පසුගිය මාස කිහිපයේම මාධ්‍ය තුළ නිතර දැකපු මාතෘකාවක් තමයි ලෝකයේ බොහෝ පිරිසක් ක්‍රෙඩිට් කාඩ්පත් ණය බරින් පීඩා විඳිනවා කියන එක. ඉතින් කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියන එක ගැන ගොඩක් අය විවිධ අදහස් පළ කරල තිවුණා.
ඒවායින් හොඳයි කියල හිතුනු ක්‍රම කිහිපයක් සරලව පැහැදිලි කරන්නම්. මේ එකක් වත් හරියන්නේ නැහැ වගේ කියල හිතෙනවනම් අපිට පොඩි මැසේජ් එකක් එවන්න. චැට් එකක් දාලා වැඩේ තේරුම් අරගෙන විසඳුමක් හොයා ගන්න බලමු.
මූලිකම අවුල තමයි ගොඩක් අයට තියෙන්නේ ක්‍රෙඩිට් කාඩ් එකේ ණය විතරක් නොවෙයි. තව වෙනත් ණය වර්ග ගොඩක් ගෙවන අතරේදී තමයි මේ ක්‍රෙඩිට් කාඩ් එකත් ගෙවන්න ප්ලෑන් කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා ක්‍රෙඩිට් කාඩ් ණය විතරක් පියවන එක ගැන කථා කරල නම් ඒ හැටි තේරුමක් නැහැ.
ණය පියවන එක ගැන කථා කරන කොට පියවන්න තියෙන ඔක්කොම ණය ගැන හිතන්න වෙනවා. නැතුව ණය කියන එකෙන් ගැලවීමක් නැහැ.
පළවෙනි ක්‍රමය තමයි ඔයාට ගෙවන්න තියෙන ඔක්කොම ණය ටික ලැයිස්තුවක් හැදුවොත් ඒවායින් වැඩිම පොළියක් ගෙවන්න වෙලා තියෙන ණය ටික මුලින්ම ගෙවන එක. මේ ක්‍රමයේ මූලික අරමුණ පොලී වියදම පාලනය කර ගෙන පහු වෙලා ඔක්කොම ණය ටික පියව ගන්න ප්ලෑන් කරන එක.
දෙවෙනි ක්‍රමය තමයි ඔයාට ගෙවන්න තියෙන ඔක්කොම ණය ටික ලැයිස්තුවක් හැදුවොත් ඒවායින් අඩුම පොළියක් ගෙවන්න වෙලා තියෙන ණය ටික මුලින්ම ගෙවන එක. මේ ක්‍රමයේ මූලික අරමුණ පොඩි පොඩි ණය ටික මුලින් පියව ගෙන පහු වෙලා ලොකු ණය පියව ගන්න ප්ලෑන් කරන එක.
තුන්වැනි ක්‍රමය තමයි තියෙන ණය වලට පොලී විතරක් ගෙවන ගමන් වෙනම බැංකු ගිනුමක සල්ලි ඉතිරි කරන එක. මේ වැඩේට සාමාන්‍ය ඉතුරුම් ගිණුමක් හරියන්නේ නැහැ. සාමාන්‍ය ඉතුරුම් ගිණුමක තියෙන සල්ලි ඔයාට නිතර ගැනෙනවා. ඉතුරුවක් වෙන්නේ නැහැ.
එහෙම නැතුව, අවුරුදු පහක් යනකම් සල්ලි ගන්න බැරි වෙන විදිහට සෙට් කරන්න පුළුවන් බැංකු ගිණුම් තියෙනවා. මේ වගේ එකකට හැම මාසෙකම ඔයා නිශ්චිත මුදලක් තැන්පත් කරන්න ඕන. අවුරුදු පහක් ඇතුළත ලොකු සල්ලියක් මේ විදියට එකතු වුනහම ඔයාට පහසුවෙන්ම දැන් තියෙන ණය ටික ගෙවල දාන්න පුළුවන්.
මේ ක්‍රම තුන භාවිතා කරල ණය පියවන්න ඔයා බලාපොරොත්තු වෙනවනම් කරන්න ඕන අමතර වැඩ ටිකක් වෙනම තියෙනවා. ඒවා ගැනත් පොඩ්ඩක් කථා කරන්නම්.
එකක් තමයි ඔයාගේ මාසික වියදම් ට්‍රැක් කරන්න පුළුවන් ඇප් එකක් අදම ඔයාගේ ස්මාට් ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරගන්න එක. ෆ්‍රී ඇප් නම් එච්චර සාර්ථක නැහැ. දාහක් දෙදාහක් වාර්ෂික ගාස්තුවක් තියෙන එකක් නම් හොඳයි.
මේ වගේ ඇප් එකක් මාස හයක් හතක් භාවිතා කළහම ඔයා වැඩියෙන්ම වියදම් කරන්නේ මොනවටද කියල තේරුම් ගන්න පුළුවන්. දෙවැනි අවුරුද්දේ වගේ ඉඳන් ඒ අනවශ්‍ය වියදම් ඔක්කොම නවත්තල හොඳ ආර්ථික ස්ථාවරත්වයක් ගොඩ නඟා ගන්න පුළුවන් වේවි.
ණය පියවන්න හිතනවානම්, තමන්ගේ වියදම් පාලනය අත්‍යවශ්‍යයි. මොන තරම් සල්ලි හෙව්වත් වැඩක් නැහැ ඒ හම්බ කරන සල්ලි වියදම් වෙන විදිහ ගැන අවබෝධයක් නැත්නම්.
තව ක්‍රමයක් තමයි ණය යම් ප්‍රමාණයක් හරි ගෙවල ඉවර වෙනකම් ක්‍රෙඩිට් කාඩ් පත භාවිතා කරන එක තාවකාලිකව නවත්තන එක. අතේ තියෙන සල්ලි වලින් විතරයි ජීවත් වෙන්නේ. ණයට වියදම් කරලා ණයෙන් කොටසක් ගෙවන්න පුරුදු වෙලා ඉන්න කොට මේක කරන එක ටිකක් අමාරුයි. හැබැයි ඉතින් අමාරුවෙන් හරි අවුරුද්දක් දෙකක් ශේප් කර ගත්තොත් ගොඩ.
මේ කථා කරපු ඒවායින් කිසිම විධියකින් ඔයාට ණය ටික ගෙවා ගන්න බැහැ කියල හිතෙනවනම් හොඳම දේ ඒක ඔයාගේ බැංකුවට කල් තියා කියන එක. සහනයක් හදල දෙයි. ඒකත් වෙන්නේ නැහැ වගේ නම් අපිට මැසේජ් එකක් දාන්න. මොනව හරි කරන්න බලමු.
කාබන් ක්‍රෙඩිට්, ලොව ප්‍රථම වතාවට ඩිජිටල් වත්කම් බවට පත් කිරීමට මාස්ටර් කාඩ් ජාලය සූදානම් ලංකාවේ කවුරුවත් මේක ලොකුවට කතා කළේ නැති නිසයි, ජාත්‍යන්තර මූල්‍ය කටයුතු වේගයෙන් වෙනස් කර ගෙන යන බ්ලොක් චේන් ක්‍රිප්ටෝ කරන්සි තාක්ෂණයත් එක්ක මේ නිව්ස් එකත් ගෑවිලා ගිය නිසයි පොඩ්ඩක් ඇදල ගන්නට හිතුවා...