මොකක්ද මේ අතිරේක ක්‍රෙඩිට් කාඩ්පතක් කියන්නේ? අතිරේක කියන වචනෙ කියපු හැටියේම අපිටනම් ඔලුවට යන්නේ නිකං අර අපි නිතරම භාවිතා කරන ක්‍රෙඩිට් කාඩ් එකට අමතරව තව වෙනත් බැංකුවකින් අරං ළඟ තියාගන්න තව වැඩිපුර ක්‍රෙඩිට් කාඩ් එකක් වගේ අදහසක්. නෑ, ඒක නෙවෙයි මේ කතාව.
අතිරේක ක්‍රෙඩිට් කාඩ්පතක් කියල කියන්නේ ඔයා දැන් භාවිතා කරන ක්‍රෙඩිට් කාඩ් එක ලබාගෙන තියෙන බැංකුවෙන්ම, ඒ ක්‍රෙඩිට් කාඩ් එකටම සම්බන්ධ කරල, ඔයා ඇර වෙන කෙනෙක් වෙනුවෙන් ලබාගන්න ක්‍රෙඩිට් කාඩ් එකක්. දැනටමත් ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවනම් මේවගේ අතිරේක ක්‍රෙඩිට් කාඩ් කිහිපයක්ම සමහර බැංකු වලින් ගන්න පුළුවන්.
මහත්තයට පුළුවන් නෝනට අරං දෙන්න. නෝනට පුළුවන් මහත්තයට අරං දෙන්න. අම්මට හරි තාත්තට හරි පුළුවන්, පුතාට හරි දුවට හරි අරං දෙන්න. පුතාට හරි දුවට හරි පුළුවන්, අම්මට හරි තාත්තට හරි අරං දෙන්න. තව ඕනේනම් නෑදෑ කෙනෙකුට අරං දෙන්න පුළුවන්. යාලුවෙකුට අරං දෙන්න පුළුවන්. හැබැයි ඉතින් අන්තිමටම බිල ගෙවන්නෙ ඔයා තමයි.
අපෝ අන්තිමට බිල ගෙවන්න වෙන්නෙ මටමද. එහෙනම් එපා අනේ නේද? ගන්න එපා. ඒ වුනාට තියෙන ප්‍රයෝජන ටික දැනගෙන ඉන්න.
අපි මේ අතිරේක ක්‍රෙඩිට් කාඩ් එකක් අරං දෙන්න ඕන ඇත්තටම දෙමව්පියන් විධියට අපේ ඉගෙන ගන්න පොඩි එවුන්ටයි. ලංකාවේ ගොඩක් බැංකුවල අතිරේක ක්‍රෙඩිට් කාඩ් එකක් දරුවෙක්ට අරං දෙන්න පුළුවන් වෙන්නේ ඒ පොඩි එකා අවුරුදු 18 පැනල වැඩිහිටියෙක් වුනාටත් පස්සේ.
ඒ ක්‍රමේ නම් ලොකු ප්‍රයෝජනයක් අපිට පෙන්නේ නැහැ. අවුරුදු 18 පැන්නම ඉතිං ජොබ් එකකට යන්න පුළුවන්. අම්මල තාත්තලගේ ක්‍රෙඩිට් කාඩ්වලට හේත්තු වෙන්න ඕනේ නැහැනෙ. තමන්ටම කියල ක්‍රෙඩිට් කාඩ් එකක් කොහොමත් ගන්න පුළුවන්. අතිරේක ක්‍රෙඩිට් කාඩ් එකක් වටින්නේ එහෙම ජොබ් එකකට ගිහිං ආදායමක් හදාගෙන අළුත් ක්‍රෙඩිට් කාඩ් එකක් දැන්ම ගන්න බැරි කෙනෙකුට. ඉගෙන ගන්න පොඩි එවුන්ටයි එහෙම දෙයක් වැදගත් වෙන්නේ.
දරුවෙකුට අතිරේක ක්‍රෙඩිට් කාඩ් එකක් අම්මල තාත්තල වෙන රටවල අරං දෙන්නේ ඉස්කෝලේ යන කාලෙදිමයි. මූල්‍ය සැලසුම්කරණය මූල්‍ය කළමනාකරණය, ණය සැලසුම්කරණය සහ ණය කළමනාකරණය වගේ දේවල් ප්‍රයෝගිකව පොඩි එකාගේ ඔලුව ඇතුලේ පුංචි කාලෙදිම හදන්න පුළුවන් හොඳ ක්‍රමයක් මේක.
අම්මල තාත්තලාගේ පාලනය යටතේ ක්‍රෙඩිට් කාඩ් එකක් පොඩි කාලෙදිම පාවිච්චි කරන්න පුරුදු වෙන දුව පුතා දන්නව මේ ණය කියන එක මොන තරම් බැරෑරුම් කාරණාවක් ද කියන එක. ණය වලට පුළුවන් රටක් කඩා වට්ටන්න. පේනවනේ අද අපි වැටිල ඉන්න හැටි. පොඩි කාලේදීම ණය ගැන ප්‍රායෝගික අවබෝධයක් ලබා ගත්තේ නැති එවුන් රටේ වැදගත් තනතුරුවලට පත් වෙලා ගහපු බඩපිණුම් වල ප්‍රතිඵල තමයි මේ. ඉස්සරහටත් ඒකම වෙයි.
අතිරේක ක්‍රෙඩිට් කාඩ් එකක් ඔයාගේ දුවට පුතාට අරං දෙන එක හරිම ලේසියි. දැනටමත් ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන නිසයි අන්තිමට බිල කොහොමත් ගෙවන්නෙත් ඔයා නිසයි, සමහර බැංකු එක දවසින් මේ අතිරේක ක්‍රෙඩිට් කාඩ් එක නිකුත් කරනව. අවශ්‍ය වෙන්නේ අතිරේක ක්‍රෙඩිට් කාඩ් එක අවශ්‍ය කරන දුව පුතාගේ විස්තර ටික ඇතුලත් කරපු අයදුම්පත්‍රයයි එයාගේ ජාතික හැඳුනුම්පතේ කොපියකුයි තමයි. ඊට අමතරව මොනව හරි ඕන වෙනව නම් ඒවා බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනව ඇති.
අවුරුදු 18ට වඩා අඩු දරුවන්ට ජාතික හැඳුනුම්පතක් නැහැනෙ. ඉතිං ඒගොල්ලන්ට අතිරේක ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්නත් බැහැ. එහෙම දෙන බැංකු ලංකාවේ තියෙනවද කියලනම් හොයාගන්න බැරි වුනා. ඔයා දැන ගත්තොත් පොඩ්ඩක් අපිට කියන්න.
අතිරේක ක්‍රෙඩිට් කාඩ් එකක් ඔයාගේ දුවට පුතාට අරං දුන්නයින් පස්සේ එයාටත් ඔයාට බැංකුවෙන් දීල තියෙන ණය සීමාව ඔයත් එක්ක හවුලේ පාවිච්චි කරන්න පුළුවන්. හිතන්නකෝ ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එකේ ණය සීමාව රුපියල් පනස්දාහක් කියල. ඔයා දැනටමත් ඒකෙන් රුපියල් තිස්දහක් පාවිච්චි කරල ඉවරනම්, ඉතිරි වෙලා තියෙන රුපියල් විසිදහසක ණය ප්‍රමාණය ඔයාටයි ඔයාගේ දුවටයි - නැත්නම් පුතාටයි - හවුලේ පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැතුව මේ අතිරේක ක්‍රෙඩිට් කාඩ් එකට වෙනම ණය සීමාවක් බැංකුවෙන් දෙන්නේ නැහැ හොඳද. පටලව ගන්න එපා.
අපි හිතමු ඔයා අර රුපියල් තිස්දහසක ණය ප්‍රමාණය සම්පූර් ණයෙන්ම පියෙව්ව කියල. දැන් රුපියල් පනස්දහසක ණය ප්‍රමාණයක් ආයෙත් ඔයාටයි ඔයාගේ දුවටයි - නැත්නම් පුතාටයි - හවුලේ පාවිච්චි කරන්න පුළුවන්. එතෙන්දි අර ලොකු ගාණක් ඔයාගේ දුවට හරි පුතාට හරි ඔයාගේ අනුදැනුම නැතුව පාවිච්චි කරන්න ඉඩකඩ ලැබෙන නිසා ඔයාට පුළුවන් බැංකුවට කියල දුවට හරි පුතාට හරි ඔයාගේ ණය සීමාව ඇතුලේ වෙනම ණය සීමාවක් හදල දෙන්න.
උදාහරණයක් විදියට ඔයාට ඔයාගේ රුපියල් පනස්දහසක ණය සීමාව ඇතුළත රුපියල් දහදාහක ණය සීමාවක් ඔයාගේ දුවට හරි පුතාට හරි වෙන් කරල දෙන්න පුළුවන්. එතකොට එයාට ඔයාගේ කාඩ් එකේ රුපියල් දහදාහක සීමාව ඉක්මවා පාවිච්චි කරන්න බැහැ. මාසෙකට වතාවක් ඔයාට ලැබෙන ක්‍රෙඩිට් කාඩ් මාසික ප්‍රකාශනයේ ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඔයා කරපු ගෙවීම් වෙනමයි ඔයාගේ දුව පුතා කරපු ගෙවීම් වෙනමයි විදිහට සටහන් කරල ඒවි. පැහැදිලිව ඔයාල දෙන්න වෙන වෙනම කරපු ගනුදෙනු හඳුනා ගන්න පුළුවන්
ඇත්තටම මේ ළමයින්ගේ ඔළුවට පොඩි කාලෙදිම මෙහෙම දේවල් දාන එක හොඳද. ඒගොල්ලන්ට මොකටද සල්ලි. දෙමව්පියෝ විදිහට අපි හැමදේම කරල දෙනවනම් මොන එහෙකටද ඒගොල්ලන්ට ක්‍රෙඩිට් කාඩ්.
මතක තියා ගන්න. දරුවන්ගේ හැමදේම කරල දෙන්න ඔයා හැමදාම ජිවත් වෙන්නේ නැහැ. ඔයාගේ අම්මයි තාත්තයි ඔයාට පොඩි කාලේදී ලෙහෙසියෙන්ම ගෙදරදීම හුරු කරන්න තිබුණු දේවල් එයාලා එච්චර දුරදිග හිතන්නේ නැතිව, එයාලම හැමදාම ඔයාට කරල දුන්නු නිසා, අද ඔයාට ඒ දේවල් තනියම කර ගන්න ගියාම මොනතරම් අභියෝගාත්මක ද කියල ඔයාටම වැටහෙනව ඇති. ඉතිං ආයෙත් ඔයා ඒකම ඔයාගේ දරුවන්ටත් කරන්නේ ඇයි.
ක්‍රෙඩිට් කාඩ් ඕන නැහැ. අරපරිස්සමෙන් අතට හම්බෙන්න සල්ලි ටිකවත් ප්‍රවේශමෙන් වියදම් කරන හැටි කියල දෙන්න. පාර් ලි මෙන්තුවේ 225 ට බැන බැන ඉඳල වැඩක් නැහැ. අපි හැම ගෙදරකම හැම දෙයක්ම සැලසුම්කරණයක් සහ කළමනාකරණයක් ආරම්භ කරන්න කාලේ ඇවිත්.
මොන ආණ්ඩුව ආවත් වැඩක් නැහැ අපේ ගෙදර නාස්තිය නවත්තගන්න අපිට බැරි නම්. ණයක් අරගෙන ඒක නැවත ආයෝජනය කරල අනෙක් පැත්තට ආදායමක් හදා ගැනීමේ ශිල්ප ක්‍රමය දන්නේ නැත්නම්. ඔහේ නිකම්ම හැමදාම ජොබ් එකකට ගිහිං මාසේ පඩිය අරගෙන ඒක වියදම් කරන එකවත්, පැන්ෂන් ගිහිං මාසේ අන්තිමට පැන්ෂන් එක අරගෙන ඒක වියදම් කරල දාන එකවත් නෙමෙයි ජාතියක් විදිහට නැඟිටින ක්‍රමේ. පුංචියට හරි තමන්ගේම කියල ආදායමක් නිර් මාණය කර ගෙන ඒ අනුව වියදම් සැලසුම් කර ගැනීමයි දියුණුවක ආරම්භය.
මේ ක්‍රියාදාමය අපේ රටේ හදන්න ඕන පොඩි එවුන්ගේ ඔළුව ඇතුලේ. වැඩිහිටියන්ව වෙනස් කරන්න අමාරුයි. අද අපි හරියට හදන පොඩි එවුන් ටික රට භාර ගත්තම, අවුරුදු සීයක් දෙසීයක් ඇතුළත අපි බලාපොරොත්තු වෙන සිස්ටම් චේන්ජ් එක සමහර විට සිද්ධ වේවි. එතකන් ඉතිං පුළුවන් තරම් කාලයක් මේ වගේ පෝස්ට් දදා ඉන්නම් ඉතිං.
ක්‍රෙඩිට් කාඩ් පතක් භාවිතා කිරීමේදී ඔබ විසින් සිදු නොකළ යුතු වැරදි 10 ක් එක පෙළට ක්‍රෙඩිට් කාඩ් එකකින් සැරින් සැරේ වියදම් කරන එකයි සැරින් සැරේ ඒකෙ ණය පියවගන්න එකයි හරියට බැලුවොත් නිකං ෆෝන් එකකට රිලෝඩ් ද දා කතා කරනව වගේ වැඩක්. චක්‍රයක් වගේ. මේ චක්‍රය ඇතුලේ අපි අතින් සිද්ද වෙන්න පුළුවන් වැරදි මොනවද කියල අද හඳුනා ගනිමු. වැරදි හදාගන්න ඕන විදියත් ඒ ගමන්ම බලාගෙන යමු.