සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම තොරතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත.

credit card lost (අස්ථානගතවීම්)


ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත අස්ථානගත වීම පිළිබඳව ඔබ බැරෑරුම්ව කල්පනා කළ යුතු වන්නේ ඇයි?

ඉන් එක් හේතුවක් නම් වෙනත් අයෙකු ඔබගේ ක්‍රෙඩිට් කාඩ් පත භාවිතා කර භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදී ඔහුගේ / ඇයගේ අනන්‍යතාවය identity තහවුරු කිරීමේ ක්‍රමයක් දැනට ශ්‍රී ලංකාව තුල පුළුල්ව ක්‍රියාත්මක නොවීමයි. 

මුදල් ලබා ගැනීමේදී නම් ATM යන්ත්‍රය PIN අංකය විමසනු ඇත. එහෙත් භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදී එවැනි තහවුරු කිරීමක් බොහෝ අවස්ථාවලදී සිදු නොවේ. 

ක්‍රෙඩිට් කාඩ්පතට අමතරව වෙළෙඳ ආයතනයේ අයකැමි cashier ගනුදෙනුකරුගෙන්  ඉල්ලා සිටින්නේ අදාල ගනුදෙනුව සඳහා නිකුත්වන රිසිට්පතට ගනුදෙනුකරුගේ අත්සන පමණි.

ගනුදෙනුකරුගේ නිදර්ශක අත්සනනම් specimen signature ඕනෑම ක්‍රෙඩිට් කාඩ්පතක පිටුපස පැහැදිලිව සඳහන් වනු ඇත. 

(ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතේ ඔබගේ ආදර්ශ අත්සන සඳහන් නොවේ නම් වහාම ඔබගේ බැංකුව අමතන්න) 

කාඩ්පතක පිටුපස එලෙස සඳහන් අත්සනත් ගනුදෙනුව සිදු කිරීමෙන් පසු ගනුදෙනුකරු යොදන අත්සනත් සසඳා බැලීම (compare) අයකැමි විසින් සිදු කරන්නේ නම් ඉතා අගනේය. එහෙත් මෙය ප්‍රයෝගිකව සිදු නොවේ (impractical). 

මෙනිසා ඕනෑම අයෙකුට ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත සොරා ගෙන ඒ හරහා නීතිවිරෝධී (illegal purchases) ලෙස භාණ්ඩ හා සේවා ලබා ගැනීම පහසුවෙන් සිදු කල හැක.

එසේම ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත සොරා ගත් තැනැත්තාට ඔබගේ අනන්‍යතාවයද පහසුවෙන් සොරා ගත හැක (identity theft). සරලව කියතොත් ඔබ වෙනුවට පෙනී සිටිමින් නොයෙකුත් වංචනික ක්‍රියාවන්වල නිරත විය හැක. නීතිය ඉදිරියේදී ඒ සියලු වංචනික ක්‍රියාවන්හි වගකීම පැවරෙන්නේ ඔබ වෙතය.


එසේ නම් ක්‍රෙඩිට් කාඩ්පත අස්ථානගත වීමකදී ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව ඔබ දැනුම්වත් විය යුතුය. නිසි පූර්වෝපායන් අනුගමනය කළයුතුය.

ප්‍රථමයෙන්ම ඔබ සිදු කළ යුත්තේ ඔබගේ කාඩ්පතේ සියලු තොරතුරු පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීමයි. මතක තබා ගැනීමයි. විශේෂයෙන් එහි ඇතුලත් ක්‍රෙඩිට් කාඩ්පත් අංකය සිහියේ රඳවා ගත හැකි නම් ඉතා අගනේය.  

නමුත් ඔබ භාවිතා කරන ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහල යන විට මෙය ප්‍රායෝගිකව අපහසු කර්තව්‍යයක් වනු ඇත. බොහෝ දෙනෙක් මේ සඳහා අනුගමනය කරන්නේ තම කාඩ්පත් සියල්ලේම ඡායාපිටපත් ලබා ගෙන ඒවා ලිපි ගොනු ගත කර තැබීමයි.

මෙම ඡායාපිටපත් වෙනත් තෙවන පාර්ශවයක් අතට පත්වන තාක් කල් ගැටලුවක් නොමැත. එහෙත් එවැන්නක් සිදු වුවහොත් ඉතින් ඉවරෙටම ඉවරය. ඒවායේ ඔබගේ කාඩ්පත් වල සියලු විස්තර ඇතුලත් වන නිසාවෙනි.


දෙවනුව ඔබ ඔබගේ බැංකුව සමඟ මනා සම්බන්ධතාවයක් පවත්වා ගත යුතුය. ඔබගේ දුරකථන අංකය, ලිපිනය හෝ විද්‍යුත් ලිපිනය වෙනස් වුවහොත් වහාම ඒ බව ඔබගේ බැංකුවට දැනුම් දිය යුතුය. ඔබගේ තොරතුරු නිසි ලෙස යාවත්කාලීන වීම ගැන වග බලා ගැනීමෙන් ඕනෑම හදිසි අවස් ථාවකදී ඔබගේ බැංකුවට ඔබව සම්බන්ධ කර ගත හැකි වනු ඇත.

මෙහි වටිනාකම ඔබට තේරුම් යනු ඇත්තේ කවරෙකු විසින් හෝ ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත සොරා ගත් විටය. සොරුන් ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කරන අවස්ථාවකදී ඉතා ඉක්මනින් ඔබගේ බැංකුවට වුවද සෘජුවම ඔබ අමතා යම් ක්‍රියා මාර්ගයකට එළඹිය හැක. 

සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම තොරතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත.

No comments:

Post a Comment

මෙම බ්ලොග් අඩවිය ඔබට යම් ආකාරයක අත්වැලක් වී නම් ඉහත දැක්වෙන ඕනෑම social network එකක් හරහා ඔබගේ මිතුරන් අතර share කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබට සේම ඔවුන්ටද මෙම බ්ලොග් අඩවිය ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි.

ඔබ අපේක්ෂා කල තොරතුරු මෙහි අඩංගු නොවේ නම් කරුණාකර අපට දන්වන්න. හැකි සෑම අයුරකින්ම අපි ඔබ දැනුවත් කිරීමට සහය වෙමු.

ඔබට මෙම බ්ලොග් අඩවියේ යාවත්කාලින කිරීම් updates පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් වීම (RSS feeds) අවශ්‍ය නම් ඉහත Posts (Atom) භාවිතා කිරීම වඩා සුදුසුය.



අමතර වදනක්...
ඔබගේ බැංකුව සමඟ ඔබ සවිමත් සම්බන්ධතාවයක් ගොඩ නඟා ගැනීම ඔබට බෙහෙවින් වාසිදායකය.
ඔබ විසින් බැංකුව වෙත ඉදිරිපත් කරන ලිඛිත ඉල්ලීම් මේ සඳහා ඔබට උපකාරී වන එක් වැදගත් සාධකයකි.

එහි වැදගත්මක අවබෝධකරගත් අප විසින් ඒ වෙනුවෙන්ම වෙනම විශේෂ බ්ලොග් පිටුවක් ආදරණිය ඔබ වෙනුවෙන් සකස් කර ඇත්තෙමු. නොමිලේ ඔබ වෙත සැපයෙන මෙම PDF ලිපි බාගත කරගෙන එයින් මුද්‍රිත පිටපත් ලබාගෙන ඔබගේ බැංකු කටයතු වඩාත් පහසුවෙන් හා ආකර්ශණියව ඉටු කරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

අපගේ දැක්ම

ශ්‍රී ලංකාව තුළ හා ඉන් බැහැරව ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකික ක්‍රෙඩිට් කාඩ්පත් හිමිකරුවන්ගේ හදවතට වඩාත් සමීප වෘත්තිමය බ්ලොග් අඩවිය බවට පත් වීම.


අපගේ මෙහෙවර

ක්‍රෙඩිට් කාඩ්පත් සහ ඒ ආශ්‍රිත ඕනෑම ක්ෂේත්‍රයක් පිළිබඳව උනන්දුවක් දක්වන, අන්තර්ජාලයේ ඔබමොබ සැරිසරන, නීතිගරුක, විභව ගනුදෙනුකරුවන් හා සේවාදායකයන් හැකිතාක් අප වෙත ආකර්ෂණය කර ගනිමින්, උපදේශනය, දැනුවත් කිරීම, ව්‍යාපාරික හා රාජකාරි කටයුතු සඳහා ලිපි ලේඛණ සකස් කිරීම ආදී සේවා රැසක් ඔවුන් වෙත කඩිනමින් හා නිරවද්‍යව ලබා දෙමින්, ශ්‍රී ලාංකික ක්‍රෙඩිට් කාඩ්පත් ක්ෂේත්‍රය මුළුමනින්ම නැවුම් යුගයක් කරා වහ වහා රැගෙන යන්නෙමු.