2024/06/06

Co-branded ක්‍රෙඩිට් කාඩ් ගැන අපි මොනවද දැනගෙන ඉන්න ඕන

 


ඊයේ පෙරේදා ඉන්දියාවේ ආදානි ගෘප් එක ඒගොල්ලන්ගේ පළවෙනි co-branded ක්‍රෙඩිට් කාඩ් එක හඳුන්වා දුන්න කියන නිව්ස් එක බුකිය රත් කළා. ඇත්තම කතාව මුකේෂ් අම්බානිගේ රිලයන්ස් ගෘප් වගේ ඉන්දියාවේ අනිත් කෝටිපති ගෘප් එක ගත්තම ආදානි ගෘප් එක පරක්කු වෙලා co-branded  සීන් එකට එන්නෙ. 

ලංකාවේනම් තාම co-branded ක්‍රෙඩිට් කාඩ් අපි දැකල නම් නැහැ. නමුත් ඉන්දියාවේ co-branded ක්‍රෙඩිට් කාඩ් ට්‍රෙන්ඩ් එක කොහොම කොහොම හරි මෙහෙටත් එයි කියල හිතෙන නිසා කෝකටත් co-branded ක්‍රෙඩිට් කාඩ් ගැන පොඩි විස්තරයක් සටහන් කරල තියන්නම්.

ඇත්තටම co-branded ක්‍රෙඩිට් කාඩ් මුලින්ම වාණිජ ලෝකයට එන්නේ 1980 දී වගේ විවිධ ඇමෙරිකානු ගුවන් සමාගම් විවිධ ඇමරිකානු බැංකු එක්ක ගිවිසුම්ගත වීමෙන්. 

ඇමරිකානු ගුවන් සමාගම් වලට ඕන වුනේ ඒගොල්ලන්ගේ ආදායම වැඩි කර ගන්නයි, ඒගොල්ලන්ගේ දැනට ඉන්න කස්ටමර් ස්ල - ඒ කියන්නේ ගුවන් මඟින් - වෙන ගුවන් සමාගම් වලට ඇදිල යන්න නොදී අල්ලල තියා ගන්නයි, අළුත් කස්ටමර් ස්ල වෙන ගුවන් සමාගම්වලින් තමන් ගාවට ඇදල ගන්නයි.

බැංකුවලට ඕන වුනෙත් ඒගොල්ලන්ගේ ආදායම වැඩි කර ගන්නයි,  ඒගොල්ලන්ගේ දැනට ඉන්න කස්ටමර් ස්ල වෙන බැංකුවලට ඇදිල යන්න නොදී අල්ලල තියා ගන්නයි, අළුත් කස්ටමර් ස්ල වෙන බැංකුවලින් තමන් ගාවට ඇදල ගන්නයි..

ඉතිං ඇමරිකානු බැංකුවලින් ඒ කාලයේ දුන්නු බැංකු ලාංජනය විතරක් තිවුණු branded ක්‍රෙඩිට් කාඩ්, ඇමරිකානු බැංකු සහ ඇමරිකානු ගුවන් සමාගම් ගිවිසුම් ගත වීමත් එක්ක, බැංකු ලාංජනයයි ගුවන් සමාගමේ ලාංජනයයි දෙකම තියෙන co-branded ක්‍රෙඩිට් කාඩ් විධියට වෙනස් වෙලා, ඇමරිකානු ජන සමාජයට එකතු වුනා. 

ඒ අවුරුදු හතළිහකට පනහකට ඉස්සර. හැබැයි තාමත් ඒ බිස්නස් එක සුපිරියටම දුවනව. ඇමරිකාවේ විතරක් නෙවෙයි - ලෝකේ හැමතැනම.

ඒ අතින් ඉන්දියාවේ ආදානි ගෘප් එක අවුරුදු පණහක් පරක්කුවෙලා බිස්නස් එකට ඇවිත් තියෙන්නෙ. ඒගොල්ලෝ නම් පරක්කු වෙලා හරි වැඩේට ඇත ගැහුවා. අපිනම් ඉතිං කවද මේවා පටන් ගනීද දන්නේ නැහැ. පටන් ගන්නත් ඉතිං මෙහෙම දෙයක් තියෙනව කියල හරි දැනගන්න එපැයි. ඒක තමයි මේ කොරන්නෙ.

අපේ රටේ co-branded ක්‍රෙඩිට් කාඩ් හඳුනවා දෙන්න පුළුවන් ගොඩක් ලොකු සමාගම් තියෙනව. ඇඳුම්, රෙදි පිළි, පෙට්‍රල්, ඩීසල්, ග්‍රොසරි, බර් ගර්, පිසා, ෂෝට් ඊට්ස්, කොත්තු වගේ ගොඩක් දේවල්වලට සම්බන්ධ ලොකු ලොකු සමාගම් ඔයත් එදිනෙදා දකිනවනේ. 

ඒ ගොල්ලෝ co-branded ක්‍රෙඩිට් කාඩ් හඳුන්වා දෙන්නේ නැත්තේ ඇයි කියන්න නම් අපිට තේරුම් ගන්න අමාරුයි. පාඩු වෙන්න හේතුවකුත් නැහැ ඉතිං. හොඳට බිස්නස් තියෙනවා. අපි නොදන්න මොකක් හරි හේතුවක් ඇති. 

අපි හිතමු ලංකාවේ හැම පළාතකම වගේ තියෙන ලොකු ඇඳුම් කඩයක් co-branded ක්‍රෙඩිට් කාඩ් එකක් හඳුන්වා දුන්න කියල. ඔයාට මේ co-branded ක්‍රෙඩිට් කාඩ් එක තියෙනවනම් ඔයාට වාසි ටිකක් වැඩිපුර ලැබෙනව.

බැංකුව පැත්තෙන් ලැබෙන වාසි වෙනම. ඇඳුම් කඩේ පැත්තෙන් ලැබෙන වාසි වෙනම. අනික මේක මේ නිකංම නිකං ලොයල්ටි කාඩ් එකක් නෙවෙයි. co-branded ක්‍රෙඩිට් කාඩ්එකක් කියන්නේ වීසා, මාස්ටර් කාඩ්, ඇමෙක්ස් වගේ සේවා ජාල වලට සම්බන්ධ ඒවා. ඒ කියන්නේ ඔයාට මේ co-branded ක්‍රෙඩිට් කාඩ් එක ලෝකේ ඕන තැනක භාවිතා කරන්න පුළුවන්. 

ලංකාවේ සමාගම් වැඩේට අත ගැහුවොත් සමහරවිට ඒගොල්ලන්ට වෙන රටවලටත් තමන්ගේ බිස්නස් එක ව්‍යාප්ත කර ගන්න පුළුවන් මූලික දොරටුවක් වෙන්නත් පුළුවන් මේ co-branded ක්‍රෙඩිට් කාඩ්. සමහරවිට ලංකාවේ සමාගම් වල වැඩ කරන අපේ කොල්ලෝ කෙල්ලොන්ට නිකං ඉඳල වගේ පිටරට ජොබ් එකක් සෙට් වෙන්නත් ඉඩ තියෙනව මේක නැගල ගියොත්. 

ඔන්න අපි දන්න දේ කල් තියා කිව්ව. වැඩේ ඉතුරුටික ඕගොල්ලන්ට භාරයි.

UK සිටින ශ්‍රී ලාංකික ඔබටත් දැන් DNA Payments සහ Alipay+ ගෙවීම් පහසුකම් මේ නිව්ස් එක අපි දැක්කේ Businesswire වෙබ්සයිට් එකෙන්. දැන් අපේ රටේ ගොඩක් කට්ටිය ඉන්නේ UK නිසා මේ කෙටි විස්තරේ ප්‍රයෝජනවත් වෙයි කියල හිතුන. ඔයා මේ වෙලාවේ ඉන්නේ ලංකාවේ වුනාට ඔයාගේ ගොඩක් යාළුවො ඉන්නේ UK වෙන්න ඇති නේද. එහෙ ඔයා දන්න කාටහරි මේ තොරතුරු වැදගත් වෙයි කියල හිතුනොත් පොඩ්ඩක් දැනුවත් කරන්න.