මිට අවුරුදු දහයකට කලින් අපේ ක්‍රෙඩිට් කාඩ් එක කඩේකට දෙන කොට දැකපු පොස් මැෂින් එකයි අද තියෙන එකයි අහසට පොළොව වගේ. දැන් පොස් එක හරි පොෂ්.
ඒ දවස්වල නම් ඉතින් කරන්ට් එකෙන් වැඩ කරන්නේ නැති මැනුවල් මැෂිනුත් තිවුණා. ඒවත් එක්ක බලද්දී පොස් මැෂින් එක අද ගොඩක් දුර ඇවිත්. තව ඉදිරියට යයි.
ඒකට එක හේතුවක් දැන් ලෝකේ අළුත්ම ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන ඒඅයි තාක්ෂණය එහෙමත් නැත්නම් artificial intelligence. තාම ඔය තාක්ෂණය පොඩ්ඩක් හැංගිලා වගේ තියෙන්නේ ලෝකයේ ක්වොන්ටම් පරිඝනක ඒ තරම් සුලභ නැති නිසයි.
ඒඅයි තාක්ෂණය ටක්කෙටම දුවන්නේ හොඳ කොලිටි ක්වොන්ටම් කම්පියුටර් මත්තෙ. ක්වොන්ටම් කම්පියුටර් සාමාන්‍යකරණය වුණායින් පස්සේ ලෝකය සහමුළින්ම වෙනස් වෙනව ඒකාන්තයි. ඇයි ඉතිං පට්ට කැපෑසිටි නෙ. ඕන ප්‍රශ්නයක් විසඳයි මිනිත්තු දෙක තුනකින්.
අපේ දැන් තියෙන පොස් මැෂින් එකට ක්වොන්ටම් සහ ඒඅයි එකතු වුනොත් කොහොමට තියේවිද. ඔයා මාස දෙක තුනක් ක්‍රෙඩිට් කාඩ් එකෙන් කොහේ හරි ෂොප් එකකින් බඩු ගත්තොත් ඒ සිදුවන ගනුදෙනු වල දත්ත පදනම් කර ගෙන, ඉදිරි මාසවලදී ඒ ෂොප් එකට ආයෙත් ඔයා එන්න ඉඩ තියෙන්නේ මොන වගේ දින වලටද, මොන වගේ වෙලාවකටද, ගන්නේ මොන වගේ දේවල්ද, කොච්චර වෙලාවක් ඔයා ෂොප් එක ඇතුලේ රැඳෙයි ද, ඒ රැඳෙන වෙලාවට තව ඔයාට ෂොප් එකෙන් ඔෆර් කරන්න පුළුවන් මොනවද, මේ වගේ විස්තර මහ ගොඩක් ඒ ෂොප් එකේ මැනේජ්මන්ට් එකට බලාගන්න පුළුවන්.
ඒ විතරක් නෙවෙයි. එයාලගේ කස්ටමර්ස්ල ඉදිරි මාස වලදී ගන්න ඉඩ තියෙන බඩු ප්‍රමාණය සහ වර්ග කලින්ම හඳුනාගෙන ඒවා කල් තියා ස්ටොක් කර ගන්නත් ෂොප් එකේ මැනේජ්මන්ට් එකට හැකි වෙනව. මේවා ඉතින් දැනටමත් සිද්ධ වෙන දේවල්. හැබැයි ඒ ඉතින් ලොකු ලොකු ව්‍යාපාර ඇතුලේ විතරයි. පුංචි පුංචි බිස්නස් කරන අයට එහෙම දැනට ලොකුවට තමන්ගේ කස්ටමර්ස්ල හැමෝම ගැන විශ්ලේෂනාත්මක අවබෝධයක් ලබා ගන්න පුළුවන් කමක් නැහැනෙ. පොස් මැෂින් එකට ක්වොන්ටම් සහ ඒඅයි එකතු වුණහම ඉස්සරහට ඒවා ඔක්කොම වෙනස් වෙනව.
මෙහෙමයි ඉතින්. ඔයාගේ බිස්නස් එක දුවන්නේ කස්ටමර්ස්ල දෙසීයක් තුන්සීයක් මත නම් ඉතිං ඔයා ඒ ගොල්ලන්ගේ ගනුදෙනු හැසිරීම අවබෝධ කරගන්න ඒඅයි එනකම් ඉන්න ඕන නැහැ. ඕන තරම් සොෆ්ට්වෙයා තියෙනව සල්ලිවලට ගන්න. මහන්සි වෙන්න ඕන ටිකක් ඩේටා එන්ට්‍රි වලට තමයි.
එහෙම නැතිව අර කලින් කිව්වා වගේ පොස් මැෂින් එකෙන්ම ඒ ඔක්කොම විස්තර අරගෙන කස්ටමර්ස්ලගේ රුචි අරුචි කම් හඳුනාගන්න හැකි වුනාම වැඩ අඩුයි. බිස්නස් වැඩියි. ඩේටා එන්ට්‍රි නැහැ. ගැටළුව තමයි ඒකට ඉතින් ඒඅයි එනකම් ඉන්න ඕන.
පොස් මැෂින් එක තව දියුණු වෙන්න පුළුවන් පැත්තක් තමයි බ්ලොක්චේන් තාක්ෂණය මත පදනම් වුනු ක්‍රිප්ටෝකරන්සි වශයෙන් හැඳින්වෙන ඩිජිටල් මුදල්. මේවා කිසිම රටක මහ බැංකුවකින් නිකුත් කරන කාසිවත් නොට්ටුවත් වගේ නෙවෙයි. කිසිම කෙනෙකුට හොරට හදන්න බැහැ. කොපි කරන්න බැහැ. සම්පූර්ණයෙන්ම ඩිසෙන්ට්‍රලයිස්ඩ්. ඒ කියන්නේ විමධ්‍යගතයි.
ගනුදෙනුව සිදු වෙන්නේ පිය-ටු-පිය. ඒ කේ අදහස තමයි ගනුදෙනුව සිදු වෙන්නේ සිදු කරන දෙන්න අතරේ විතරයි. අතරමැදියෙක් නැහැ. අතරමැදියෙක් නැහැ කිව්වහම ඉතිං අතරමැදියෙක් විදිහට මහ බැංකුව නිකුත් කරපු මුදල් නෝට්ටු කාසි එහෙමත් නැහැ.
ඒ කියන්නේ මෙච්චර කාලයක් අපි මේ මුදල් නෝට්ටු කාසි භාවිතා කළා කියන එකේ තේරුම අපේ ඒ සෑම ගනුදෙනුවකට ම අතරමැදියෙක් හිටියා කියන එකද. පැහැදිලිවම ඔව්. හැබැයි කොමිස් මුදලක් ගත්තේ නැහැ. (ගත්තද දන්නෙත් නැහැ අපි නොදන්න වෙන විධියකට)
කොහොමද දැන් මේ ක්‍රිප්ටෝකරන්සිවලින් ගෙවන්නේ හැබෑටම. සරලයි. කඩේට ගියා. බඩු ටික ගත්තා. මුදල් ගෙවන තැනට ආවා.සමාට්ෆෝන් එකෙන් ඔයාගේ ක්‍රිප්ටෝකරන්සි තියෙන වොලට් එකට ගියා. වෙළෙඳ සැලේ වොලට් අයි ඩි එකට ගෙව්වා.
එතකොට පොස් මැෂින් එක ඕන වෙන්නේ නැද්ද.
ස්මාට් ෆෝන් භාවිතා නොකරන කෙනෙක් ආවොත් පොස් මැෂින් එකක් ඕන වෙයි. එතකොට ගෙවන්න වෙන්නේ සමාට්ෆෝන් එකෙන් නෙවෙයි. ක්‍රිප්ටෝකරන්සිවලින් ගෙවන්න පුළුවන් ඩෙබිට් කාඩ් එකකින්. ක්‍රිප්ටෝකරන්සි ක්‍රෙඩිට් කාඩ් එකක් දැන්ම කවුරුවත් නිකුත් කරයි කියලනම් හිතන්න අමාරුයි. ණයක් නෙ. නමුත් ඔයාගේ ක්‍රිප්ටෝකරන්සි වොලට් එකට ලින්ක් කරපු ඩෙබිට් කාඩ් එකක් නම් වේලාසනින්ම භාවිතාවට ඒවි.
ක්වොන්ටම් පරිඝනක වැඩසටහන්, ඒඅයි තාක්ෂණය, බ්ලොක්චේන් තාක්ෂණය, ක්‍රිප්ටෝකරන්සි වගේ ඒවා අයිටී ඉන්ඩස්ට්‍රිය ඇතුලේ ඉස්සරහට ගොඩක් සුලහ වේවි. මේවා ඇත්තටම සුළුවෙන් හරි කමක් නැහැ අපේ පාසැල් විෂය නිර්දේශයට ඇතුළු කළා නම්. පොඩි එවුන්ට පොඩි කාලේ ඉඳන්ම මේවා හරියටම ඔලුවට ගියානම් මොනාද ඉතින් අවුරුදු විස්ස වෙන්න කලින් ලෝකේ හොල්ලන කෝටිපතියෝ තමයි.
මේ අලුත් තාක්ෂණය එක්ක අපිට හිතෙන්නේ නම් පොස් මැෂින් එක පැහැදිලිවම අභාවයට යයි කියලයි. දැනටමත් ඉතිං QR එකෙන් වෙලා තියෙන්නෙත් ඒකම නෙ. ඕක ඔය පොඩ්ඩක් මඟ හිටල තියෙන්නේ අපි හැමෝම අතේ ස්මාට්ෆෝන් නැති නිසයි ඔය වැඩේට ජාතික මට්ටමේ වැඩ පිළිවෙලක් තාම නැති නිසයි. ඒ දෙක හරි ගිය දාට අපි තැඹිලි විකුනන්නෙත් QR එකෙන් - දන්නවද.
සෙල්ෆ් චෙකවුට් වෙනුවට කාට් චෙකවුට් ගේන්නකෝ - කවුරුහරි කමක් නැහැ සෙල්ෆ් චෙකවුට් (Self-Checkout) දැන් දැන් අපේ රටෙත් සමහර සාප්පු සංකීර් ණ වල අත්හදා බලන්න වගේ දාලා තියෙනවා ඔයත් දැකල ඇති. තාම ඒවා වැඩිය ජනප්‍රිය නැහැ. තියෙන්නෙත් ගොඩක්ම කොළඹ පැත්තට වෙන්න තමයි. වැඩිපුර ටුවරිස්ට්ල එන නගරවලනම් ටිකක් එහෙන් මෙහෙන් ඇති...