2024/05/14

ක්‍රෙඩිට් කාඩ් පතක් ලබා ගැනීම සඳහා අයදුම්පත්‍රයක් ඉදිරිපත් කළ පසු බැංකුව වෙනුවෙන් ඔබගේ කාර් යභාරය කුමක්ද?


ක්‍රෙඩිට් කාඩ් පතක් ලබා ගැනීම සඳහා ඔබ විසින් බැංකුව වෙත ක්‍රෙඩිට් කාඩ් අයදුම්පත්‍රයක් සහ ඊට අවශ්‍ය අනෙකුත් ලියකියවිලි ඉදිරිපත් කළ පසු, බැංකුව විසින් එම අයදුම්පත්‍රය සහ අනෙකුත් ලියකියවිලි සමාලෝචනය කිරීමේදී පහත ගැටළුවලට පාත්‍ර වනු දැකිය හැකිය. 


අයදුම්පත්‍රය සම්බන්ධ ගැටළු 

  • අයදුම්පත්‍රයේ ඔබගේ අත්සන තබා නොමැත 
  • අයදුම්පත්‍රය හරහා ඔබ අතිරේක ක්‍රෙඩිට් කාඩ්පතක් අයදුම් කර තිබුනත් එම අතිරේක කාඩ්පත ලබාගන්නා පුද්ගලයා අයදුම්පත්‍රයේ අත්සන තබා නොමැත
  • අයදුම්පත්‍රයේ සඳහන් දුරකථන අංක ක්‍රියා විරහිතය 
  • අයදුම්පත්‍රයේ සඳහන් තොරතුරු අමුණා ඇති ලියකියවිලි හා නොගැලපේ 
  • අයදුම්පත්‍රය අසම්පූර් ණයි

ජාතික හැඳුනුම්පතේ ජායා පිටපත හා සම්බන්ධ ගැටළු  

  • ඔබ විසින් ඉදිරිපත් කර ඇති ජාතික හැඳුනුම්පතේ ජායා පිටපත අපැහැදිලියි 
  • ඔබ විසින් ඉදිරිපත් කර ඇති ජාතික හැඳුනුම්පතේ ජායා පිටපත සත්‍ය පිටපතක් ලෙස තහවුරු කර නොමැත 
  • ඔබ විසින් ඉදිරිපත් කර ඇති ජාතික හැඳුනුම්පතේ ජායා පිටපතේ ඇතුලත් තොරතුරු, ඔබ විසින් ඉදිරිපත් කර ඇති අයදුම්පතේ ඇතුළත් කර ඇති විස්තර හා නොගැලපේ
  • ඔබ විසින් ඔබගේ ජාතික හැඳුනුම්පතේ ජායා පිටපතක් ඉදිරිපත් කර නොමැත 


මාසික වැටුප් වාර් තා හා සම්බන්ධ ගැටළු 

  • ඔබ විසින් ඉදිරිපත් කර ඇති මාසික වැටුප් වාර් තාවල ජායා පිටපත් අපැහැදිලියි 
  • ඔබ විසින් ඉදිරිපත් කර ඇති මාසික වැටුප් වාර් තාවල ජායා පිටපත් සත්‍ය පිටපත් ලෙස තහවුරු කර නොමැත 
  • ඔබ විසින් ඉදිරිපත් කර ඇති මාසික වැටුප් වාර් තාවල ජායා පිටපත්වල ඇතුලත් තොරතුරු, ඔබ විසින් ඉදිරිපත් කර ඇති අයදුම්පතේ ඇතුළත් කර ඇති විස්තර හා නොගැලපේ
  • ඔබ විසින් ඔබගේ මාසික වැටුප් වාර් තාවල ජායා පිටපත් ඉදිරිපත් කර නොමැත 


සේවා සහතිකය හා සම්බන්ධ ගැටළු 

  • ඔබ විසින් ඉදිරිපත් කර ඇති සේවා සහතිකයේ ජායා පිටපත අපැහැදිලියි 
  • ඔබ විසින් ඉදිරිපත් කර ඇති සේවා සහතිකයේ ජායා පිටපත සත්‍ය පිටපතක් ලෙස තහවුරු කර නොමැත 
  • ඔබ විසින් ඉදිරිපත් කර ඇති සේවා සහතිකයේ ජායා පිටපතේ ඇතුලත් තොරතුරු ඔබ විසින් ඉදිරිපත් කර ඇති අයදුම්පතේ ඇතුළත් කර ඇති විස්තර හා නොගැලපේ
  • ඔබ විසින් ඔබගේ සේවා සහතිකයේ ජායා පිටපත ඉදිරිපත් කර නොමැත 

ලියකියවිලි දෝෂ සම්බන්ධයෙන් ඔබගේ කාර් යභාරය 

ඉහත බොහෝ ගැටළු වලට බැංකු පාත්‍ර වන්නේ  ඔබ විසින් ඉදිරිපත් කර ඇති ලියකියවිලි වල පවතින දෝෂයන් හේතුවෙනි. ඒ අනුව ක්‍රෙඩිට් කාඩ්පතක් නිකුත් කිරීම ප්‍රමාද වීමට මූලිකවම හේතුවන්නේ ද ඔබ විසින් ඉදිරිපත් කර ඇති ලියකියවිලි දෝෂයන්ය. 


බැංකු විසින් මෙම දෝෂ එකවර හඳුනා ගැනීමක් සිදුවන්නේ නම්, ඔබට ක්‍රෙඩිට් කාඩ්පතක් නිකුත් කිරීම වෙනුවෙන් එතරම් ප්‍රමාදයක් සිදු නොවනු ඇත. එහෙත් බොහෝ අවස්ථාවන් වලදී බැංකු විසින් මෙම දෝෂ එකවර හඳුනාගෙන, එකම දුරකථන ඇමතුමකින් මෙම සියලු දෝෂ ඔබ වෙත දැනුම් දී, එක්වරම ඔබ වෙනුවෙන් විසඳා දීම ප්‍රායෝගිකව සිදු නොවිය හැකිය. 


මෙයට එක් හේතුවක් වන්නේ ඔබගේ අයදුම්පත්‍රය බැංකු නිලධාරීන් කිහිප දෙනෙකු විසින් විවිධ ආකාරයෙන් සළකා බැලීමේ ක්‍රම වේදයයි. දෝෂ හඳුනාගැනීමට මෙය ඉතා සාර් ථක ක්‍රම වේදයකි. අවාසිය එහි යම් ප්‍රමාදයක් ද නිතැතින්ම පැවතීමයි.


එක් එක් බැංකු නිලධාරියාට ඔබගේ අයදුම්පත්‍රයේ දෝෂ විවිධ අවස්ථාවලදී නිරීක්ෂණය වනු ඇත. එවිට ඔබටද බැංකුව විසින් විටින් විට දුරකථන ඇමතුම් ලබා දෙමින් මෙම දෝෂ නිවැරදි කර ගැනීමට කටයුතු කරනු ඇත. 


මෙසේ විටින් විට දුරකථන ඇමතුම් පැමිණීම ඔබට එක්තරා ආකාරයේ කරදරයක් වුවද, මෙම තත්වය ඇති වන්නේ බොහෝ විට ඔබගේම නොදැනුවත්භාවය සහ නොසැලකිලිමත්භාවය වීමට ඉඩ ඇති බැවින් සහයෝගයෙන් සහ ඉවසීමෙන් තම බැංකුව සමඟ කටයුතු සිදු කිරීම වැදගත් බව මෙහි සඳහන් කර සිටිමු.   


එසේම මෙම තත්වය අවම කර ගැනීමට, ඔබගේ අයදුම්පත්‍රය සම්පූර් ණ කරන අවස්ථාවේදී එම කටයුත්ත ඔබගේ පහසුව පිණිස බැංකු නිලධාරියෙකුට භාර නොදී, ඔබ විසින්ම ඉතා කල්පනාකාරීව සිදු කොට, වරක් දෙවරක් පරික්ෂා කර බැලීමෙන් අනතුරුව, බැංකුව වෙත භාර දීම සුදුසු බව අවධාරණය කර සිටිමු.


අයදුම්පත්‍රය සමඟ බැංකුව වෙත භාර දෙන ලියකියවිලිද එසේමය. එම ලියකියවිලි පැහැදිලි හා නෛතිකව පිළිගත හැකි ඒවා විය යුතුය. එම ලියකියවිලිවල ඇතුළත් තොරතුරු ඔබගේ අයදුම්පත්‍රයේ ඔබ ඇතුළත් කරන ලද තොරතුරු හා එකඟ හා අනුකුල විය යුතුය.



ලියකියවිලි දෝෂ හැර ඔබගේ අයදුම්පත්‍රය හා සම්බන්ධ අනෙකුත් දෝෂ


බැංකු සහ මූල්‍ය ආයතන හරහා ඔබ විසින් මීට පෙර ලබාගෙන ඇති ණය මුදල් නිසි පරිදි ගෙවී නොමැති නම්, එම ණය මුදල් සම්බන්ධ වෙනත් නෛතික හෝ මෙහෙයුම් ගැටළු පවතී නම් ඔබට ක්‍රෙඩිට් කාඩ්පත නිකුත් වීම යම්කිසි ආකාරයක ප්‍රමාද වීමකට ලක් විය හැකිය. ඇතැම් විට ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම්පත ප්‍රතික්ෂේප විය හැකිය. 


මෙවන් ආකාරයේ සිදු වීම් වළක්වා ගැනීමට ඔබ ගත යුතු සුදුසුම ක්‍රියා මාර්ගය වන්නේ කල්තබා ණය තොරතුරු කාර් යාංශය අමතා ඔබ විසින් මීට පෙර ලබාගෙන ඇති ණය මුදල් පිලිබඳ වාර් තාවක් ලබා ගැනීමයි. 


මෙම වාර් තාව පරිශීලනය කිරීම මඟින් ඔබ මීට පෙර බැංකුවලින් ලබා ගන්නා ලද ණය පහසුකම් පිලිබඳ තත්වය ඔබට දැක බලා ගත හැකි වනු ඇත.  එම පැරණි ණය පහසුකම් පිළිබඳව ඉතා හොඳ  අවබෝධයක් ලබා ගැනීමෙන් අනතුරුව ක්‍රෙඩිට් කාඩ්පතක් අයදුම් කිරීම ඔබටත් බැංකුවටත් ඉදිරි කටයුතු වලදී මහත් පහසුවක් වනු ඇත.


ක්‍රෙඩිට් කාඩ්පතක් පමණක් නොව වෙන ඕනෑම ණය පහසුකමක් අයදුම්කිරීම සම්බන්ධයෙන් වුව ඔබගේ පැරණි ණය පහසුකම් පිළිබඳව ඔබ සතු අවබෝධය ඉතා අගනේය.


ක්‍රෙඩිට් කාඩ් පතක් අයදුම් කිරීමට පෙර ක්‍රෙඩිට් කාඩ් පත් ගාස්තු ගැන දැනුවත් වෙමු ඔබට ක්‍රෙඩිට් කාඩ්පතක අවශ්‍යතාවය ඇත. එසේනම් ඔබ මුලින්ම කළ යුතු වන්නේ ශ්‍රී ලංකාවේ ඇති බලපත්‍රලාභී වාණිජ බැංකු 24 න්, ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරන බැංකුවල නිල වෙබ් අඩවිවලට පිවිසෙමින් ඒ එක් එක් බැංකුවල ඇති ඔබට ගැලපෙන ක්‍රෙඩිට් කාඩ්පත්වල ලැයිස්තුවක් පිළිවෙලට සකස් කර ගැනීමයි...