ක්‍රෙඩිට් කාඩ් එකක් පළවෙනි වතාවට ඇප්ලයි කරන්න යන හැමෝටම මූන දෙන්න වෙන ප්‍රශ්නයකට විසඳුමක් තමයි මේ හොයාගෙන තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපේ රටේ ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරන බැංකු විස්සක් තියෙනවා කියල හිතමු. මේ බැංකු විස්සෙන් සමහර බැංකු නිකුත් කරන්නේ ක්‍රෙඩිට් කාඩ්පත් එක ජාතියයි. සමහර බැංකු එක එක ජාතියේ ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරනවා. ඒවායේ ගාස්තු, පොලී, ප්රතිලාභ, එකිනෙකට වෙනස්.
ඉතින් පොදු තැනක් තියෙනවානම් අපි ඕන කෙනෙකුට ගිහිල්ල මේ ඔක්කොම බැංකු වල ඔක්කොම ක්‍රෙඩිට් කාඩ් සංසන්දනය කරන්න, එහෙම නැත්නම් compare කරන්න, අන්න එහෙම තැනක් ගැන තමයි මේ ආරංචිය.
මේ සමාගමේ නම creditcardcompare. පේනවනෙ. සමාගමේ නමත් ඒගොල්ලෝ ලබා දෙන සේවාව ගැනම තමයි. මේගොල්ලෝ ඕස්ට්‍රේලියානු සමාගමක්. 2008 වසරේ ඉඳන් අද දක්වා ක්‍රියාත්මක, 70 කට අධික ඕස්ට්‍රේලියාවේ බැංකු සහ මූල්‍ය ආයතන රාශියක් විසින් නිකුත් කරන එක එක ජාතියේ ක්‍රෙඩිට් කාඩ්පත් විශාල ප්‍රමාණයක තොරතුරු මේ අයගේ වෙබ් අඩවිය තුළ අඩංගුයි. ඕන කෙනෙකුට ෆිල්ටර් කරලා තොරතුරු ගන්න පුළුවන්.
අපි මේ creditcardcompare වෙබ් සයිට් එක ඇතුළට ගියහම දැක්කා ක්‍රෙඩිට් කාඩ් compare කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා කියල. ඔයත් දකින්න ඇති. එක ක්‍රමයක් තමයි Card comparison table. අනෙක් ක්‍රමය Card vs card.
Tabe කිව්වහම අපි හිතුවේ නම් වගුවක් වගේ එකක් ලෝඩ් වෙයි කියල. ඒ වුනාට ඒ Card comparison table එකෙන් නම් ලෝඩ් වෙන්නේ ක්‍රෙඩිට් කාඩ්පත් ලිස්ට් එකක්.
ඕස්ට්‍රේලියාවේ සියලු බැංකු වල සියලු ක්‍රෙඩිට් කාඩ්පත් ඒ ලිස්ට් එකට එනවා වගේ කියලයි අපට නම් වැටහුනේ. ඒක දිග ලිස්ට් එකක්. හැබැයි මේ දිග ලිස්ට් එකේ තියෙන ක්‍රෙඩිට් කාඩ් ෆිල්ටර් කරන්න ඔප්ෂන් දෙකක් තියෙනවා ලිස්ට් එකේ උඩින්ම වගේ.
එකකින් ක්‍රෙඩිට් කාඩ් නිකුත් කරන බැංකුවක් හරි මූල්‍ය ආයතනයක් තෝරන්න පුළුවන්. අනෙක් එකෙන් ඉංග්‍රීසි අකාරාදී පිළිවෙලට (alphabetical order), එහෙම නැත්නම් අළුත්ම ක්‍රෙඩිට් කාඩ් එකේ ඉඳන් පරණම ක්‍රෙඩිට් කාඩ් එකට මේ ලිස්ට් එක හදන්න පුළුවන්.
ඒ ලිස්ට් එකේ තියෙන ක්‍රෙඩිට් කාඩ් එකින් එක සිලෙක්ට් කරල වගුවක් ඇතුලේ වගේ සංසන්දනයක් වෙනම කරන්නත් පුළුවන්. උදාහරණයකට හිතන්නකෝ ඔයා ලෝඩ් කරපු ලිස්ට් එකෙන් ඔයාට හොඳයි කියල හිතෙන ක්‍රෙඩිට් කාඩ් 5 ක් සිලෙක්ට් කළා කියල. පහළින් තියෙන compare කියන කමාන්ඩ් එකෙන් ඒ ක්‍රෙඩිට් කාඩ් 5 වගුවකට වගේ හැදිලා එනවා.
හැබැයි ඉතිං ඒක එච්චරම සංසන්දනාත්මකයි කියන්න නම් බැහැ. ඒ කියන්නේ එතන ඒ එක් එක් ක්‍රෙඩිට් කාඩ් එකේ පොදු විස්තරයක් එනව මිසක් ලොකුවට comparison එකක් නම් වෙන්නේ නැහැ. comparison එකක් නම් උපමාතෘකා create වෙලා ඒ එක් එක් උප මාතෘකාව අනුව කාඩ් compare වෙන්න ඕන. උදාහරණයක් විදිහට වාර් ශික ගාස්තුව කියන උප මාතෘකාව සැළකුවොත් කාඩ්පත් පහේම වාර් ශික ගාස්තුව එකම ලයින් එකකට එන්න ඕන. මෙතන එහෙම එකක් අපි දැක්කේ නැහැ.
හැබැයි අපි අර මුලින් සඳහන් කරපු Card vs card ඔප්ෂන් එකේනම් එහෙම එකක් වෙනවා. ඒ වුනත් ඉතින් එතනත් compare වෙන්නේ මුළු කාඩ්පත් ප්‍රමාණයෙන් බොහොම සුළු ප්‍රමාණයක්.
ඊට අමතරව, ක්‍රෙඩිට් කාඩ් ගත්තහම ඕස්ට්‍රේලියාවේ හැපනින් වැඩිම මාතෘකා තියෙනවනේ 0% purchase, balance transfer, best, business, frequent flyer, instant approval, rewards වගේ. අන්න ඒවාට වෙනම ලිස්ට් හැදිලා එනවා. ප්‍රයෝජනයි ඉතින්.
ඩිවලොප්මන්ට්ස් අතින් බැලුවොත් මේ creditcardcompare වෙබ්සයිට් එකට තව බොහෝ දුරක් යන්න තියෙනවා කියලයි අපේ හැඟීම. කොහොම වුනත් ඒ ගොල්ලෝ අත ගහපු වැඩේ හොඳයි. සමාජයේ පවතින අවශ්‍යතාවය හඳුනාගෙන තියෙනවා. ව්‍යාපාරයක් බොහෝ විට සාර් ථක වෙන්නේ ඒ ව්‍යාපාරයෙන් නිර් මානය කෙරෙන දේට සමාජය තුළ අවශ්‍යතාවයක් තියෙනවා නම් විතරයි.
ඒක නෙවෙයි. ඔයාට ආස නැද්ද මෙහෙම වෙබ් සයිට් එකක් ලංකාවේ දැනට තියෙන ක්‍රෙඩිට් කාඩ් වලට හදන්න. බොහොම ඉක්මනට පොපියුලර් වෙලා ලොකු ට්‍රැෆික් එකක් හදාගන්න පුළුවන් වෙයි මහන්සි වුනොත්. ඇඩ්වටයිසින් වලින්ම හොඳ ගාණක් හොයා ගන්නත් හැකි වෙයි. වෙබ් සයිට් එකක් ඕනෙත් නැහැ. එකම එක වෙබ් පේජ් එකක් තිවුන නම් හොඳටම ඇති. මහන්සි වෙන්න ඕන දේ තමයි නිතරම ඩේටාබේස් එක අප්ඩේට් කරන්න ඕන. ක්‍රෙඩිට් කාඩ් ඉන්ට්‍රස්ට්, ෆීස් වගේ දේවල් ඉතිං නිතර වෙනස් වෙනවනේ.
ඉලෙක්ට්‍රොනික ගෙවීම් කාඩ්පත් වල අවසානය අත ළඟ? Visa Flexible Credential වැනි නූතන තාක්ෂණික හඳුන්වාදීම් සමඟ අප අද භාවිතා කරන ඉලෙක්ට්‍රොනික ගෙවීම් කාඩ්පත් වේගයෙන් අභාවයට යමින් පවතින බව පැහැදිලිය. ඔබ ඔබගේ ස්මාට් ජංගම දුරකථනයේ අඟුළු විවෘත කරන්නේ යම් සේද, ඒ හා සමානව ඔබගේ ගෙවීම් සහ පියවීම් ඔබ විසින් සිදු කරන දිනය වැඩි ඈතක නොවේ.
.