සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම තොරතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත.

travel abroad with credit card (විදේශගතවීම්)


ව්‍යාපාරික කටයුතු සඳහාත්, රැකියා කටයුතු සඳහාත්, අධ්‍යාපනික කටයුතු සඳහාත්, ආගමික හෝ දේශාටන කටයුතු සඳහාත්, රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීම සඳහාත්, විනෝදය පිණිසත්, තාවකාලික හෝ ස්ථිර පදිංචිය පිණිසත් වශයෙන් අපට විදේශගත වීමට හේතුවන අවස්ථා බොහෝය.

හේතුව කුමක් වුවත් එක් දෙයක් ස්ථිරය. විදේශ රටකට පා තැබූ මොහොතේ පටන් ඇත්තේ වියදමය. අදායම් ඉපැයීමක් සිදු කරන්නේනම් ඒ ව්‍යාපාරික හෝ රැකියා කටයුතු සඳහා නික්ම යන්නෝ පමණෙකි. ඔවුන්ට වුව ද එහිදී ගජරාමෙට වියදමය.

විදේශ රටවලදී අපට හෝටල් සහ නිවාඩු නිකේතන වල නතර වීමට සිදු වේ. කුලී රථ වල ගමන් කිරීමට සිදු වේ. සාගින්නේ සිටිය නොහැක. ආහාර පානාදිය සඳහා වියදම් කල යුතු වේ. සාප්පු සංකීර්ණයකට ඇතුලු වුවහොත් ඉතින් ඉවරෙටම ඉවරය.

පණිවිඩය පැහැදිලිය. විදේශ ගමනක් යනු මුල සිට අගටම වියපැහැදම් සෑදෙන අවාසනාවන්ත වාසනාවකි.

මෙම වියදම් දැරිය යුතුමය. ඒ පිලිබඳ ආයේ දෙකක් නැත. නමුත් අප අවධානය යොමු කල යුතු ගැටලුව එය නොවේ. මෙම වියදම් සිදු කල යුත්තේ කුමන මාධ්‍යයක් හරහාද යන්නත් (සංචාරක චෙක්පත්, විදේශ මුදල් නෝට්ටු, ක්‍රෙඩිට් කාඩ්) එම මාධ්‍යය භාවිතා කිරීමේදී අප සැලකිලිමත් විය යුත්තේ කුමන කරුණු පිළිබඳව ද යන්නත් ය.

මුදල් නෝට්ටු නිතර අවශ්‍ය වෙතත්, විදේශ රටකදී අපට දැරීමට සිදුවන වියදම සඳහා පහසුම, සරලතම ගෙවීම් මාධ්‍යයක් ලෙස ක්‍රෙඩිට් කාඩ්පත් සඳහන් කල හැක. විදේශ විණිමය අනුපාතිකයන් ගැන වද වීමට අවශ්‍යතාවයක් නැත.

නිදසුනක් ලෙස ඔබ ඉන්දියාවට යන විට අතැති මුදල් ලෙස ඉන්දියානු රුපියල් දස දහසක් රැගෙන යාමට අදහස් කලා යැයි සිතමු. එවිට ඔබ මෙහි සිටින බලයලත් විදේශ මුදල් අලෙවිකරුවෙකුගෙන් මෙම මුදල මිලදී ගත යුතුය. ඔබ ඔහුට ඉන්දියානු රුපියල් දස දහසකට සමාන රුපියල් ප්‍රමාණයක් ගෙවා (සමහරවිට ලංකා රුපියල් විසි දහසක් පමණ) මෙම ඉන්දියානු රුපියල් ප්‍රමාණය ඉන්දියාවට රැගෙන යනු ඇත.

එවැනි අවස්ථාවකදී ඔබගේ අරමුණ වන්නේ හැකිතාක් අඩු ලංකා රුපියල් ප්‍රමාණයකට හැකිතාක් වැඩි ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් ලබා ගැනීමයි. ඔබට වාසි වන්නේ එවිටයි. විදේශ විනිමය අනුපාතික විමසිල්ලෙන් නිරීක්ෂණය කල හොත් ඔබට මෙවැනි වාසි සහගත අවස්ථා විටින් විට උදා වෙයි.

මෙසේ පෙරුම් පුරා ලබා ගත් ඉන්දියානු රුපියල් ඉන්දියාවේදී ඔබ වියදම් කරන්නේ ප්‍රවේශමෙනි. මන්ද යත් ඔබට ඇත්තේ මෙපමණකි. ඔබ අතේ ලංකා රුපියල් තිබුනත් එහිදී ඒවායින් ඔබට වැඩක් නැත. ලංකා රුපියල්, ඉන්දියානු රුපියල් වලට මාරු කර දීමට හැකි නියෝජිතයින් සොයා ගැනීම ද එහිදී අසීරු කාරණයකි.

මේ ඉන්දියානු මුදල් නෝට්ටු යමෙකුට ඔබගෙන් පැහැරගැනීමට ද හැකියාවක් ඇත. පිහියක් පෙන්වා උදුරා ගෙන පලා ගිය පසු මොන දෙයියන්ට කියන්න ද?

ඔබ ක්‍රෙඩිට්කාඩ්පත් හිමිකරුවෙකු නම් ඉහත ගැටළු කිසිවකට මුහුණ පෑමට ඔබට අවශ්‍ය නැත. ඉන්දියානු රුපියල් මිලදී ගත යුතු නැත. එසේ මිලදී ගැනීමට සුදුසු අවස්ථාවක් ගැන කරදර විය යුතු නැත. (ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් විදේශයකදී ගෙවීම් කිරිම්දී ඔබට ලබා ගත හැකි වාසිදායකම විදේශ විනිමය අනුපාතිකය ස්වයංක්‍රීයව ඔබට හිමිවනු ඇත) මුදල් නෝට්ටු නිසා ඔබගේ ජීවිතය අවදානයට ලක් කල යුතු වන්නේ ද නැත.    

එහෙත් ක්‍රෙඩිට් කාඩ්පතක් තිබු පමණින් ඔබට සුදුසුම ගෙවීම් මාධ්‍යය එයමද? ඒ සඳහා ඔබ විසින්ද අනුගමනය කල යුතු ක්‍රියා මාර්ගයන් ද ඇත.

ඔබගේ බැංකුව අමතන්න. ඔබ විදේශගත වීමට බලාපොරොත්තු වන බව ඔවුන්ට දැනුම් දෙන්න. එසේම ඔබ විදේශගත වන රට, කාල වකවානුව සහ හදිසියකදී ඔබ ඇමතිය හැකි දුරකථන අංක ඔවුන් වෙත ලබා දෙන්න.

ඔබට ඔබගේ බැංකුව අමතිය හැකි දුරකථන අංක කිහිපයක්ම ලබා ගන්න.

ඔබ විදේශගත වන රටට අදාලව ඔබගේ බැංකුව විසින් ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතට සම්බන්ධ කොට සැඟවුණු ගාස්තු තිබිය හැක. සමහර ගාස්තු ඔබ සිදු කරන ගනුදෙනුවකට 2%ක් ආදී වශයෙන් නියම විය හැක. මේ පිලිබඳව ඔබගේ බැංකුවෙන් විමසුම් කරන්න.

ප්‍රවේශමෙන් ඔබ අත්සන් යෙදු ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම්පත්‍රයේ ගිවිසුම් ප්‍රකාශනය යලිත් කියවා බලන්න. සැකමුසු තැන් ඇත්නම් ඔබගේ බැංකුව සමඟ සාකච්ජා කරන්න.

විදේශයකදී ඔබ ක්‍රෙඩිට් කාඩ්පතින් ගනුදෙනුකරන අවස්ථාවකදී එහි මිල දර්ශකය ඇමරිකානු ඩොලර් වලින් සඳහන් කර තිබේ නම් ප්‍රවේශම් වන්න. සමහර විට ඔවුන් ඔබගේ කාඩ්පත භාරගෙන ගනුදෙනුව සිදු කරන්නේ ඇමරිකානු ඩොලර් වලින් නොවේ. එම රටේ දේශීය මුදලෙනි. එහිදී ද යම් ප්‍රමාණයක ලාභයක් ඔවුන් උපයා ගනිති.

ඔබ ළඟ නිරන්තරයෙන් ඔබගේ ගමන් බලපත්‍රය ලඟ තබා ගන්න. memory chip නොමැති magnetic stripe පමණක් ඇති ක්‍රෙඩිට් කාඩ්පත් සමහර විට ඔබ භාවිතා කරනු ඇත. මෙවන් කාඩ්පත් ඇතැම් විදේශ වෙළෙඳුන් ප්‍රතික්ෂේප කරති. එහෙත් ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීමෙන් ඔවුන්ගේ සැකය දුරු කල හැක.

අපේක්ෂා සඵලවන, ආරක්ෂා සහිත සුභ ගමනක් අපි ඔබට ප්‍රර්ථනා කරමු.


investopedia ඇසුරෙනි

No comments:

Post a Comment

මෙම බ්ලොග් අඩවිය ඔබට යම් ආකාරයක අත්වැලක් වී නම් ඉහත දැක්වෙන ඕනෑම social network එකක් හරහා ඔබගේ මිතුරන් අතර share කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබට සේම ඔවුන්ටද මෙම බ්ලොග් අඩවිය ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි.

ඔබ අපේක්ෂා කල තොරතුරු මෙහි අඩංගු නොවේ නම් කරුණාකර අපට දන්වන්න. හැකි සෑම අයුරකින්ම අපි ඔබ දැනුවත් කිරීමට සහය වෙමු.

ඔබට මෙම බ්ලොග් අඩවියේ යාවත්කාලින කිරීම් updates පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් වීම (RSS feeds) අවශ්‍ය නම් ඉහත Posts (Atom) භාවිතා කිරීම වඩා සුදුසුය.



අමතර වදනක්...
ඔබගේ බැංකුව සමඟ ඔබ සවිමත් සම්බන්ධතාවයක් ගොඩ නඟා ගැනීම ඔබට බෙහෙවින් වාසිදායකය.
ඔබ විසින් බැංකුව වෙත ඉදිරිපත් කරන ලිඛිත ඉල්ලීම් මේ සඳහා ඔබට උපකාරී වන එක් වැදගත් සාධකයකි.

එහි වැදගත්මක අවබෝධකරගත් අප විසින් ඒ වෙනුවෙන්ම වෙනම විශේෂ බ්ලොග් පිටුවක් ආදරණිය ඔබ වෙනුවෙන් සකස් කර ඇත්තෙමු. නොමිලේ ඔබ වෙත සැපයෙන මෙම PDF ලිපි බාගත කරගෙන එයින් මුද්‍රිත පිටපත් ලබාගෙන ඔබගේ බැංකු කටයතු වඩාත් පහසුවෙන් හා ආකර්ශණියව ඉටු කරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

අපගේ දැක්ම

ශ්‍රී ලංකාව තුළ හා ඉන් බැහැරව ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකික ක්‍රෙඩිට් කාඩ්පත් හිමිකරුවන්ගේ හදවතට වඩාත් සමීප වෘත්තිමය බ්ලොග් අඩවිය බවට පත් වීම.


අපගේ මෙහෙවර

ක්‍රෙඩිට් කාඩ්පත් සහ ඒ ආශ්‍රිත ඕනෑම ක්ෂේත්‍රයක් පිළිබඳව උනන්දුවක් දක්වන, අන්තර්ජාලයේ ඔබමොබ සැරිසරන, නීතිගරුක, විභව ගනුදෙනුකරුවන් හා සේවාදායකයන් හැකිතාක් අප වෙත ආකර්ෂණය කර ගනිමින්, උපදේශනය, දැනුවත් කිරීම, ව්‍යාපාරික හා රාජකාරි කටයුතු සඳහා ලිපි ලේඛණ සකස් කිරීම ආදී සේවා රැසක් ඔවුන් වෙත කඩිනමින් හා නිරවද්‍යව ලබා දෙමින්, ශ්‍රී ලාංකික ක්‍රෙඩිට් කාඩ්පත් ක්ෂේත්‍රය මුළුමනින්ම නැවුම් යුගයක් කරා වහ වහා රැගෙන යන්නෙමු.