ඒ අනුව ඔබගේ ඇඟිලි සලකුණ හෝ ඔබගේ මුහුණ (biometrics) හඳුනා ගැනීම මඟින් ඔබගේ ගෙවීම් සහ පියවීම් සිදුවනු ඇත. සෑම ගනුදෙනුවක් ම එම ගනුදෙනුවටම සුවිශේෂී රහස් අංකයක් (OTP - One Time Password) මඟින් ඔබ විසින් අනුමත කෙරෙනු ඇති අතර ගනුදෙනුවේ අවදානම් ස්වභාවය ඉහළ (high risk) නම් ඔබ පමණක් දන්නා මුර වචනය (Pass Word) කින් ගනුදෙනු සිදු වනු ඇත.
කෘතීම බුද්ධිය (Artificial Intelligence - AI) ගැන දැන් හැමෝම කථා කරති. අයිසිං ටික අයිං කරල බැලුවොත් ඇත්තටම AI තාක්ෂණය ඇත්තේ තාම බොහොම ප්‍රාථමික මට්ටමේ බව නම් නොරහසකි. ඒත් තවමත් මේ ප්‍රාථමික මට්ටමේ පවතින AI මඟින් ඔබ සිදු කරන ගෙවීම් සහ පියවීම් බොහෝ දුරක් රැගෙන යා හැකි බව නම් පැහැදිළිය.
උදාහරණයක් සැලකුවොත් AI තාක්ෂණයට ඔබ ගෙවීම් සිදු කරන රටාව (Payment Pattern) හඳුනා ගැනීමේ හැකියාව පවතී. මේ අනුව ඔබ විසින් සිදු කළ යුතු ගෙවීම් ඔබට කල්තබා සිහිපත් කරවීම, ඔබ යම්කිසි සීමාවක් ඉක්මවා ගනුදෙනු කිරීමේදී එහි අවදානම සිහිපත් කරවීම, එළඹෙන ඉදිරි වසර සඳහා මූල්‍ය කළමනාකරණයට ඔබට සහය වීම වැනි දෑ AI තාක්ෂණයට ඉටු කළ හැක.
එසේම ඔබ ගෙවීම් සිදු කරන රටාව හඳුනා ගැනීම අනුව, වෙනත් පුද්ගලයෙකු විසින් ඔබගේ මුදල් අවභාවිතා කරන අවස්ථා AI තාක්ෂණය විසින් පහසුවෙන් වටහා ගෙන එවන් ක්‍රියා එසැණින් වලක්වාලනු ඇත.
Quantum Computing වැනි ඉහළ ධාරිතාවයකින් යුතු පරිඝනක පද්ධති ලොව සුලභ වීමත් සමඟ ඉදිරියේදී AI සතු මේ හැකියාව වඩාත් වැඩි දියුණු වනු ඇත. සංකීර්ණ AI මෘදුකාංග ක්‍රියාත්මක කළ හැක්කේ Quantum Computing හරහා පමණි. Google හරහා ඔබට Quantum Computing ගැන වැඩි දුර තොරතුරු ලබා ගත හැක. (ලෝකයේ විශාලම Quantum Computers මොනවද කියල පොඩ්ඩක් දැන ගනිමු )
AI සමඟ ඔබ අද භාවිතා කරන ප්ලාස්ටික් හෝ ලෝහ (Metal) ගෙවීම් කාඩ්පත් සියල්ලම දැනටමත් ක්‍රම ක්‍රමයෙන් ඔබගේ ස්මාට් ජංගම දුරකථනයේ පවතින ගෙවීම් මෘදුකාංග බවට පත් වෙමින් පවතී. Virtual card, e-wallet, යන නම් වලින් හැඳින්වෙන මෙම ගෙවීම් මෘදුකාංග (Payment Apps) ඔබට දැනටමත් හුරු පුරුදු බවට සැක නැත.
ඉස්සර ඔබ ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතින් යම් භාණ්ඩයක් වෙනුවෙන් ගෙවීම් කිරීම සඳහා වෙළෙඳ සැලකට ඉදිරිපත් කළ විට, එම කාඩ්පතේ පිටුපස කාන්දම් තීරුව (Magnetic Stripe), POS යන්ත්‍රයක සංවේදක හා සම්බන්ධ වන පරිදි එක් කෙළවරක සිට අනෙක් කෙලවරට චලනය (swipe) කරන ආකාරය ඔබට මතක ඇති. නිවැරදි චලනයකදී ක්‍රෙඩිට් කාඩ්පතේ විස්තර යන්ත්‍ර තිරයේ දිස් වෙයි. ඉන්පසුව ගනුදෙනුව සිදු කෙරෙයි.
කාඩ්පතේ පිටුපස කාන්දම් තීරුවට අමතරව කාඩ්පත්වලට කාන්දම් චිපයක් (Magnetic Chip) එකතු වීමෙන් පසු මෙම swipe කිරීම dip කිරීමක් බවට පත් විය. එහිදී එක් කෙළවරක සිට අනෙක් කෙලවරට චලනය කිරීම වෙනුවට කාඩ්පත POSයන්ත්‍රය තුළට ඇතුළු කිරීමක් සිදු විය.
දැන් ඒකත් නැත. දැන් ඇත්තේ කාඩ්පත POS යන්ත්‍රයට සමීප කිරීම පමණකි. ගනුදෙනුව සිදු වේ. ඒ විතරක් නොවෙයි. දැන් POS යන්ත්‍රයත් ස්මාට් දුරකථනයකට සමානය. ඉස්සර වගේ වැනි වැනි වැඩ නැහැ. තිබ්බ හැටියෙ වැඩ.
ඔබගේ සමාට් ජංගම දුරකථනය ඕනෑම වෙළෙඳ සැලකට ගෙවීම් සිදු කළ හැකි POS යන්ත්‍රයක් බවට පත් වෙමින් ඇත. QR කේත ක්‍රමය මෙහි මූලාරම්භය යි.
නොබෝ දිනකින් ඔබ අතැති ක්‍රෙඩිට් කාඩ්පත ඔබගේ ස්මාට් දුරකථනයට සමීප කිරීම මඟින් ඔබගේ ගෙවීම් ඔබ විසින් ම සිදු කරනු ඇත. ක්‍රෙඩිට් කාඩ්පතේ තොරතුරු ස්මාට් දුරකථනයේ ගෙවීම් මෘදුකාංග (Smart Payment Apps) තුළට ක්ෂණිකව ඇතුළත් කොට කාඩ්පත ඉවත දමනු ඇත.
ඉදිරියට එළඹෙන්නේ කාඩ්පත් ඉවත දමන යුගයයි.
මාසික ක්‍රෙඩිට් කාඩ් බිල්පතේ ඇතුළත් වන තොරතුරු සරලව තේරුම් ගනිමු ක්‍රෙඩිට් කාඩ් පතක් ඉදිරිපත් කර ඔබ යම්කිසි වෙළෙඳසැලකින් භාණ්ඩ ලබා ගැනීමේදී ඔබ ඒ සඳහා මුදල් ගෙවීමක් සිදු නොකරයි. සිදුවන්නේ ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතේ පවතින ණය ශේෂයට එම ලබාගත් භාණ්ඩ වල වටිනාකම එකතු වීමෙන් ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතේ පවතින ණය ශේෂය ඉහළ යාම පමණකි...