඩා ඉලක්කම්
වලින් එම ප්‍රධාන ඉලක්කම් 16 ට පහතින් සඳහන් කර ඇත.
ඔබේ ක්‍රෙඩිට් කාඩ්පතෙත් මෙම කුඩා ඉලක්කම් 4 පවති දැයි බලන්න.
අංක
4න් හා 5න් දැක්වෙන්නේ ක්‍රෙඩිට් කාඩ්පතේ සක්‍රිය කාල සීමාවයි (validity
period). ඕනෑම ක්‍රෙඩිට් කාඩ් පතක් භාවිතා හැකි කාල සීමාවක් තිබේ. මෙය
ඇතැම් විට වසරක් විය හැක. වසර දෙකක් විය හැක. එය බැංකුවෙන් බැංකුවට වෙනස්
වේ. සක්‍රිය කාලය අවසන් වීමෙන් පසු එම ක්‍රෙඩිට් කාඩ්පත ඔබගේ බැංකුව විසින්
නැවත නිකුත් කල යුතුය (re-issue). මෙයද එක්තරා ආකාරයේ ආරක්‍ෂිත
උපක්‍රමයකි.
ක්‍රෙඩිට් කාඩ්පතක සක්‍රිය කාලය කාඩ්පත මතුපිට සඳහන් කරන
සුවිශේෂී ක්‍රම වේද කිහිපයකි. නිදසුන් ලෙස ක්‍රෙඩිට් කාඩ්පතක් වලංගු වන්නේ
2024 ඔක්තෝබර් මාසයේ සිට 2026 නොවැම්බර් මාසය දක්වා යැයි සිතමු. එවිට එය
valid from 10/24 good thru 11/26 ලෙස කාඩ්පත මත සටහන් වනු ඇත. අන්තර් ජාල ගනුදෙනු වලදී මෙම සක්‍රිය කාලය අවසන් වන මාසය හා වසර (අංක 5) ඉතා වැදගත්
වේ.
අංක
6න් දැක්වෙන්නේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමිකරුගේ නමයි. මෙය මුද්‍රණය වන ආකාරය
කාඩ්පත් හිමිකරුගේ රුචිකත්වය (preference) පරිදි සිදු වේ.
අංක
7න් දැක්වෙන්නේ memory chip එකකි. මුල් අවධියේ ක්‍රෙඩිට් කාඩ්පත් දත්ත එහි
පිටුපස කළු පැහැ කාන්දම් තීරුවේ (magnetic strip) පමණක් අඩංගු කලත්
ආරක්‍ෂිත හේතුන් මත මෙම memory chip තුලද දත්ත තැන්පත් කිරීමක් සිදු විය.
එය වැඩි ආරක්ෂාවට යොදන ලද අංගයකි.
අංක 8 න් දැක්වෙන්නේ ක්‍රෙඩිට් කාඩ්පත සෙමින් හැර වූ විට පියාපත් සලන සේ දිස්වන ත්‍රිමාන පරෙවියෙකුගේ (flying dove) දේදුණු වර් ණ සහිත රුවයි. මෙයද නිවැරදි ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුනා ගැනීමේ ආරක්ෂක අංගයකි.
අංක
9 සහ 10 රූප වලින් දැක්වෙන්නේ VISA සේවා ජාලය විසින් අනුමත කර ඇති තවත්
කාඩ්පත් ආකාර කිහිපයකි. මේවා සේවා ජාලයෙන් ජාලයට වෙනස් විය හැක.
අංක
11 න් දැක්වෙන්නේ කළු පැහැ කාන්දම් තීරුවයි. කාඩ්පත් හිමිකරුගේ දත්ත මෙහි
ඇතුලත් වේ. මෙම කාන්දම් තීරුව, සීරීම්, නැවීම්, පළුදු වීම්, චුම්භක හෝ
විකිරණ ක්ෂේත්‍ර (magnetic or radiation fields) වලට නිරාවරණය කිරීම් වලින්
ආරක්ෂා කර ගැනීම කාඩ්පත් හිමිකරුගේ වගකීමකි.
අංක 12 න් දැක්වෙන්නේකාඩ්පත්
හිමිකරු විසින් තම අත්සන යෙදිය යුතු අත්සන් තීරුවයි (signature line).
ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත පිටුපස ඔබගේ අත්සන තබා නොමැතිනම් එහි අත්සන යොදන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
අංක 13 න් දැක්වෙන්නේ
ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කර අන්තර්ජාල ගණුදෙණු සිදු කිරීමේදී අවශ්‍ය වන
ආරක්ෂක අංකයකි. මේ හේතුවෙන් කාඩ්පත් හිමිකරුවන් තම කාඩ්පත වෙනත් පුද්ගලයින්
අතට පත් කිරීමේදී නිරන්තර අවධානයෙන් සිටිය යුතු වේ.
සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම තොරතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත.