ක්‍රෙඩිට් කාඩ් පතක් භාවිතා කිරීම තුළ වාසි බොහොමයක් ඇත. අතේ ඇති මුදලින් ගෙවා ගත නොහැකි විශාල ප්‍රමාණයේ ඇතැම් වියදම් ක්‍රෙඩිට් කාඩ්පතින් එකවර ගෙවීම් කර පසුව ඒ එකතු වූ ණය ප්‍රමාණය සෙමෙන් සෙමෙන් පියවා දැමීමට ඇති හැකියාව ඉන් ප්‍රධානය. සමහරු මේකට කියනව BNPL කියලත්. ඒ කියන්නේ ඉතිං Buy Now Pay Later කියන එක තමයි.
ගෙදරට විදුලි උපකරණයක් මිලදී ගැනීම, වාහනයට තෙල් ලබා ගැනීම, අලුත් අවුරුද්දට ඇඳුම් ගැනීම, මාසයකට හරියන්න ග්‍රොසරි බඩු ටික ෆ්‍රිජ් එකට දා ගැනීම වැනි අවශ්‍යතා වලදී බොහෝ දෙනෙක් ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කරති. ඒ වුනාට ලඟට දුවල එන්න ටැක්සියකට නැඟීම, සපත්තු දෙක මහ ගැනීම, කොණ්ඩය කපා ගැනීම, පොල් ගෙඩියක්, කෙසෙල් ඇවරියක් මිලදී ගැනීම වැනි පොඩි පොඩි දේවල් අතේ ඇති මුදලින් කර ගනිමු.
ඇත්තටම පොෂ් විදියට කියනවනම් ක්‍රෙඩිට් කාඩ් එකක් කියන්නේ financial tool එකක්. ඔලුව කල්පනා කරලා හරියට පාවිච්චි කලොත් කිසිම අවුලක් නැහැ. පාන් කපන පිහිය වගේ තමයි. සිහිබුද්ධියෙන් පාවිච්චි කලොත් හරිම ප්‍රයෝජනයි. පිස්සු පොරක් අතට ගත්තොත් එක්කෝ ඌ උගේ බෙල්ල කපා ගනීවි. නැත්නම් වෙන එකෙක්ගේ බෙල්ල කපයි.
ක්‍රෙඩිට් කාඩ් එක භාවිතා කරන අතරේ ඒකෙ ණයත් අපි මාසෙකට වතාවක් පුළුවන් හැටියට පියවගන්න ඕන. සමහරු නම් මාසේ පනින්න කලිං සම්පූර් ණයෙන් ණය පියවනව පොලී නොගෙව ඉන්න. එහෙම හැකියාවක් තියෙනවනම් ඉතිං අපේ අදහස ඒ අය ක්‍රෙඩිට් කාඩ් එකක් භාවිතා කිරීම වැඩකුත් නැහැ කියන එක තමයි.
මොකද සම්පූර් ණයෙන් ණය පියවන කොට ණය වීමෙන් ලැබෙන වාසිය ඒගොල්ලන්ට ලැබෙන්නේ නැති නිසා. (ණය වීමෙන් ලැබෙන වාසි වෙනම මාතෘකාවක්. ඒවා පස්සේ දවසක කතා කරමු.) එහෙම අය වඩාත්ම සුදුසු ක්‍රෙඩිට් කාඩ් එකක් වෙනුවට ඩෙබිට් කාඩ් එකක් භාවිතා කිරීම තමයි. සල්ලි තියෙනවනෙ ඒගොල්ලන්ට.
මේ විදියට ක්‍රෙඩිට් කාඩ් එකකින් සැරින් සැරේ වියදම් කරන එකයි සැරින් සැරේ ඒකෙ ණය පියවගන්න එකයි හරියට බැලුවොත් නිකං ෆෝන් එකකට රිලෝඩ් ද දා කතා කරනව වගේ වැඩක්. චක්‍රයක් වගේ. මේ චක්‍රය ඇතුලේ අපි අතින් සිද්ද වෙන්න පුළුවන් වැරදි මොනවද කියල අද හඳුනා ගනිමු. වැරදි හදාගන්න ඕන විදියත් ඒ ගමන්ම බලාගෙන යමු.
01. සැළසුමක් නොමැතිව ක්‍රෙඩිට් කාඩ් පතින් වියදම් සිදු කිරීම - සැළැස්මක් නැහැ කියන්නේ ඉතිං මේසයක් ළඟ වාඩි වෙලා පෑනකුයි කොලේකුයි අරගෙන සැළසුමක් හදනව කියන එකම නොවෙයි. අතේ තියෙන ක්‍රෙඩිට් කාඩ් එක මොන විදියටද වියදම් වලට භාවිතා කරන්නේ කියන එක ගැන පැහැදිලි දැක්මක් අපි හැම දෙනා තුළම තියෙන්නට ඕන. ඒ වගේම එහෙම වියදම් කළාට පස්සේ ඒ එකතුවන ණය කොයි විදියටද පියවන්නේ කියන එක ගැනත් පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕන. ගෙවල් ඉඩකඩම් විකුණල ණය පියවන්න වෙන තැනට අපි පත්වෙනව නම් ඒ කියන්නේ අපි අපේ ණය කළමනාකරණය නිවැරදිව කරගෙන නැහැ.
02. ක්‍රෙඩිට් කාඩ්පතින් සිදු කළ යුතු සහ නොකළ යුතු වියදම් හරිහැටි හඳුනා නොගැනීම - ක්‍රෙඩිට් කාඩ් එකක් හැම වියදමකටම ඉස්සරහට දික් කරන එක නම් මෝඩ වැඩක්. අපි ඒක භාවිතා කරන්න ඕන අපි අත්‍යවශ්‍යයෙන් ම දරා ගන්න ඕන වියදම්වලට විතරයි.
අතේ තියෙන මුදලින් ලේසියෙන්ම බැලන්ස් කරගන්න පුළුවන් දේවල් වලටත් කම්මැලිකමට වගේ ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරන එක ඇත්තටම අපරාදයක්. නොදැනුවත්ම ණය ගොඩගැහෙනවනෙ. පොලිත් ගෙවන්න වෙනව.
අවුලක් නැහැ එහෙම පොලී වියදමක් කලාට ඒ එකතු වුනු ණයෙන් ඵල ප්‍රයෝජනයක් තියෙනවනම්. කාලබීල ජොලි කළත් කමක් නැහැ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඒ කරපු වියදමට වටිනාකමක් තියෙනවනම්. නමුත් වියදම් කරන්නම් වාලේ වියදම් කරන එකෙන් ඔයා අන්තිමට බෙල්ලටම හිර වෙනව.
03. ක්‍රෙඩිට් කාඩ් ගාස්තු සහ පොලී වියදම පිලිබඳ අනවබෝධය - ඔයා ක්‍රෙඩිට් කාඩ් එකෙන් කරන වියදම්වලින් ඔයාගේ ණය ශේෂය වැඩි වෙනව වගේම ඒ ණය ශේෂයට තව බැංකුව පැත්තෙනුත් ගාස්තු සහ පොලී එකතු වෙනව.
ඔයාගේ පහුගිය මාස කිහිපයක මාසික කාඩ්පත් ප්‍රකාශන (monthly statements) අරගෙන ප්‍රවේශමෙන් බලාගෙන යන්න ඔයා කරපු වියදම් වලට අමතරව බැංකුවට ඔයා කොච්චර ගාස්තු සහ පොලී ගෙවල තියෙනවද කියල. ගාස්තු මොනවද කියල හොඳින් හඳුනා ගන්න. පොලී හැදුනු හැටි ප්‍රවේශමෙන් කොලේක හදල බලන්න. බැංකුවත් එක්ක වාද කරන්න යන්න එපා. ඔයාගේ වැරදි හදාගන්න.
04. අවම ගාස්තුව පමණක් ගෙවීම - හරිම භයානක වැඩක්. ණය කන්දකට යට වෙලා මැරෙන්න ඕන නම් ඔන්න කරන්න ඕන දේ. ක්‍රෙඩිට් කාඩ් එකක අවම ගාස්තුව කියන්නේ සම්පූර් ණ ණය ප්‍රමාණයෙන් 5% - 10% වගේ බොහොම සුළු ප්‍රමාණයක්. ඔයා ඒක විතරක් ගෙව ගෙවා හිටියොත් ඉතිං බඩුම තමයි.
ඇයි ඉතිං ඔයා ඒ අස්සේ කාඩ් එක පාවිච්චි කරන එක නවත්තන්නෙත් නැහැනේ. කාඩ් එක පාවිච්චි කරනවා හිටු කියල. ආපහු ණය පියවන්නේ බොහොම පොඩි ප්‍රමාණයයි. ඉතිං අවුරුද්දක්වත් යන්න කලින් කට උත්තර නැහැ. ණය ප්‍රමාණය ගෙවා ගන්න බැරි තරමට සීමාව ඉක්මවා ගිහිං. ඊට පස්සේ රට වටේ දුවනව බැංකුවෙ වැරදි කිය කියා.
05. වැඩේට ගැලපෙන දේ හඳුනා නොගැනීම - අපි දන්න අංකල් කෙනෙක් ඉන්නව. එයාට තියෙන්නේ ඉතුරු කිරීමේ ගිණුමක් වෙනුවට ජංගම ගිණුමක්. සේවින්ග්ස් අකවුන්ට් එකක් නෙවෙයි - කරන්ට් අකවුන්ට් එකක්. ඉතිං ඔය දෙකේ වෙනසත් එයා හොඳටම දන්නව. සේවින්ග්ස් අකවුන්ට් එකක තියෙන සල්ලි වලට බැංකුවෙන් පොඩියට හරි පොලී ගෙවනව. කරන්ට් අකවුන්ට් එකක තියෙන සල්ලි වලට බැංකුවෙන් පොලී ගෙවන්නේ නැහැ.
කරන්ට් අකවුන්ට් එකකින් කස්ටමර් ට තියෙන වාසිය එයාට අර චෙක් එහෙම ලියල ණයට බඩු අරගෙන විකුණනව වගේ ලොකු ලොකු වැඩ කරන්න පුළුවන්. අපේ අංකල් එහෙම බිස්නස් කරන්නෙත් නැහැ. පව්, පොඩි පෙන්ෂන් එකක් තමයි කරන්ට් අකවුන්ට් එකට වැටෙන්නේ. ඇත්තම කතාව එයාට එයාගේ කරන්ට් අකවුන්ට් එක මාර පාඩුයි.
හැබැයි මෙයා මේක අවුරුදු හතළිහකට විතර කලින් එයා තරුණ කාලේ ජොබ් එකට ගිය කාලේ මුලින්ම ඕපන් කරපු අකවුන්ට් එක. ඉතිං එයා මේකට මාර ආදරෙයි. වහල දාන්නේ නැහැ මැරුවත්. මේ අවුරුදු හතළිහ පුරාවටම සේවින්ග්ස් අකවුන්ට් එකක් වෙනුවට කරන්ට් අකවුන්ට් එකක් කිසිම තේරුමක් නැතිව මේන්ටේන් කරපු එකේ ලොස් එක අද කාලේ සල්ලිවලින් එයාට ලක්ෂ හතළිහක් විතර. පවු ඉතිං.
අපිට කියන්න තියෙන්නේ එයා වගේම ඔයත් ජීවිත කාලෙම මෝඩයෙක් වගේ හැසිරෙන්නේ නැතිව හිතල බලන්න ආයේ සැරයක් ඔයා භාවිතා කරන ක්‍රෙඩිට් කාඩ් එක ඇත්තටම ඔයාගේ වැඩේට ගැලපෙන දේ ද කියල. එක එක බැංකුවල ක්‍රෙඩිට් කාඩ් බැලු බැල්මට සමානයි වගේ පෙනුනත් මේවයේ ප්‍රතිලාභ, වාසි අවාසි එකිනෙකට එහෙන් මෙහෙන් වෙනස්. ඔයාට ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙනම ක්‍රෙඩිට් කාඩ් එක හරියටම හඳුනාගෙන භාවිතා කිරීම තමයි වැදගත් වෙන්නේ.
06. ක්‍රෙඩිට් කාඩ්පත් මාසික ප්‍රකාශනය කියවා නොබැලීම - අපි ඉතිං කම්මැලි ජාතියක් නේ. අලුත් වැඩකට බැස්සත් නිතරම ඔළුවේ තියෙන්නේ - මොකටද මේවා කරල, ඔය මදෑ, අපි හැමෝම මැරෙනවනෙ වගේ පට්ට නෙගටිව් කතන්දර ටිකක්. ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරනවනම් ඉතිං ඒ ගොන් පාට් බැහැ. හොඳ අවදියෙන් ඉන්න ඕන. උද්යෝගයෙන් වැඩ කරල, හොඳට හම්බ කරල, කාඩ් එකේ ණය ටික වෙලාවට සෙට්ල් කරල සුපිරියට ජිවත් වෙන්න ඕන.
මෙතෙන්දි අංක එක තමයි ඔයා ඔයාට හැම මාසෙකම බැංකුවෙන් ලැබෙන ක්‍රෙඩිට් කාඩ් ස්ටේට්මන්ට් (credit card statement) එක ප්‍රවේශමෙන් කියවල බලන එක. අවම මුදල කීයක් ගෙවන්න තියනවද, කොච්චර ණය ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවද, කරපු ගනුදෙනු හරියට සටහන් වෙලාද (සමහර වෙලාවට එකම ගනුදෙනුව දෙවරක් සටහන් වෙලා තියෙනව) වගේ ඉතාම වැදගත් දේවල් පොඩ්ඩක් ප්‍රවේශමෙන් කියවල බැලුවොත් හොඳයි. නැත්නම් ඉතිං ප්ලෑන් එකකට වැඩ කරන්න අමාරු වේවි.
07. ණය පියවීම මඟ හැරීම - ඔන්න CRIB එකට ඔයාගේ නම යවාගෙන හොඳට බ්ලැක්ලිස්ට් වෙලා ආයේ මලාට බැංකුවකින් ණයක් ගන්න බැරි විදිහට චාටර් වෙන්න ඕනේ නම් ක්‍රමේ.
ක්‍රෙඩිට් කාඩ් එකෙන් වියදම් කළා වගේම ඔයාට මාසෙකට සැරයක් බැංකුවෙන් එන ස්ටේට්මන්ට් එක අනුව අනෙක් පැත්තට ඒ ණය ඔයා පියවන්න ඕන බව අපි දැන් පුන පුනා කිව්ව. බැරි වෙලාවත් ඔයා මේ ස්ටේට්මන්ට් එකේ ගෙවන්න ඕන කියල තියෙන ණය මුදලින් අවම මුදලවත් නොගෙවා හිටියොත් මොකද වෙන්නේ - පරක්කු වෙලා ගෙව්වොත් මොකද වෙන්නේ කියල හොයල බලමු.
නොගෙවා හිටියොත් මුලින්ම බැංකුවෙන් ඔයාට මතක් කරයි. ඊට පස්සේ ඔයා අත්සන් කරලා තියෙන ගිවිසුම අනුව ඒ ක්‍රෙඩිට් කාඩ් එක තියෙන බැංකුවේම ඔයාගේ සල්ලි තියෙන වෙන ගිණුමකින් අය කර ගන්න ඕන දේවල් අය කර ගනියි.
ඒකත් බැරි වුනොත් ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එක බ්ලොක් කරල බැංකුව ඔයාට එන්තරවාසියක් (letter of demand) එවාවි දැන් තියෙන ණය ප්‍රමාණය ගෙවන්න කියල. එතනිනුත් එහාට ඔයා කට්ටි පැන්නොත් සමථ මණ්ඩලයට කේස් එක දාල පස්සේ නඩු දායි. CRIB එකේ ඔයාව අප්ඩේට් වේවි ඔයා ණය ගෙවීම් පැහැර හැරල අන්තිමට නඩුත් කියල තමයි ඔයාගෙන් බැංකුව ණය අය කර ගත්තේ කියල. අනිත් හැම බැංකුවම දැන ගනියි ඔයාගේ පැටිකිරිය.
ඔයා පරක්කු වෙලා හරි ගෙව්වොත්? බැංකුව නඩු යන එකක් නැහැ. ඔයාට ලේට් පේමන්ට් විදිහට දඩ මුදලක් බැංකුවට ගෙවන්න වෙයි. වෙලාව නරක නම්, නඩු නැතිව අනිත් හැමදේම වෙයි.
08. ණය සීමාවෙන් තුනෙන් එකක් ඉක්මවා යාම - ක්‍රෙඩිට් කාඩ් ණයෙන් හිරවෙන්න ආසන්නයි කියල බලාගන්න පුළුවන් පලවෙනි සිග්නල් එක තමයි මේ. ඒ කියන්නේ ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එකේ ණය සීමාවක් තියෙනවනේ. හිතමුකෝ ඒ ණය සීමාව රුපියල් හැටදාහක් කියලා.
මේ රුපියල් හැටදාහේ ණය සීමාවෙන් තුනෙන් එකක ප්‍රමාණය ගත්තොතින් රුපියල් විසිදාහක් නේද. මෙන්න මේ රුපියල් විසිදාහක ප්‍රමාණයට වඩා ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එකේ ණය ප්‍රමාණය ඉහළ නම් පොඩ්ඩක් ඒ ගැන අවධානය යොමු කරන්න කාලය ඇවිත්. මේ අවස්ථාව වෙන කොට ක්‍රෙඩිට් කාඩ් එකේ ණය ප්‍රමාණය ඔයාට ඔයාගේ ආදායම අනුව ගෙවා ගන්න අමාරු වෙන මට්ටමට ඇවිත් වෙන්න පුළුවන් බොහෝදුරට.
09. ක්‍රෙඩිට් කාඩ් එක වටේ යැවීම - වැඩිය බරපතල විදිහට හිතන්නේ නැතිව, උත්තරයක් තියෙද්දිත්, වැඩි දෙනෙක් කරන ගොන් වැඩක් තමයි මේ. ක්‍රෙඩිට් කාඩ් එක දෙනව මහත්තයට හරි, නෝනට හරි, දුවට පුතාට හරි, යාළුවෙක්ට නෑදෑයෙක්ට හරි එයාගේ වියදම් වලට පාවිච්චි කරන්න. කාඩ් එක මොනවට පාවිච්චි කරනවද කියල ඔයාවත් දන්නේ නැහැ.
අන්තිමට ඔයාගේ වුවමනාවකට කාඩ් එක හොයන කොට ඒ ගොල්ලෝ ඒක නැති ත් කර ගෙන. කාඩ් එක අහුල ගත්ත එකා කාඩ් එකට ඇරලා සතියක් තිස්සේ. ඊට පස්සේ ඉතිං කොහේවත් යන නඩුයි කොහේවත් යන ලෙඩයි තමයි.