2024/06/04

UK සිටින ශ්‍රී ලාංකික ඔබටත් දැන් DNA Payments සහ Alipay+ ගෙවීම් පහසුකම්

 



මේ නිව්ස් එක අපි දැක්කේ Businesswire වෙබ්සයිට් එකෙන්. දැන් අපේ රටේ ගොඩක් කට්ටිය ඉන්නේ UK නිසා මේ කෙටි විස්තරේ ප්‍රයෝජනවත් වෙයි කියල හිතුන. ඔයා මේ වෙලාවේ ඉන්නේ ලංකාවේ වුනාට ඔයාගේ ගොඩක් යාළුවො ඉන්නේ UK වෙන්න ඇති නේද. එහෙ ඔයා දන්න කාටහරි මේ තොරතුරු වැදගත් වෙයි කියල හිතුනොත් පොඩ්ඩක් දැනුවත් කරන්න.   

DNA Payments කියන්නේ ඔයා UK තියෙන ෂොප් එකකින් බඩු මොනව හරි ගන්න ගියොත් ඒකට ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් හරි ෆෝන් එකෙන් හරි ගෙවන්න පුළුවන් විධිහට හදල තියෙන සර් විස් එකක්. ඒකට අවශ්‍ය කරන බලය සහ බලපත්‍ර තියෙනවා ඒ අයට. ප්‍රධාන කාර් යාලය තියෙන්නේ ලන්ඩන්. තව ශාඛා ඇති. 

AliPay+ කියන්නෙත් DNA Payments වගේම සර් විස් එකක් තමයි. හැබැයි ඒගොල්ලෝ  DNA Payments වගේ UK වලට පමණක් සීමා නොවී ජාත්‍යන්තර මට්ටමින් සේවා සපයන ආයතනයක්. 

කොටින්ම AliPay+ වලට දේශ සීමා අදාලම නැහැ. ඔයා මොන රටකට ගියත් එහෙ AliPay+ සපෝට් කරන තැනක් තිවුනොත් ඔයාට ඔයාගේ AliPay+ e-wallet එකෙන් ගෙවන්න පුළුවන්. AliPay+ ලංකාවෙත් වැඩ. 

ආරංචිය හැටියට මේ සමාගම් දෙක ගිවිසුමකට එළඹිලා තියෙනව UK වලට එන විසිටස්ලට DNA Payments තියෙන ෂොප්ස් වල ඒගොල්ලන්ගේ AliPay+ e-wallet වලින් ගෙවීම් කරන්න පහසුකම් සලසල දෙන්න. 

පොස් මැෂින් එකක අවශ්‍යතාවය නැහැ. ෂොප් එකේ හැමෝටම පේන්න තියල තියෙන QR Code එකක් ඔයාගේ  ෆෝන් එකෙන් ස්කෑන් කරලා තමයි ගෙවීම් සිදු කරන්න තියෙන්නෙ. වැඩේ නම් ලේසි පාටයි.

මොකද කියන්නේ AliPay+ e-wallet එකක් හදාගෙන බලමුද. අපිට අපේ එදිනෙදා වැඩ ටික මේකෙන් ලේසි වෙනවනම්, ගාණත් අඩුනම් දිගටම තියාගන්න බැරුවය. හොඳ නැත්නම් විසි කරලා දාමු. ආයේ ඉතිං කවුරු මොනව කරන්නද. 

අතිරේක ක්‍රෙඩිට් කාඩ්පතක් ඔබගේ නමින් ඔබගේ දරුවාට ලබාදීම සුදුසුයි ද අතිරේක ක්‍රෙඩිට් කාඩ්පතක් කියල කියන්නේ ඔයා දැන් භාවිතා කරන ක්‍රෙඩිට් කාඩ් එක ලබාගෙන තියෙන බැංකුවෙන්ම, ඒ ක්‍රෙඩිට් කාඩ් එකටම සම්බන්ධ කරල, ඔයා ඇර වෙන කෙනෙක් වෙනුවෙන් ලබාගන්න ක්‍රෙඩිට් කාඩ් එකක්. දැනටමත් ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවනම් මේවගේ අතිරේක ක්‍රෙඩිට් කාඩ් කිහිපයක්ම සමහර බැංකු වලින් ගන්න පුළුවන්.